සිංහල ලිත් ඉලක්කම්
කුඩේ රට හා ජාතික ව්‍යාපාරය
පසුගිය දා නෙළුම් පොකුණේ ජාතික අපේක්ෂක ගෝඨාභයගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ජාතියට පිළිගැන්වීමෙන් පසු දින මා මාතලේ ආවා. ඊයේ (ඔක්තෝම්බර් 27 වැනි දා) මාත් බිරියත් ඇගේ සොහොයුරියකුත් සොහොයුරියගේ සැමියාත් ගෝඨාභයගේ මාතලේ රැස්වීමට ගියා. අප එහි යන විට පිටියෙහි පුටු සියල්ලෙහි ම මෙන් පැමිණ සිටි අය අසුන් ගෙන සිටියා. මගේ වාසනාවකට තරමක් ඈත කිසිවකු වාඩි වී නොසිටි පුටුවක් තිබුණා. එය අනෙක් අය අසුන් ගෙන සිටි පෙදෙසට ගෙනාවා. මා එහි අසුන් ගත්තා. දැන් අහන්න එපා භාර්යාවට අසුන නොදී මා වාඩි වූයේ ඇයි කියා. මා නරක මිනිහකු බව කලින් ලිපිවල කියා ඇති.
ටික වෙලාවකින් රැස්වීමත් වැස්සත් පටන් ගත්තා. ගෙවිඳු කුමාරතුංග කතා කළා. ඔහු 1817-18 හා 1848 නිදහස් සටන් ගැනත් ඒ සටන්වලට මාතලේ ඇති සම්බන්ධය ගැනත්, අමරසේකරටත් නොතේරෙන සභ්‍යත්ව රාජ්‍යය ගැනත් කිව්වා. එහෙත් ඔහු නිදහස් සටනට කිව්වේ කැරැල්ල කියා. රැස්ව සිටි අයට ඉතිහාසය වැඩක් නැහැ. ඉතිහාසය සම්මන්ත්‍රණවලට හොඳයි. මෙවැනි රැස්වීම්වලට සෙනග එන්නේ ප්‍රතිවාදීන්ට පහර දෙනු අසන්නට, තම අපේක්ෂකයාට හුරේ දමන්නට, කැමති මැතිවරණ ජනාධිපතිවරණ පොරොන්දු ඇසීමට. අඩුපාඩු තිබුණත් ගෙවිඳුගේ කතාව මා ඇතුළු ටික දෙනකු අගය කරන්න ඇති.
ජා නි පෙරමුණේ මුසම්මිල් අසන්නන් බලාපොරොත්තු වන කතාවක් කළා. ඔහු තම පක්ෂයේ වචන හා දේශපාලනය යොදා ගනිමින් පුතාණෝ විවේචනය කළා. බද්යුද්දීන්ට හකීම්ට දොස් කිව්වා. රැස්ව සිටි පිරිස ඔල්වරසන් දුන්නා. සරත් අමුණුගමත් කතා කළා. ඔහු 1956 මැතිවරණයේ පළමු ප්‍රතිඵලය ලැබුනේ මාතලෙන් බව කිව්වා. මටත් එය මතකයි. නිමල් කරුණාතිලක තමයි පනස්හයේ ජයග්‍රහණයේ පළමු වෙඩි මුරය තැබුවේ. සරත් කියා සිටියේ ගෝඨාභයගේ ජයග්රහණයේත් මුල මාතලෙන් පුරාවි කියා.
තවත් කිහිප දෙනකු අතරින් පතර කතා කළා. දිනේෂ් ගුණවර්ධන කතා කරන්න පටන් ගත්තා. වැස්ස තද කළා. කුඩ ඉහළුනා. පිටුපසින් සිටි කුඩ නැති පිරිසක් කෑ ගැහුවා. කුඩ අකුලන්න කියා. ඒ සමග ම ඔවුන් ඇහුවා කුඩේ ද රට ද කියා. මගේ සෞඛ්‍ය තත්වයත් පසුපසින් හිටි අයගේ යහපතත් හේතු කොට ගෙන අප කුඩේ තෝරා ගත්තා. අප රැස්වීමෙන් පිට වූවා. අනෙක් අය රට වෙනුවෙන් කුඩ ඉහළා ගෙන ම රැස්වීමට සහභාගි වූ බව පසුව දෙරණින් දැක්කා. අපට දිනේෂ්ගේ කතාවට සවන් දීමට බැරි වුනා.
මා රටට මෙන් ම කුඩේටත් කැමති බව ජාතික ව්‍යාපාරයේ බලවතුන් හා බවලතුන් දන්නවා වෙන්න පුළුවන්. ඔවුන්ට අනුව මා රටට එතරම් වැඩක් කරන අයකු නො වෙයි. මා කුඩේට කැමතියි. මට ඕන රට එක්සේසත් කරන්න. එක් සේසත් කරනවා කියන්නෙ රට එක කුඩයක් යටතට ගේන එක. ඒකඡත්‍ර කරනවා කියන්නෙ ඒකට. ඒ කාලෙ තිබුණු කුඩ කොහොම ද කියල මා දන්නේ නැහැ. ඒ කොහොම වුනත් මා ඒකඡත්රයට කැමතියි. අද වචනවලින් නම් ඒකීය රටකට කැමතියි. අර කුඩේ ද රට ද කියලා අහපු අය ඒක කල්පනා කරන්න නැතුව ඇති. කාට හරි කියන්න පුළුවන් රට ගැන තැකීමක් නැති මා වචන හරඹයකින් පැන යනවා කියා.
නෙළුම් පොකුණෙ රැස්වීමට මට ආරාධනය ලැබුණෙ ම එ පෙ මගින්. ජාතික ව්‍යාපාරයෙ තවත් කිහිප දෙනකුටත් ම එ පෙ මගින් ආරාධනා පත්‍ර ලැබිල තියෙනවා. දිනේෂ් ගුණවර්ධන මට කියා සිටියේ වේදිකාවෙ ජාතික ව්‍යාපාරයෙ අයටත් අසුන් ලැබෙන බවත් දේශපාලනඥයන් ඉඳ ගන්නෙ ශාලාවෙ අසුන්වල බවත්. මා හිතුව එය සංකේතකයක් ලෙස වුනත් හොඳ වැඩක් කියලා.
ගෝඨාභය ජනාධිපති අපේක්ෂකයා කරන්න කියන යෝජනාව පැමිණියෙ ජාතික ව්‍යාපාරයෙන්. ඔහු ජාතික අපේක්ෂකයා ලෙස නම් කෙරුණෙත් ජාතික ව්‍යාපාරයෙන්. පොදුජන පෙරමුණ හා ශ්‍රී ල නි පක්ෂය අතර සම්මුතියක් ඇති විය යුතු ය යන අදහස ලැබුණෙත් ජාතික ව්‍යාපාරයෙන්. ජාතික ව්‍යාපාරයෙන් කිව්වට සමස්ත ව්‍යාපාරයෙන් නො වෙයි.
ගෝඨාභයගෙ ප්‍රතිපත්ති ප්‍රකාශයෙ විධායක බලය ඊනියා නිසි තැන එනම් ව්‍යවස්ථාදායකයෙහි පිහිටුවිය යුතු ය කියන කතාව ඇතුළත් විය යුතු ය යන්න පරාජය කෙළෙත් ජාතික ව්‍යාපාරයයි. ජාතික ව්‍යාපාරයෙ ඉන්න බෙල් බොටම් විහාර මහා දේවිලට මාක්ස්වාදීන්ට, ප්‍රාඥයන්ට විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න ඕන වුනත් ජාතික ව්‍යාපාරයෙ බහුතරය එයට විරුද්ධව තදින් හිටිය. ජාතික ව්‍යාපාරයට පුළුවන් වුනා ජාතික විද්වද් භික්ෂු සංසදයෙ මාලිමාවෙ උතුර දකුණෙන් උතුරට හරවන්න.
මට දැන ගන්න ලැබී තිබුණු ආකාරයට ජාතික ව්‍යාපාරයට වේදිකාවෙ ආසන දෙකක් වෙන් කරල තිබුණා. මා පසුව දැන ගත්තෙ ඒ ඉදිරි පෙළේ කියලා. මා ගුණදාස අමරසේකරට පිටුපසින් වේදිකාවට ගොඩ වුනා. අමරසේකරට ඉදිරි පෙළ අසුනක් ලැබුණා. අසුන් පෙන් වූ යුවතියන් මට අමරසේකර ළඟ ඉඳ ගන්න දුන්නෙ නැහැ. ඔවුන් මා පසුපස පේළියට යැව්වා. මට එතැන නරක මිනිහා බව අමතක කරන්න සිද්ධ වුනා. මා කිසිවක් නොකියා පිටුපසට ගියා. පසුව අනුරුද්ධ පාදෙණිය පැමිණ අමරසේකරගේ වම් පසින් වාඩි වුණා.
මට පසුව දැන ගන්න ලැබුණා ජාතික ව්‍යාපාරයට ඉදිරි පෙළ වෙන් කර තිබූ අසුන් දෙකෙන් එකක් අමරසේකරටත් ඔහුගේ දකුණු පසින් වූ අනෙක ධනවත්, මාධ්‍ය අනුග්‍රහයත් මාක්ස්වාදී අනුග්‍රහයත් ඇති, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට විරුද්ධත්වයක් නැති බලවත් බවලතුකට දුන්න කියා. අමරසේකරත් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට විරූද්ධ වුනේ නැහැ. මා කලින් සඳහන් කළ ගෝඨාභය ජනාධිපති ධුරයට පත්කළ යුතු ය ආදී යෝජනා කළේ අමරසේකරවත් ඒ බවලතාවත් නොවෙයි. මා ප්‍රාඥයකුවත් උගතකුවත් ධනවත් බවලතකුවත් මාධ්‍ය බලය ඇත්තකුවත් නො වෙයි. පාදෙණිය ජාතික ව්‍යාපාරය නියෝජනය කළා ද දන්නෙත් නැහැ.
වේදිකාවේ අසුන් වෙන් කිරීම භාරව සිට ඇත්තේ ඩලස් අලහප්පෙරුම. ඔහුට අනුව මා ජාතික ව්‍යාපාරය නියෝජනය කිරීමට තරම් සුදුස්සකු නොවනවා ඇති. මා වෘත්තීයකයකුවත් ප්‍රතිපත්ති ප්‍රකාශය සකස් කිරීමට සහභාගි වූවකුවත් වෘත්තීය සමිති නියෝජිතයකුවත් නො වෙයි. මට ප්රශ්නය වී ඇත්තේ මා වේදිකාවට කැඳෙව්වෙ කා වෙනුවෙන් ද කියන එක. මා ජාතික ව්‍යාපාරයට එතරම් දෙයක් කර නොමැති බව පසුගිය දා බටහිර වෛද්‍යවරුන් පිරිසක් තමන් ජනාධිතිවරණය වෙනුවෙන් නිකුත් කළ ප්රකාශනයකින් ද පෙන්නුම් කළා. ඒ ගැන විස්තර සහිත ව පසුව කියන්නම්. එහෙත් එකක් පැහැදිලියි. අද ජාතික ව්‍යාපාරය මෙහෙයවෙන්නේ එක්තරා කණ්ඩායමක් මගින්. ඩලස් හා ඒ කණ්ඩායම අතර සම්බන්ධයක් තියෙනවා ද? දිනේෂ් මට ආරාධනා පත්‍රයක් එව්වේ වැරදීමකින් ද? ඔහු සමහර විට තවමත් හිතන් ඉන්නවා ඇති මා ජාතික ව්‍යාපාරය නියෝජනය කිරීමට සුදුස්සකු කියා.
මා රටත් කුඩයත් ජනතා සුබ සෙතත් තෝරා ගන්නා බව ඊයේ මාතලේ දී කුඩේ ද රට ද කියා ඇසු අය නොදන්නවා ඇති. ඔවුන් දැනුමක් තේරුමක් ඇති අය නො වෙයි. ඒ අයට කෙසේ වෙතත් සමහරුන්ට මා ජාතික ව්‍යාපාරයෙන් පන්නා දැමීමට අවශ්‍යයි. කලක් ඔවුන් මා කොන් කර සිටියා. එහෙත් මාස කිහිපයකට පෙර මා එකතු කර ගත්තා. ඔවුන්ට නැවතත් මා යවන්න අවශ්‍ය වෙලා. ඔවුන් මාතලේ කැ ගැසූ පිරිස වගේ නො වෙයි. ඔවුන් කෑ ගසන්නේ නැහැ. වැඩ හීන් නූලෙන්.
මේවා ප්‍රසිද්ධියේ කියන්නේ ඇයි ද කියා ප්‍රශ්නයක් නගන්න පුළුවන්. මා හිතන්නේ නැහැ මේ කරුණු අනෙක් අය දැනගත්තයි කියලා ගෝඨාභයගෙ ඡන්ද අඩුවෙයි කියලා. නෙළුම් මාවතේ වැඩවලට ගෝඨාභය වැරදි කරුවකු නො වෙයි.