Main Logo

Sunday 6 October 2019

සජිත් මුඛවික්‍රම


         සිංහල ලිත් ඉලක්කම් 



සජිත් මුඛවික්‍රම 

සජිත් ප්‍රේමදාස සංස්කෘතිය අපේ උරුමය රකින බව කියනවා. ඒ එක්කම කියනවා ඒ කතාව පිට වෙන්නෙ තම ශ්‍රී මුඛයෙන් කියලා. එයින් පැහැදිලි වෙන කාරණය සජිත් ප්‍රේමදාස සිංහල බෞද්ධ සංස්කෘතිය ගැන කිසිම දෙයක් දන්නෙ නැහැ කියන එක. සිංහල බෞද්ධයන් ශ්‍රී මුඛය ගැන සඳහන් කරන්නෙ බුදු හාමුදුරුවන් ගැන කියන විට මිසක දේශපාලනඥයන් ගැන කියන විට නො වෙයි. සජිත් කලක් ඉගෙන ගත්තෙ එංගලන්තෙ නිසා මේවා දන්නෙ නැතිව ඇති. ඒ කොහොම වුණත් ඔහු සිංහල බෞද්ධ සංස්කෘතිය ගැන නොදන්න බව පැහැදිලියි.


සිංහල බෞද්ධ සංස්කෘතිය ගැන නොදන්න කෙනෙක් සිංහල බෞද්ධ සංස්කෘතිය රකින්නෙ කොහොම ද? සජිත් ප්‍රේමදාස සිංහල බෞද්ධ සංස්කෘතියක් ගැන කියවන්නෙ අපේ උරුමයක් ගැන කියවන්නෙ ඡන්දය ගැනීමට මිස වෙනත් කාරණයකට නො වෙයි. තමන් නොදන්න සිංහල බෞද්ධ සංස්කෘතියක් රකින්න ඔහු උපදෙස් ගන්නෙ යළි උපන් (බෝන් අගේන්) ක්‍රිස්තියානින්ගෙන් ද? 

සජිත් ශ්‍රී මුඛය ගැන කියන කතාවට සිංහල සංස්කෘතිය රකින බව අපේ උරුමය රකින බව කියන කතාත් අදාළයි. ඔහු ශ්‍රී මුඛය ගැන කිව්වෙ සංස්කෘතිය රැකීම හා අපේ උරුමය ගැන කතා කළාට පස්සෙ එය විශ්වාස කිරීමට ජනතාවට කීම සඳහා. ඔහු කියා හිටියෙ තමා සංස්කෘතිය රැකීම ගැන කියන කතාව ජනතාව විශ්වාස කළ යුත්තෙ එය තමාගෙ ශ්‍රී මුඛයෙන් පිටවන නිසා බව. 

මෙය ශ්‍රී මුඛය නොවෙයි කට බොරු කිව්වත් දිව බොරු කියන්නෙ නැහැ වර්ගයේ කතාවක්. සජිත් කිව්වා තමා සංස්කෘතිය හා අපේ උරුමය රකින බව. ඒක පට්ටපල් බොරුවක්. ඒක කටින් කළ කතාව. ඒ සමග දිව ඉදිරිපත් වෙලා ශ්‍රී මුඛය ගැන කියෙව්වා. තමාටත් ශ්‍රී මුඛයක් ඇති බව සජිත් කියන කොට ම තේරෙනවා ඔහු ඊට පෙර කිව්ව සංස්කෘතිය හා අපේ උරුමය රැකීම කතාව බොරු බව. මෙයින් කියන්නෙ ශ්‍රී මුඛය කතාව ඇත්තක් නොව ඊට කලින් කී කතාව බොරුවක් බව. 

සජිත් පැය විසිහතර ම වැඩ කරනවයි කියනවා. ඔහු නිදාගන්නෙ නැත් ද? තුන් ලෝකයට ම වැඩ කළ බුදු හාමුදුරුවොත් එක් යාමයක් සැතපුණා. බුදුන් වහන්සේ දෙවියන්ට බඹුන්ට බණ කියන්න එක් යමක් වෙන් කර ගෙන තිබුණා. ඒත් සැතපීමටත් එක් යාමයක් තිබුණා. සජිත් වැඩ කරන්න යන්නෙ තුන් ලෝකෙට තියා මනුස්ස ලෝකෙටවත් නො වෙයි. ලංකාවට පමණයි. විදේශ සමග ගණුදෙනු කරන්නෙත් ලංකාව සම්බන්ධ ව පමණයි. 

ඒක එච්චර ලොකු වැඩක් වෙන්න බැහැ. තුන් ලෝකෙට ම වැඩ කළ බුදුන් වහන්සේත් එක් යාමයක්වත් සැතපුණා. සජිත් තමාට ශ්‍රී මුඛයක් තියෙනවා කිව්වට බුදුන් වහන්සේ මෙන් වැඩ කරන්න පුළුවන් අයකු නොවන බව පැහැදිලියි. ලංකාවට වැඩ කරන්න හැම දා නොනිදා ඉන්න ඕන ද? අදක්‍ෂයන්ට තමයි වැඩ කරන්න වෙලා යන්නෙ. දක්‍ෂයකු පැයකින් දෙකකින් කරන වැඩ කිරීමට අදක්‍ෂයකුට පැය හත අටක් යන්න පුළුවන්. සජිත් දක්‍ෂයකුට වැඩේ භාර දීල අයින් වෙනව නම් රටටත් හොඳයි. දිලිත් කැමති නම් සජිත්ට 24 නාළිකාවෙ වැඩ දෙන්න පුළුවන්. 

සමහර විට සජිත්ට නින්ද යන්නෙ නැත් ද දන්නෙ නැහැ. ඒක එක්කො ලෙඩක් නැත්නම් ආධ්‍යාත්මික ව දියුණු අයට ඇති හැකි ගුණයක්. සජිත්ගෙ තාත්තා නම් කතා කෙරුවෙ නැති බැරි අය ඇති හැකි අය බවට පත් කරන්න. ඒත් එය කරන්න තරම් හැකියාවක් තාත්තට තිබුණෙ නැහැ. පුතා වුණත් ඇති හැකි අයකු වෙලා නැහැ. ආධ්‍යාත්මික ව හැකියාවක් තිබුණත්  නොනිදා සිටින අය විරලයි. සජිත් කියන කරන දෙයින් නම් ඔහුට ආධ්‍යාත්මික ශක්තියක් තියෙනව කියල හිතන්න බැහැ.

මට රනිල් මතක් වෙනවා. ඔහු තම කතාවල කියනව එහෙම නම් මෙහෙමයි (ඊෆ...ටහඑන) කතා. ඉහත සඳහන් කරුණු අනුව  සජිත් ගැනත් කියන්න පුළුවන් එහෙම නම් සජිත්ගෙ හැකියා සහ සෞඛ්‍යය ගැන ප්‍රශ්න තියෙනවා කියලා. සජිත් නරක ද සුවපති මුණ ගැසුණොත්. 

සුවපති ගැන ආරංචියක් නැහැ. ඔහු අර වියන්ගොඩයි තේනුවරයි දාපු නඩුව ගැන කලින් කියෙව්වා. වජිර අබේවර්ධන ගැනත් කියෙව්වා. ඒත් සැලැස්ම හරි ගියෙ නැත් ද? නඩුව හරියට කතා කෙළෙ නැද්ද? නීිතිඥයො වරද්ද ගත්ත ද? සුවපති සුව නින්දෙ ද? නැගිට්ට වෙලාවක සජිත් ගිහින් කතා කළොත් නරක ද?  

සුවපති දන්නෙ බටහිර වෙදකම ද? කාලො නැති එකත් පාඩුවක්. නිකමටවත්, කම්මැලිකමටවත් වාදයක් කරන්න කිසිවකු නැහැ. කාලොට තේරුණෙ නැහැ බටහිර වෙදකමේ බෙහෙත් කරන්නෙ ලෙඩේට මිස ලෙඩාට නොවන බවත් සිංහල වෙදකමේ ලෙඩාට බෙහෙත් කරන බවත්. ලංඩනයේ ඉන්නෙ ලෙඩාට දෙන බෙහෙත් පෙත්ත ම අගුණකොළපැලැස්සෙ ලෙඩෙකුට දෙන්නෙ වාස්තවික ලෙඩ්ඩු ඉන්නවයි කියල හිතා ගෙන ද? වාස්තවික ලෙඩත් නැහැ. සජිත් සිංහල වෙදමහතකු මුණ ගැහෙනවා නම් සුවපති මුණ ගැහෙනවාට වඩා හොඳ වෙන්න පුළුවන්.

සජිත් අර පාස්කු ප්‍රහාරය කාලෙ හිටියෙ නැගිටලා ද? එතුමාගෙ අර මුඛයෙන් ඒ දවස්වල කිසිවක් අහන්න නොලැබුණෙ මොක ද? ඒ මුඛය පූට්ටු වෙලා තිබුණ ද? දැන්වත් මුඛය ඇරලා ඒ ගැන කියනවා ද? අප නම් ආසයි අහන්න සුසජිත් ඉස්සර නැතුවත් ඔබේ මුවින්, එක වදනක් හෝ කියන්න මුමුණා සහාරාන් ගැන ඔබ දන්න දෙයක්.