Main Logo

Showing posts with label JHU. Show all posts
Showing posts with label JHU. Show all posts

Wednesday, 29 July 2020

මැතිවරණයට සතියයි, සතියෙන් වැඩ කරමු.

                        

                                                 සිංහල ලිත් ඉලක්කම්

0  1        3      4    5   6   7    8    9




මැතිවරණයට සතියයි, සතියෙන් වැඩ කරමු. 

2020 මහා මැතිවරණයට තව ඇත්තේ හරියට ම සතියයි. විවිධ බලපෑම් මැද මැතිවරණය කල් දමා ගැනීමට අවලංගු කරවා ගැනීමට දැරූ සියලු උත්සාහයන් පරාජය වී මැතිවරණය පැවැත්වෙනවා. මා කල් ඇතිව ම සිතා සිටි ආකාරයට ම මැතිවරණය පැවැත්වෙන්නේ නුවර පෙරහැර කාලයේ. එසේ නොවන්නටත් ඉඩ තිබුණා. එහෙත් අවසානයේ දී එසේ වෙන්න යනවා. 

Thursday, 12 September 2019

සාමනේර හිමිවරුන්ට පහර දුන්නේ කවුද?

       සිංහල ලිත් ඉලක්කම්


සාමනේර හිමිවරුන්ට පහර දුන්නේ කවුද?




සාමනේර හාමුදුරුවරුන් දෙනමකට පාපියකු අමානුෂික විධියට පහර දෙනවා දෙරණ රූපවාහිනියෙන් දැක්කා. ඒ පාපියා දැන් අත්අඩංගුවට ගෙන. ඒත් ඊට කලින් සකර්බරගේ දරුවන් වන පඬි නැට්ටන් ටිකක් පිටරට ඉන්න කාවද තම අත්අඩංගුවට අරගෙන. දැන් ප්‍රජාතන්ත්‍රවාදය අනුව ඕනෑ ම අයකුට ඕනෑ ම දෙයක් සකර්බර්ග් හරහා ප්‍රසිද්ධ කරන්න පුළුවන්. ඒකෙ වරදකුත් නැහැ. නමක් පළ කරාම අන්තර්ජාලයෙන් තොරතුරු ලබා ගන්න පුළුවන්. ඒ තොරතුරු නැවත පරීක්‍ෂා කරන්න කියලා සකර්බර්ග් කියල නැහැ. 

Saturday, 31 August 2019

ගෝලයන් යැයි කියන්නෝ

          සිංහල ලිත් ඉලක්කම්


ගෝලයන් යැයි කියන්නෝ




මා ජීවිතයේ කිසි දිනෙක එතරම් වැඩක් කළ අයකු නො වෙයි. මා බොහෝ විට කරන්නේ මා කැමති දේ පමණයි. කැමති දේ කිරීම වැඩ කිරීමක් නො වෙයි. පාසලේ දී මා අකමැති විෂය ඉගෙන ගත්තේ නැහැ. එවිට ඉගෙන ගැනීම වැඩක් වන්නේ නැහැ.අර වෙළෙඳ දැන්වීමක දෙමව්පියන් පුතාගෙ පාඩම් වැඩ ගැන කියනවා. මෙරට එක් ප්‍රශ්නයක් නම් පාඩම් වැඩ තිබීමයි. මා මේ ලිපි ලියන්නේ වැඩක් ලෙස සලකා නො වෙයි. මේ ලිපි කියවන්නේ ඉතා ටික දෙනකු පමණයි. මා ලියන්නේ මා කැමති නිසා මිස රටට ඊනියා වැඩක් කරන්න නො වෙයි. මා අකමැති දේ ද ඉඳහිට කරන්න සිදු වෙනවා. ඒ නම් වැඩක් කිරීමක්.  

Tuesday, 28 May 2019

මුස්ලිම් අන්තවාදයෙන් නව ජාතික ව්‍යාපාරයකට


මුස්ලිම් අන්තවාදයෙන් නව ජාතික ව්‍යාපාරයකට
 



අප රටේ බොහෝ ප්‍රශ්නවලට හේතුව  සිංහල බෞද්ධ යැයි කියන නිවට නියාළු කසිකබල් දේශපාලනඥයන් බව දැන් පැහැදිලියි. ඔවුන්ගෙන් ඇතැමකු කෙලින් ම බටහිරයන් වෙනුවෙන් පෙනී සිටින බටහිර දාසයන්. බටහිර න්‍යාය පත්‍රවලට අනුව වැඩ කරන ඔවුන්ට බටහිරින් වරප්‍රසාද ලැබුණත් නැතත් වහල් මනසට අනුව ඔවුන් බටහිරයන් කියන දේ කරනවා. අනෙක් පිරිස තමන් ලත් අධ්‍යාපනය අනුව බටහිර  අවශ්‍යතාවන් හිස් මුදුණේ තබා ගෙන ක්‍රියා කරනවා. මේ කොයි කවුරුත් අවසාන වශයෙන් ගත් කල බටහිර දැනුමේ ආධිපත්‍යයට යට වෙලා. 

Sunday, 3 February 2019

කිල්ලෝටවල කුණු සෙවීම




කිල්ලෝටවල කුණු සෙවීම



කිසිම කෙනකු සර්ව සම්පූර්ණ නැහැ. එමෙන් ම කිසිම කෙනකු සර්ව අසම්පූර්ණ ද නැහැ. සමහරවිට එහෙම ව්‍යවහාරයක් නැතිව ඇති. එය එතරම් ප්‍රශ්නයක් නො වෙයි. අප ජාතිකවාදීන්ට ගෞරව කරනවා. එහෙත් යමකුගේ සුළු අඩුවක් ගැන ඕපාදූපයක් නමුත් දැනගතහොත් ඔහුට විරුද්ධ ව දැඩි ප්‍රහාරයක් අරඹනවා. එවිට අර පුද්ගලයා ගැන යම් විරෝධයක් ඇති අය උඩ පැන පැන තලනවා.  මුහුණු පොතේ මේ ප්‍රවණතාව දැක ගන්න පුළුවන්.

Wednesday, 1 March 2017

රතන සූත්තර

රතන සූත්තර


අවුරුදු දෙදහස් හයසීයකට විතර ඉහත බුදුහාමුදුරුවො රතන සූත්‍රය දේශනා කළා. ඒක පිරිතක්. බණක් ධර්ම දේශනයක් නො වෙයි. සමහරුන් අහනව පිරිත් සිංහලෙන් කියන්නෙ නැත්තෙ මොකද කියලා. තවත්  සමහරු සිංහලෙන් පිරිත් කියනවා. ඒ පිරිත් කියන්නෙ මොනවද කියලා දන්නෙ නැති කමට. පිරිත, සමහර සංස්කෘත ශ්ලෝක ආදියේ වැදගත්කම තියෙන්නෙ  මූලික වශයෙන් ශබ්ද කිරීමෙ. ඒවා ඒ ඒ භාෂාවලින් කියැවෙන්න ඕන. ඒ අදහස වෙනින් බසකින් කිව්වට ඒ ගුණය ලැබෙන්නෙ නැහැ.

Monday, 30 January 2017

සුමන්තිරන් වීරයකු කිරීම


සුමන්තිරන් වීරයකු කිරීම

සුමන්තිරන් ඝාතනය කිරීමට සැලැස්මක් ඇති බව හින්දු පත්‍රයේ සඳහන් වෙලා. එය ඇත්තක් ද බොරුවක් ද කියන්න අප දන්නේ නැහැ. එය ඇත්තක් වුවත් බොරුවක් වුවත් සුමන්තිරන් වීරයකු කිරීමේ වුවමනාවක් නම් තියෙන බව පැහැදිලියි. ජාතික හෙළ උරුමයත් එයට හවුල් වෙලා. ඔවුන්ටත් සුමන්තිරන් වීරයකු කිරීමට අවශ්‍යයි. දෙමළ ජාතික සංධානයේ විවිධ මත තියෙන්න පුළුවන්. ඒත් ඔවුන්ට පොදු මතයක් තියෙනවා. ඒ සිංහල බෞද්ධ සංස්කෘතිය නැති කිරීමට නොහැකි නම් දුර්වල කිරීම. සිංහලයන්ට, විශේෂයෙන් ම සිංහල බෞද්ධයන්ට උතුරු හා නැගෙනහිර පළාත් අහිමි කිරීම. නාගදීපය සිංහල බෞද්ධයන්ට අහිමි කිරීම. සොළොස්මස්ථානයෙන් නාගදීපය ඉවත් කිරීම.