Main Logo

Showing posts with label Rajitha. Show all posts
Showing posts with label Rajitha. Show all posts

Thursday, 14 May 2020

සුමන්තිරන් හා තැබෑරුම්

                                                   සිංහල ලිත් ඉලක්කම්

0  1   2    3    4   5  6  7  8  9






සුමන්තිරන් හා තැබෑරුම් 


සුමන්තිරන් අගමැති රාජපක්‍ෂ  හමුවෙලා. සුමන්තිරන්ට දෙමළ පක්‍ෂ විරෝධය පාලා.  ඔහු කොටි සංවිධානය ගැන කී ඇතැම් දේට දෙමළ පක්‍ෂ කිපුණු බවක් පේන්න තියෙනවා. ඒ අතර මුහුදු මහා විහාරයට හිමි අක්කර තිහක් පමණ ආපසු විහාරයට එක් කිරීමට ජනාධිපති රාජපක්‍ෂගේ නායකත්වයෙන් යුත් ආණ්ඩුව තීරණය කරලා. දුම් හට්ටිය නාවික හමුදා රෝහලේ අල්ලනවාට ඇතැම් බටහිර වෙදමහතුන් විරුද්ධ වෙලා. ඊයේ තැබෑරුම් ඇරිය ම මිනිසුන් පොර කකා බෝතල් ගන්න ගිහින්. කිසිම නීතියක් රීතියක් නැතිව ඔවුන් පොර කාලා. සමහර විට ඒ අයගෙන් ඇහුව නම් කියන්න බැරි නැහැ අර පන්දාහ තාම ලැබුණෙ නැහැ කියලත්. එක් අයකු කිව්වා තමන් බෝතල් ගත්තෙ නැත්නම් කසිප්පු කාරයො රජ වෙනවා කියලත්. ඒකත් හොඳ තර්කයක්. 

Wednesday, 18 March 2020

රාජිත තීරණ හා ශිෂ්ටබව

  සිංහල ලිත් ඉලක්කම්


රාජිත  තීරණ හා ශිෂ්ටබව



රාජිත සේනාරත්න කියල ජනාධිපති මැච් එකක් නවත්තල නැහැ කියලා. එ කියමන හරියට ම පැහැදිලි නැහැ. ජනාධිපතිට මැච් එක නවත්තන්න බැරි වෙලා ද? එහෙමත් නැත්නම් ඒ ගැන උනන්දුවක් තිබිලා නැද්ද? ඒත් රාජිතගෙ තවත් අගනා ප්‍රකාශයකින් මට හිතුණෙ මැච් එකක් නවත්තන්න බැරි ජනාධිපතිකම මොහොකට ද කියලා. 

Saturday, 11 January 2020

දේශපාලනික ව පත්වීම් දීම හා නොදීම

  සිංහල ලිත් ඉලක්කම්


දේශපාලනික ව පත්වීම් දීම හා නොදීම


රන්ජන් රාමනායක කියන්නේ මෙරට දේශපාලනයේ නීතියේ රාජ්‍ය සේවයේ පමණක් නොව ඊනියා ප්‍රභූ ගණිකාවන්ගේත් තත්වය කාටත් තේරෙන පරිදි රටට හෙළි කිරීමෙන් යම් සේවයක් කළ අයෙක්. එහෙත් ඔහුගේ හඬපට තව තවත් නිකුත් වීමත් සමග ඔහු සුපුරුදු පරිදි නිදහස් වේය කියා මට හිතෙනවා. ඔහුගේ හඬපට සමාජයේ බලතල දරණ පුද්ගලයන්ට ප්‍රශ්නයක් වන විට වෙනත් ජවනිකාවක් ඉදිරියට ඇවිත් රන්ජන්ගේ හඬපට නොඇසී යනු ඇති. කොහොමත් කිසිම චිත්‍රපටයක්, එහි රන්ජන් රාමනායක රඟපෑවත් වැඩි කලක් ප්‍රදර්ශනය කරන්න බැහැ. 

Sunday, 5 January 2020

පොලිස් කෝලම හා තවත් කෝලම්

  සිංහල ලිත් ඉලක්කම්


පොලිස් කෝලම හා තවත් කෝලම්



රන්ජන් රාමනායක අත්අඩංගුවට අරගෙන. ටික දවසකින් ඇප මත එන්න පුළුවන්. රාජිතට නම් තවම අසනීප වෙන්න ඕන. රන්ජන්ට පේන්න නම් අසනීපයක් නැහැ. චම්පක සුපුරුදු විධියට රාජපක්‍ෂ විරෝධී දේශපාලනයක යෙදෙනවා. ඔහුගේ දේශපාලනය අද හැකිනම් ජනාධිපති වීමටත්, රාජපක්‍ෂලාට දඬුවම් දීමටත් සීමා වෙලා. අනෙක් කතා සියල්ල ඒ වෙනුවෙන්. තව අත්අඩංගුවට අරගෙන ඇප දෙන්න ඉන්නෙ කවුද? වොයිස්කට් දේශපාලනය වගේ ම අර මාංචු දැම්මට පස්සෙ අත් ඔසවන එකත් බලල එපාවෙලා. 

Wednesday, 1 January 2020

තිස්ස අත්තනායකගේ තර්කය


     සිංහල ලිත් ඉලක්කම්



  • තිස්ස අත්තනායකගේ තර්කය

තිස්ස අත්තනායක කියන්නෙ කෘතහස්ත දේශපාලනඥයෙක්. ඔහුට තම පක්‍ෂයෙ යම් යම් ප්‍රශ්න තිබුණු බව බොහෝ දෙනා දැන සිටියා. කෘතහස්ත අත්තනායක දේශපාලනයෙ වැඩිය දකින්න හිටියෙ නැහැ. ඒත් සජිතාගමනයත් එක්ක අත්තනායකත් වැඩට බැස්සා. සජිතාගමනය අවගමනයක් වුණා. ඒත් කෘතහස්ත අත්තනායක තර්කයක් ඉදිරිපත් කරලා.

Tuesday, 31 December 2019

රාජිත චම්පක ගානියා හා තවත් දේ

 සිංහල ලිත් ඉලක්කම්


රාජිත චම්පක ගානියා හා තවත් දේ


සජිත් බොහොම බරපතළ දේ ගැන කතා කරනවා. ජනාධිපතිවරණයෙන් පස්සෙ නැතිව හිටපු සජිත්ගෙ ඩයිනමෝව හා එංජිම නැවත ක්‍රියාත්මක වෙනවා වගේ. සජිත් ඒවා ගරාජයට දාලා තියෙන්න ඇති. දෙයියන්ගෙ පිහිටෙන් සජිත්ට හෘදයාබාධ නැහැ. ආතතියකුත් නැති පාටයි. ඔහු තාම තරුණයි. රාජිතට හා චම්පකට වඩා තරුණයි. ඔහු රාජිත හා චම්පක බලන්නත් ගිහින්. මට ඔහුගෙන් පොඩි ප්‍රශ්නයක් අහන්න තියෙනවා. ජාතික ගීය දෙමළෙන් ගැයීම ගැන ඔහු මොක ද කියන්නෙ. ඔහුත් හිටි ආණ්ඩුවකින් තමයි 2015 -2019 කාලයෙ ජාතික ගීය දෙමළෙන් ගැයුවෙ. ඔහු එය අනුමත කළ බවයි පේන්න තියෙන්නෙ. බොහෝ දෙනාට මතක නැති වුණාට ජාතික ගීය දෙමළෙන් ගැයීමට ජාතික ව්‍යාපාරයෙ සමහර ගිහි පැවිදි ප්‍රධානීන් ද එකඟ වුණා. 

Friday, 27 December 2019

කිඹුල් භාෂණයේ නිදහස පිටුපස එන විශ්වාසභංගය

සිංහල ලිත් ඉලක්කම් 


කිඹුල් භාෂණයේ නිදහස පිටුපස එන විශ්වාසභංගය




රාජිත වටා එ ජා පෙරමුණ, දෙමළ ජාතික සංධානය, මුස්ලිම් කොංග්‍රසය, ජ වි පෙ එකතු වෙන බව පේනවා. ඔවුන් එකතු වෙනවාට වඩා බටහිරයන් ඔවුන් එකතු කරන්නේ ය යන්න වඩා සංගතයි. කලකට පසු  අනුර රනිල්දාස කතා කළා. ඔහු රාජිත වගේ හැංගිලා ඉඳලා නැහැ. එහෙත් ලජ්ජාවට හැංගිලා ඉඳලා. සියයට තුනෙන් පසු ඔහුට සියයට හයේ මිතුරන් සමග ඉන්න එක ප්‍රශ්නයක් වෙන්න ඇති. ඔහුට දැන් නව මිතුරන් ඉන්න බවකුත් පෙනී ගියා. 

Monday, 23 December 2019

ජ වි පෙ වටා කතා

   සිංහල ලිත් ඉලක්කම්


ජ වි පෙ වටා කතා



ජ වි පෙරමුණේ ඉන්න හොඳ සහෝදරයකු කියල ඇතැමුන්ගේ ප්‍රසාදයට ලක් වෙන ලාල්කාන්ත තමා කවුද යන්න හොඳහැටි ප්‍රකාශ කරමින් ගානියා පැහැර ගෙන ගිය බව කියල තිබුණා. ලාල්කාන්ත ඒ බව දැන ගත්තෙ කොහොමද කියන එක ප්‍රශ්නයක්. ජ වි පෙ කිසිවකු හොඳ වෙන්නෙ කොහොමද යන ප්‍රශ්නය තියෙනවා. 1971 හරි 1987-90 කාලයෙ හරි ජ වි පෙ හිටිය කිසිවකු එකල ජ වි පෙරමුණෙන් සිද්ධ වෙච්ච මිනීමැරුම් ගැන අඩු තරමෙන් පසුතැවෙන්නෙවත් නැත්නම්  ඒ කිසිවකු හොඳ වෙන්නෙ කොහොමද? ඒ සියල්ල ගැන දැන දැනත් අදත් ජ වි පෙරමුණෙ ඉන්න අය ගැන මොනව කියන්න ද? 

Thursday, 19 December 2019

චම්පක හා සුමන්තිරන්ගෙ දෙමළ ජාතිවාදය

   සිංහල ලිත් ඉලක්කම්


චම්පක හා සුමන්තිරන්ගෙ දෙමළ ජාතිවාදය 



චම්පක අත්අඩංගුවට ගැණුනෙ ආණ්ඩුව වෙනස් වූ නිසා. කාට හරි ඒක එහෙම නොවෙයි කියල කියන්න පුළුවන්. ඒත් පහුගිය ආණ්ඩුව කාලෙ ඔහු අත්අඩංගුවට ගැණුනෙ නැහැ. කොහොම වුනත් චම්පක අත්අඩංගුවට ගත්ත එක හොඳයි. රිය අනතුරු සිද්ධිය හොඳට හොයල බලල උසාවියට චෝදනා ඉදිරිපත් කරන්න ඕන. ඔහු පමණක් නොවෙයි තවත් අයත් අත්අඩංගුවට ගන්න ඕන. රනිල් රාජිත වැන්නන් ගැනත් හොයන්න ඕන. ඔවුන් අත්අඩංගුවට ගන්න ප්‍රමාණවත් හේතු නැද්ද? තාජුඩීන්, ලසන්ත, එක්නැලිගොඩ, ශානි අබේසේකර, කන්දප්පා පමණක් නොවෙයි ගානියා ගැනත් ස්විට්සර්ලන්ත හා වෙනත් තානාපතින් ගැනත් හොයන්න ඕන. රිචඩ් සොයිසාත් බටලන්දත් අපට අමතක කරන්න බැහැ. ඒත් මේ කිසිවක් නීතියට අනුව ම පමණක් කෙරෙයි ද? මෙතෙක් කල් මේ දේශපාලනයට සම්බන්ධ චෝදනා කිසිවක් නීතියට පමණක් අනුව සිද්ධ වුනෙ නැහැ. 

Tuesday, 3 December 2019

ජනමාධ්‍ය, මහා දවල් හමු වූ ස්ත්‍රිය හා ඈ ගැන දන්නෝ

 සිංහල ලිත් ඉලක්කම්

ජනමාධ්‍ය, මහා දවල් හමු වූ ස්ත්‍රිය හා ඈ ගැන දන්නෝ


මේ ලිපිය ලියන්න ටික වෙලාවකට කලින් කසිකබල් ජනමාධ්‍යයක කසිකබල් ජනමාධ්‍යවේදියකු මට කතා කළා. ඔහු මොකට කතා කළා ද කියාවත් අහන්න මට වුවමනාවක් තිබුණෙ නැහැ. ඔහු ලියා ඇති දේ මා කියවා තිබෙනවා. ඔහුට අනුව මා අප්‍රබුද්ධයෙක්. මෝඩයෙක්. නැති දෙවියන් ඇතැයි කියා හිතන මිථ්‍යාමතධාරියෙක්. ඔහුට අනුව කාලෝ ෆොාන්සේකා බුද්ධිමතෙක්, යථාර්ථවාදියෙක්. සිංහල විරෝධී චිත්‍රපටි අධ්‍යක්‍ෂවරුන් පුළුල් මනසක් ඇති මහා පුරුෂයන්. ඔහු වැඩ කරන්නෙ රජයෙ ජනමාධ්‍යයක. ඔහු තමන් දන්න සීමිත වචනවලින් කියන්න පටන්ගත්තා මට ආදරෙයි කියලත්. මට බයකුත් හිතුණා. ඔහු ප්‍රබුද්ධ සමරිසියකු ද දන්නෙ නැහැ. 

Tuesday, 12 November 2019

ජනාධිපතිවරණ නොනගතය

  සිංහල ලිත් ඉලක්කම්


ජනාධිපතිවරණ නොනගතය


ජනාධිපතිවරණයෙහි දී අඩුවෙන් ම කතා වුනෙ ආධ්‍යාත්මික ගුණ වගාව. ආර්ථිකය, දේශපාලනය ගැන අවශ්‍ය ප්‍රමාණයටත් වඩා කතා වුනා. නමුත් සංස්කෘතික පැත්ත ගැන කතා කෙරුණෙ අඩුවෙන්. අවුරුදු දෙදහස් පන්සීයක ඉතිහාසය හා සංස්කෘතිය ගැන කියවුනත් ආධ්‍යාත්මික ගුණ වගාව ගැන කතා කෙරුණා නම් ඒ ඉතා අඩුවෙන්. 

Sunday, 6 October 2019

සජිත් මුඛවික්‍රම


         සිංහල ලිත් ඉලක්කම් 



සජිත් මුඛවික්‍රම 

සජිත් ප්‍රේමදාස සංස්කෘතිය අපේ උරුමය රකින බව කියනවා. ඒ එක්කම කියනවා ඒ කතාව පිට වෙන්නෙ තම ශ්‍රී මුඛයෙන් කියලා. එයින් පැහැදිලි වෙන කාරණය සජිත් ප්‍රේමදාස සිංහල බෞද්ධ සංස්කෘතිය ගැන කිසිම දෙයක් දන්නෙ නැහැ කියන එක. සිංහල බෞද්ධයන් ශ්‍රී මුඛය ගැන සඳහන් කරන්නෙ බුදු හාමුදුරුවන් ගැන කියන විට මිසක දේශපාලනඥයන් ගැන කියන විට නො වෙයි. සජිත් කලක් ඉගෙන ගත්තෙ එංගලන්තෙ නිසා මේවා දන්නෙ නැතිව ඇති. ඒ කොහොම වුණත් ඔහු සිංහල බෞද්ධ සංස්කෘතිය ගැන නොදන්න බව පැහැදිලියි.

Friday, 2 August 2019

වම දකුණ හා ජාතිකත්වය

වම දකුණ හා ජාතිකත්වය 



බේරීම් කමිටුවේ තේරුමක් ඇති ප්‍රශ්න අසන්නේ සරත් ෆොන්සේකා පමණයි. අනෙක් අය එක්කෝ රනිල් ඔහුගේ ගෝලයන් බටහිරයන් හා සෞදි අරාබිය බේරා ගැනීමේ ව්‍යායාමයක යෙදී ඉන්නවා නැත්නම් තම පඬිබව පෙන්නන්න හදනවා. මා පදනම් වන්නේ ජනමාධ්‍ය වාර්තා මත පමණක් වන බැවින් මා වැරදි වෙන්න පුළුවන්. කෙසේ වෙතත් ඇතැම් රාජ්‍ය නිලධාරීන් තම තම පක්‍ෂපාතීත්ව අනුව ඒ ඒ දේශපාලනඥයන් නිලධාරීන් බේරා ගැනීමට සාක්කි දෙන ආකාරය පැහැදිලි වෙනවා.

Wednesday, 19 June 2019

නැවෙන් පැනීම හා අපේක්‍ෂකත්වයට ගැනීම

නැවෙන් පැනීම හා අපේක්‍ෂකත්වයට ගැනීම

ජනතා විමුක්ති පෙරමුණ යැයි කියා ගන්නා ජනතා විරෝධී පෙරමුණේ ලාල් කාන්ත පසුගිය දා රාජිත සේනාරත්න ගැන හොඳ ප්‍රකාශයක් කර තිබුණා. රාජිත චීන සිගරට් ගෙන්වීම මුල් කර ගෙන ආණ්ඩුවෙන් අස්වීමට සූදානම් බව ප්‍රකාශ කළ විට ලාල් කාන්ත කියා තිබුණේ ගිලෙන නැවෙන් පනින්නට සුදානම් වන බවක්. ඒත් ලාල් කාන්ත හා ඔහුගේ නායක අනුර දාසනායක අමතක කර තිබූ කරුණක් වූයේ තමන් ද ගිලෙන නැවෙන් පනින්නට සූදානම් වන බවයි. 

අනුර දාසනායක මේ දුර්දාන්ත ආණ්ඩුවේ ඇමතිවරයකු නොවන්න පුළුවන්. ඒත් ඔහු ආණ්ඩුවේ මුර බල්ලාටත් එහා ගිය අයෙක්. මේ දුර්දාන්ත ආණ්ඩුව (දැන් ආණ්ඩු දෙකක්) බලයට පත් කිරීමට දර දිය ඇද්ද අය අතර දාසනායකලා හා ලාල් කාන්තලා ඉන්නවා. ඒ කියන්නේ ඔවුන්වත් චම්පකලාවත් රාජිතලාවාත් මේ ආණ්ඩුව බලයට පත් කළ බවක් නො වෙයි. ඔවුන්ට එවැනි කාර්යයක් කරන්න බැහැ. මේ ආණ්ඩුව බලයට පත් කෙරුණේ බටහිර රටවල් හා ඉන්දියාව විසින්. අදත් මෛත්‍රිපාල වටා ඉන්දීය ඔත්තු කරුවන් ඉන්නවා. මෛත්‍රිපාල වැඩිය සවන් දෙන්නේ මේ ඉන්දීය ඔත්තු කරුවන්ට මිසක් පැරණි ශ්‍රී ල නි පාක්‍ෂිකයන්ට නො වෙයි. මෛත්‍රිපාල පැරණි ශ්‍රී ල නි පාක්‍ෂික මන්ත්‍රීවරුන්ට දෙන පොරොන්දු ඉන්දීය ඔත්තු කරුවන් විසින් වෙනස් කෙරෙනවා. මා නොකීවාට ජ්‍යෙෂ්ඨ ශ්‍රී ල නි පාක්‍ෂිකයන්ට ඒ ගැන වැටහීමක් තියෙන්න ඕන.  

ජ වි පෙ අද නැව් බඳේ එක් කකුලකුත් නැවෙන් පිට එක් කකුලකුත් තියා ගෙන ඉන්නෙ. ඔවුන් ආපසු නැවට ගියෙ නැත්තන් වෙන්න තියෙන්නෙ මුහුදෙ ගිලිලා මැරෙන එක විතරයි. ආපහු ගියොත් වෙන්නෙ නැවත් එක්ක ගිලෙන එක. දෙකෙන් කෝක කළත් වෙනසක් නැහැ. රාජිතටත් ඒ සන්තෑසිය ම තමයි. තව මාස කිහිපයක් මාධ්‍ය සාකච්ඡා පවත්වමින් ඉන්න පුළුවන්. 

මාධ්‍ය අපට සහාය දුන්නත් නැතත් අප කියන දේ විකෘත කර ප්‍රචාරය කළත් අප අපේ වෑයම ඉදිරියට ගෙන යනවා. ඒ සිංහල බෞද්ධ රාජ්‍යය යළි පිහිටුවීම. අප එහි පළමු රැස්වීම ඊයේ කුලියාපිටියේ උඩුබද්දාවේ දී පැවැත්තුවා. එය එහි සංවිධානය කෙරුණේ කුලියාපිටියේ සිහල සෙනග සංවිධානය මගින්. එහි දී අපට තවත් තැන් කිහිපයකින් රැස්වීම් පැවැත්වීමට ආරාධනය කෙරුණා. 

අපට අවශ්‍ය බටහිරයන් විසින් නැති කෙරුණු සිංහල බෞද්ධ රාජ්‍යය යළි පිහිටුවන්න. ඊනියා නිදහස ලැබී අවුරුදු හැත්තෑවකට වැඩි කලක් ගියත් අප තවමත් සංස්කෘතික වශයෙන් ක්‍රිස්තියානි රාජ්‍යයක්. සිංහල බෞද්ධ රාජ්‍යය යළි පිහිටුවනවා කියන්නෙ සිංහල බෞද්ධයනට වෙන ම රාජ්‍යයක් ඉල්ලන එක නො වෙයි. බටහිර නූතනත්වය කියන්නෙ ක්‍රිස්තියානිය (කතෝලික නො වෙයි) මුල් කර ගත් සංස්කෘතියක බිහි වුණු ප්‍රපංචයක්. 

අපේ ආදි නිර්මාණත් බටහිර නූතනත්වයෙ තියෙනවා. ඒ අපේ සංකල්ප ඔවුන්ගෙ සංකල්ප කර ගැනීමෙන් පසුව. බෞද්ධයන්ගෙ ශූන්‍යය (සිංහලයන් ඒ සඳහා යොදාගත් සංකේතය ( ් ) හල් කිරීම. දැනට ලෝකයේ ශූන්‍ය සඳහා භාවිතා කර ඇති පැරණි ම සංකේතය තියෙන්නෙ සීගිරියෙ කියල හිතන්න පුළුවන්) නොවෙයි බටහිර ගණිතඥයන්ගෙ ශූන්‍යය. අපේ ශූන්‍යය චතුස්කෝටිකය පදනම් කර ගත් එකක්. බටහිරයන් එය ද්විකෝටකය තුළට ගත්තා. ශූන්‍යයේ නිර්මාතෘවරුන් බෞද්ධයන් (බොහෝ විට සිංහල බෞද්ධයන්) වුණත් අද අප යොදා ගන්නෙ බටහිරයන් තම සංස්කෘතිය තුළට අවශෝෂණය කර ගත් (උරා ගත්) ශූන්‍යයක්. නූතනත්වය බිහි වුණෙ ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනයේ මිසක් සිංහල බෞද්ධ චින්තනයේ නො වෙයි. සිංහල බෞද්ධයකු වත්මන් බටහිර ගණිතයට දී ඇති නව සංකල්පයක් නැහැ.

ඒ කොහොම වුණත් අද අපට වැදගත් වන්නෙ ජනාධිපතිවරණයෙ දි සිංහල බෞද්ධ රාජ්‍යය යළි පිහිටීවීමට ප්‍රතිඥා දෙන අපේක්‍ෂකයකු ජනාධිපති ධුරයට පත් කර ගැනීම. මේ අපේක්‍ෂකයා තෝරා ගැනීම ප්‍රධාන දේශපාලන පක්‍ෂවලට පැවරිය යුතු නැහැ. එ ජා පෙරමුණවත් ශ්‍රී ල නි පක්‍ෂයවත් පොහොට්ටුවවත් දෙමළ මුස්ලිම් ජාතිවාදී ආගම්වදී පක්‍ෂවත් සිංහල බෞද්ධ රාජ්‍යය යළි පිහිටුවන අපේක්‍ෂකයකු තෝරා ගැනීමට සුදුසු නැහැ. ඒ පක්‍ෂවල විවිධ න්‍යාය පත්‍ර ක්‍රියාත්මක වෙනවා.

සමාජවාදය කියන්නෙ මාක්ස්වාදී අර්ථයෙන් කිසි දා වලංගු නොවූ සංකල්පයක්. කාට හරි ප්‍රළුවන් ද ලෝකයේ ඇති ඊනියා සමාජවාදී රටක් නම් කරන්න. ලංකාවෙ ව්‍යවස්ථාවෙ නම් තියෙනවා සමාජවාදී කියලා. බලාගෙන යනකොට ඒ සමාජවාදී රාජ්‍යයෙ අගමැති රනිල්! ඊට වඩා සමාජවාදයක් තියෙන්න පුළුවන් ද? මේ සමාජවදයක් මිස වෙන දෙයක් නො වෙයි. 

ගෝඨාභය ජනාධිපති අපේක්‍ෂකයා වී ඇත්තේ ජනතා කැමැත්තෙන් මිස පොහොට්ටුවේ කැමැත්තෙන් නො වෙයි. පොහොට්ටුව බැසිල්ගේ නිර්මාණයක් නො වෙයි. බැසිල් පොහොට්ටුවේ උප්පැන්න සහතිකයේ පියා සඳහන් වන කොටුවේ නම ලියා ගෙන. අද පොහොට්ටුවේ ඉන්න හරි ඉන්න බව අඟවන හරි දැවැන්තයන් නුගේගොඩ රැස්වීම දින හිටියේ කොහේ ද? එක්කෝ පිටරට නැත්නම් ගෙවල්වල, එහෙමත් නැත්නම් නුගේගොඩ කඩවල, වේදිකාවේ නම් නොවෙයි. මේ අයට ජනාධිපති අපේක්‍ෂකයා තේරීමට ඇති අයිතිය කුමක් ද? 

ශ්‍රී ල නි පක්‍ෂයටත් ඒ අයිතිය නැහැ. ඉන්දීය ඔත්තු කරුවන් විසින් මෙහෙයවනු ලැබ මෛත්‍රිපාල සමග රනිල්ට එකතු වූ ඔවුන්ටත් සිංහල බෞද්ධ රාජ්‍යය යළි පිහිටුවන අපේක්‍ෂකයා තේරීමට අයීතියක් නැහැ. රනිල්ගේවත් සජිත්ගේවත් කරුණාරත්න ජයසූරියගෙවත් එ ජා පක්‍ෂයකටවත් ඒ අයිතිය නැහැ.

ජනතාව ඒ අපේක්‍ෂකයා තෝරා ගනිවි. මෙරට එක්සත් රාජ්‍යවල මෙන් ජනාධිපති අපේක්‍ෂකයා තෝරන ප්‍රාථමික ඡන්ද නැහැ. තිබුණත් තියෙන්නෙ පක්‍ෂවල. ඒකෙන් වැඩක් නැහැ. මා හිතන්නේ ජනතාව දැනටමත් ගෝඨාභය තෝරා ගෙන ඉවරයි. ප්‍රශ්නය වන්නේ යම් හේතුවක් නිසා ගෝඨාභයට ඉදිරිපත් වීමට නොහැකි වුවහොත් කරන්නේ කුමක් ද යන්නයි. අපි එයටත් මුහුණ දෙමු. ඒ වෙනත් රාජපක්‍ෂ කෙනකු නම් නොවිය යුතු බවයි මගේ හැඟීම.   

Saturday, 3 November 2018

නටපු තොවිළෙකුත් නැහැ බෙරේ පලුවකුත් නැහැ

නටපු තොවිළෙකුත් නැහැ බෙරේ පලුවකුත් නැහැ

සිකුරාදා ඊනියා ජාතික ආණ්ඩුවක් පිහිටුවන බවට පාරම් බෑ රාජිත චම්පක ආදීන් කතානායක සමග රැස්වීමක් තියලා මහින්ද පත් කරගත් විධිය වැරදියි කියලා. අදාළ යෝජනාවට ජ වි පෙ හා දෙමළ ජාතික සංධානයෙ ආපු නාපු සියල්ලන් එකතු කර ගත් විට 118ක් ලැබෙනවා. එහෙත් එයිනුත් දෙමළ ජාතික සංධානයෙ වියලේන්දිරන් නියෝජ්‍ය ඇමති ධුරයක් ලබා ගෙන. දැන් එතකොට තියෙන්නෙ 117යි. ඔය 117 දෙනාත් ආණ්ඩුවක් පිහිටුවන්න එකඟ වෙලා නැහැ. එකඟ වුණත් මරණාධාර සමිති පිහිටුවනවා වගේ ආණ්ඩු පිහිටුවන්න බැහැ. ආණ්ඩු පිහිටුවන එක ජනාධිපතිගෙ වැඩක් මිස කතානායකගෙවත් වෙනත් කාගෙවක්වත් වැඩක් නො වෙයි. චම්පකගෙයි රාජිතගෙයි අනෙක් අයගෙයි ඊනියා ජාතික ආණ්ඩුව පුස්සක් වෙලා.

Thursday, 18 October 2018

රෝ රෝ රෝ යුවර් බෝට්


රෝ රෝ රෝ යුවර් බෝට්



Row, row, row your boat, Gently down the stream. Merrily, merrily, merrily, merrily, Life is but a dream. මේ ඉතා ජනප්‍රිය ඉංගිරිසි ළමා ගීයක්. මෙහි තවත් ස්වරූප තියෙනවා. එහෙත් මුල් පද වෙනස් වෙන්නෙ නැහැ. ඉන් එකක් මෙසේයි. Row, row, row your boat, Gently down the stream. If you see a crocodile, Don't forget to scream. මෙහි රෝ කියන්නේ අප දැන් කතා කරන ඉන්දීය රෝ (RAW) සංවිධානය නොවෙයි. පැදීමක්, ඔරු පැදීමක් ගැනයි කියැවෙන්නෙ. නැහැ මේ කසිකබල් පඬියන් කියන කියවීම නො වෙයි. ඔවුන් දන්නෙ ඉංගිරිසි පොත්වල කෑලි හොයා ගෙන සිංහලෙන් කියවන්න. මේ ළමා ගීයේ දෙවැනි ස්වරූපයෙන් කියැවෙන්නේ ගඟ පහළට ඔබේ ඔරුව සන්සුන් ව පදින්න. කිඹුලකු දුටුවොත් මොර දෙන්න අමතක නොකරන්න. මේ කියන්නේ තළියෙහි කිඹුලන් දැකීමක් නොව ගඟේ කිඹුලන් දැකීමක්.

Wednesday, 22 August 2018

ඊනියා යුද්ධ ස්මාරක


ඊනියා යුද්ධ ස්මාරක



විග්නේස්වරන් හුදෙක් පුවත් මවන්නකු නො වෙයි. ඔහු සිංහලයන්ට විරුද්ධ ව සාමාන්‍ය දෙමළ කතා කරන ජනයා උසිගන්වන නූතන චෙල්වනායගම් කෙනෙක්. ඔහුට අවශ්‍ය තවත් ප්‍රභාකරන් කෙනකු බිහි කිරීම පමණයි. හිටපු විනිශ්චයකාරයකු දෙමළ කතා කරන ජනයාට මෙරට තැනක් නැහැ කියන එක ගැන පුදුම වෙන්නත් බැහැ. ඔහු ප්‍රසිද්ධ දේශපාලනයට යන්න පෙර ඉංගිරිසි කතා කරන අයෙක්. ඉංගිරිසි කතා කරන කියන එකෙන් මා අදහස් කරන්නෙ ඉංගිරිසි කතා කරන්න පුළුවන් කියන එක නො වෙයි. තම සමාජ ආශ්‍රයේ දී වැඩි පුර යොදා ගන්න භාෂාව ඉංගිරිසි කියන එකයි.

Thursday, 17 May 2018

මෛත්‍රිපාල රාජිත කී දේ අනුමත කරනවා ද?


මෛත්‍රිපාල රාජිත කී දේ අනුමත කරනවා ද?



මේ ආණ්ඩුවේ තීරණ ගන්නේ කවුද යන ප්‍රශ්නය කලක සිට පවතිනවා. අමාත්‍ය මණ්ඩල තීරණ ප්‍රකාශ කරන මාධ්‍ය සාකච්ඡාව අවුලක්. දැන් දයාසිරි ජයසේකර නැහැ. ඒ නිසා මෛත්‍රිපාල ස්ථාවරය ප්‍රකාශ වන්නෙ නැහැ. රාජිත ප්‍රකාශ කරන්නේ කාගේ මතය ද? ආණ්ඩුවේ මතය ද නැත්නම් ඔහුගේ පෞද්ගලික මතය ද? ජනාධිපතිට අඩුම තරමෙන් මාධ්‍ය සාකච්ඡා කෙරෙහි යම් විනයක් ඇති කිරීමට නොහැකි ද?

Wednesday, 28 March 2018

විශ්වාසභංගයෙන් පසු


විශ්වාසභංගයෙන් පසු



විශ්වාසභංගයට තව ඇත්තේ සතියක කාලයක්. විශ්වාසභංගයෙන් පසු කුමක් සිදුවේ ද යන ප්‍රශ්නය බොහෝ දෙනාගේ සිත්වල තියෙන්න පුළුවන්. සමහරවිට ඒ ගැන කතා කිරීම පිළිබඳ ව ඇතැමුන් විරුද්ධ වන්නත් පුළුවන්. විශ්වාසභංග යෝජනාව තවත් රංගනයක් පමණක් ලෙස හිතන දාර්ශනිකයනුත් ඉන්න පුළුවන්. මේ රටේ පඬියන් අමුතු ම ආකාරයක පිරිස්. මා විද්‍යාව පට්ටපල් බොරු යැයි කී විට එයට විරුද්ධ ව මැරෙන්න ලැහැස්ති වුණු පඬියන් අද කියනවා ඕක කියන්න දෙයක් ය, හැම දෙයක් ම බොරු බව අපි දන්නවා කියා. නලින් ද සිල්වා කිව්වත් නැතත් හැම දෙයක් ම බොරු කියලා.

Monday, 26 February 2018

නැති රෙද්ද සේදීම



නැති රෙද්ද සේදීම


මහින්ද ජාතිකත්වය නියෝජනය කිරීම යනුවෙන් ඊයේ පළ වූ ලිපිය වෙන දා ලිපි කියවන අයවත් කියවලා නැති බව පැහැදිලියි. මහින්දවාදීන්ට මේ ලිපි අරුචි වෙන්න පුළුවන්. ඔවුන් කැමති වුවත් නැතත් ඒ ලිපියේ ඉතිරි කොටස් පසුව පළවේවි. අද පුවත්පත්වල පළ වී ඇති ප්‍රවෘත්ති දෙකකට අවධානය යොමු කරනවා. ඉන් එකක් රෝහල්වල රෙදි සේදීම ගැන. අනෙක ආණ්ඩුවේ රෙදි සේදීම ගැන. පසුගිය මැතිවරණ සමයේ දී මෛත්‍රිපාල කියා සිටියා කොළේ ඉරාගෙන ඇඟේ හලාගෙන කටයුතු කිරීමක් ගැන. එසේ වීමේ දී රෙද්ද ද කිළිටි වෙනවා. ඒ රෙදි සෝදාගන්න එකයි අද ප්‍රශ්නය.