සිංහල ලිත් ඉලක්කම්
සජිත් මුඛවික්‍රම
සජිත් ප්‍රේමදාස සංස්කෘතිය අපේ උරුමය රකින බව කියනවා. ඒ එක්කම කියනවා ඒ කතාව පිට වෙන්නෙ තම ශ්‍රී මුඛයෙන් කියලා. එයින් පැහැදිලි වෙන කාරණය සජිත් ප්‍රේමදාස සිංහල බෞද්ධ සංස්කෘතිය ගැන කිසිම දෙයක් දන්නෙ නැහැ කියන එක. සිංහල බෞද්ධයන් ශ්‍රී මුඛය ගැන සඳහන් කරන්නෙ බුදු හාමුදුරුවන් ගැන කියන විට මිසක දේශපාලනඥයන් ගැන කියන විට නො වෙයි. සජිත් කලක් ඉගෙන ගත්තෙ එංගලන්තෙ නිසා මේවා දන්නෙ නැතිව ඇති. ඒ කොහොම වුණත් ඔහු සිංහල බෞද්ධ සංස්කෘතිය ගැන නොදන්න බව පැහැදිලියි.