Main Logo

Showing posts with label Zen Buddhagama. Show all posts
Showing posts with label Zen Buddhagama. Show all posts

Saturday, 16 November 2019

තුප්පහි උගත් නයි හා කැලණි නයි

  සිංහල ලිත් ඉලක්කම්


තුප්පහි උගත් නයි හා කැලණි නයි


  1. අද රටේ අනාගතය තීරණය කරන දවසක්. තීරණය කුමක් ද කියා අනාවැකි පළ කිරීමට නොනගත වෙලාවෙ දි මා උත්සාහ කරන්නේ නැහැ. මේ කාලය නිහඬ කාලය කියා තමයි මැතිවරණ කොමිසම කියන්නෙ. මෙය නිහඬ කාලයක් ම නො වෙයි. විවිධ පුද්ගලයන් විවිධ දේ කියනවා. මෙය නිහඬ කාලයක් නොව ප්‍රවර්ධන කටයුතු නොකරන කාලයක්. මා හිතන්නේ ඒ සඳහා සුදුසු ම වචනය නොනගත කාලය කියා. නොනගතය යන්න බටහිර සංකල්පයක් නො වෙයි. අප අපේ සංස්කෘතියෙන් වචන හොයනවා වෙනුවට කරන්නේ බටහිර සංකල්ප පරිවර්තනය කරන එක. 

Saturday, 20 April 2019

බුදුහාමුදුරුවො නාගදීපයට වැඩියෙ කවද ද?

බුදුහාමුදුරුවො නාගදීපයට වැඩියෙ කවද ද?

අප යමක් විශ්වාස කරන්නේ කෙසේ ද යන ප්‍රශ්නයට පිළිතුරක් සපයන්න මා මේ ලිපියෙන් අදහස් කරන්නේ නැහැ. එය සංස්කෘතික ආර්ථික දේශපාලනික වැඩක්. එය ආධිපත්‍යය පිළිබඳ ප්‍රශ්නයක්. විශ්වාසය පිළිබඳ ප්‍රශ්නයක්. අප යමක් විශ්වාස කරන්නේ අප සමාජයේ විශ්වාස කරන යම් පිරිසක් යම් කරුණක් විශ්වාස කරන බැවින් වීම ප්‍රධාන සාධකයක්. එහි චක්‍රීය බවක් තියෙනවා. එහෙත් එය චක්‍රිය චින්තනය පිළිබඳ නිර්වචනයක් නොවෙයි. තේරෙන්නේ නැත්තන් සෙන් බුදුදහමේ කියමන් ටිකක් කියවන්න.  සෙන් බුදුදහමේ වචනයෙන් කියන්න බැරි දේ වචනයෙන් කියන්න හදනවා. මුළු බුදුහමේ ම කරන්න හදන්නේ වචනයෙන් කියන්න බැරි දේ වචනයෙන් කීමටයි. බුදුදහම සහ සියළු දැනුම් පද්ධතීන් අතර වෙනස එයයි. බුදුදහම දැනුම් පද්ධතියක් නො වෙයි. එහෙත් එය දැනුම් පද්ධතියක් ලෙස ප්‍රකාශ කරන්න සිද්ධ වුණා. ඒක තමයි මා බුදුහාමුදුරුවන්ගෙ ප්‍රශ්නය කියල කියන්නෙ. අද සමහරු නිවනත් වචනයෙන් කියන්න පුළුවන් කියනව. ඒ ගැන ආචාර්ය උපාධිත් ගන්නවා. ඒ බටහිර ක්‍රිස්තියානි නූතනත්වයට යටවෙලා.    අපි පසුව ඉඩ ලැබෙන පරිදි මේ සියල්ල ගැන කතා කරමු. ඉඩ ලැබෙන පරිදි යන්නට මාරයා දෙන ඉඩත් ඇතුළත් වෙනවා.