Main Logo

Showing posts with label Confederation. Show all posts
Showing posts with label Confederation. Show all posts

Saturday, 14 December 2019

ජනමාධ්‍යවේදියා, අමරසේකර හා රෝසි

 සිංහල ලිත් ඉලක්කම්

ජනමාධ්‍යවේදියා, අමරසේකර හා රෝසි 


ලෝකය පුරා ජාතිකත් ව මත පැතිරෙනවා. එංගලන්ත (එක්සත් රාජධානි) මැතිවරණය කොන්සර්වෙටිව් පක්‍ෂය ජයගෙන ඇත්තේ විශාල බහුතරයක් සහිතව. ඊයේ ලිපිය ලියන විට සම්පූර්ණ ප්‍රතිඵල නිකුත් වී තිබුණේ නැහැ. එංගලන්තය හා ස්කොට්ලන්තය ඡන්දය දී ඇති අයුරින් පැහැදිලි වෙනවා ඔවුනොවුන්ගේ ජාතිකත්වය. එංගලන්තයට (බිරිතානියට) යුරෝපා සංගමයෙන්  ඉවත් වීම සඳහා ජොන්සන්ට වරමක් ලැබී තිබෙනවා. ඉංගිරිසින්ට අවශ්‍යයි යුරෝපා සංගමයෙන් වෙන් වන්න. ස්කොට් ජාතිකයන්ට අවශ්‍යයි බිරිතානියෙන් වෙන් වන්න. එක්සත් රාජධානිය කියන්නේ පඬියන් අපට කුමක් කීවත් ඒකීය රාජ්‍යයක් නොවෙයි. එය සහසන්ධීය රාජ්‍යයක්. එංගලන්තය හා ස්කොට්ලන්තය වෙන ම රාජ්‍ය දෙකක්. ඒ එකතු වීමෙන් තමයි (වේල්සයත් සමග) බිරිතානිය සෑදී තිබෙන්නේ. ස්කොට්ලන්තය බිරිතානියෙන් වෙන් වීම කාලය පිළිබඳ ප්‍රශ්නයක් පමණයි. 

Thursday, 24 January 2019

සුමන්තිරන් අපිත් සූදානම්


සුමන්තිරන් අපිත් සූදානම්





සුමන්තිරන් දෙරණ වාදපිටියට ඇවිත්. මා එය නැරඹුවේ ඊයේ. සුමන්තිරන් කී දේ ඉතා පැහැදිලියි. එයින් කියන්නේ ඔහු විවෘත ව කතා කළ බව නො වෙයි. ඔහු රනිල්ගෙ නිවුන් සොහොයුරෙක් වගේ. සුමන්තිරන් බොහෝ දේ හංගන්න තැත්කරත් ඔහුට රනිල්ට මෙන්ම එයට හැකියාවක් නැහැ. ඔහු සිංහලයන්ට තර්ජනයක් ද කළා. සිංහලයන් සුමන්තිරන්ලාට ව්‍යවස්ථා සංශෝධනයට ඉඩ නොදුන්නොත් උතුරේ ජනතාව තමන්ට වඩා දැඩි ක්‍රියා මාර්ගවලට යන අය තෝරා ගනීවි කියා. අප එයට බය නැහැ. ඒ කරුණු දෙකක් නිසා. උතුරේ ජනතාව එවැනි ක්‍රියා මාර්ගවලට යෑමට ඇති ඉඩකඩ ඉතා අඩුයි. විග්නේස්වරන්ගේ අසාර්ථක උත්සාහයෙන් ඒ බව පැහැදිලි වෙනවා. දෙවනුව යම්කිසිවකු ප්‍රභාකරන් මෙන් බලහත්කාරයෙන් එවැන්නක් කළහොත් ඔහුටත් අත් වෙන්නෙ ප්‍රභාකරන්ගෙ ඉරණම ම තමයි. බටහිරයන්ට, වෙල්ලාල ප්‍රභූන්ට හා සිංහල පඬියන්ට මිස දෙමළ කතා කරන ජනයාට සිංහල බෞද්ධ විරෝධයක් නැහැ. 

Tuesday, 22 January 2019

ඔරුමිත්තනාඩු හෙවත් සහසංධීය රාජ්‍යය


ඔරුමිත්තනාඩු හෙවත් සහසංධීය රාජ්‍යය





ඒබ්‍රහම් සුමන්තිරන් එක්තරා රූපවාහිනී නාළිකාවක් සමග පවත්වන ලද සාකච්ඡාවක දී මේ ආණ්ඩුව හා නව ව්‍යවස්ථාව ගැන තම අදහස් ප්‍රකාශ කර තියෙනවා. ඔහු දේශපාලනය ගැන උනන්දුවක් දක්වන බොහෝ දෙනා කියන කතාවක් සනාථ කර තිබෙනවා. මේ ආණ්ඩුව එ ජා පෙරමුණේ හා දෙමළ ජාතික සංධානයේ ආණඩුවක් ලෙස හඳුන්වන්න පුළුවන්. ආණ්ඩුවට බහුතරයක් ලැබෙන්නේ, එනම් 113 ලැබෙන්නේ දෙමළ ජාතික සංධානයෙන්. එහි කටයුතු කෙරෙන්නේ දෙමළ ජාතික සංධානයේ අවශ්‍යතාවන්ට යටත් ව. ආණ්ඩුවේ නිල අගමැති රනිල්. නිල නොවන අගමැති සුමන්තිරන්. මෙය රනිල් සුමන්තිරන් ආණ්ඩව, ඇංග්ලිකන් මෙතෝදිස්ත ආණ්ඩුව ආදී නම්වලින් හඳුන්වන්න පුළුවන්.

Sunday, 20 January 2019

මාමාගෙන් සංධීය බෑණාගෙන් සහසංධීය


මාමාගෙන් සංධීය බෑණාගෙන් සහසංධීය



අපට අදත් නව ව්‍යවස්ථා කෙටුම්පතෙහි පළමු ව්‍යවස්ථාවෙන් ම නැවතත් ආරම්භ කරන්න සිද්ධ වෙනවා. නව ව්‍යවස්ථාව කිසිසේත් ම ඒකීය රාජ්‍යයක් සඳහා නොවෙයි. මෙය සම වන්නේ සහසන්ධීය රාජ්‍යයකටයි. ඊනියා ඒකීය කතාවක් කියන අතර ම ඔරුමිත්තනාඩුවක් ගැන ද සිංහල මෙන් ම ඉංගිරිසි පිටපත්වල කියනවා. දෙමළ පිටපතේ ද එසේ ම වන්න ඕන. ඒකීය රාජ්‍යයක් ගැන කීව ද පළමුවැනි ව්‍යවස්ථාවෙන් නිර්වචනය කෙරෙන්නේ සංධීය රාජ්‍යයකට එහා ගිය එකක්.  අප කලින් දිනයක ද උපුටා දැක් වූ පළමවුැනි ව්‍යවස්ථාව මෙසේයි.