Main Logo

Showing posts with label 150(3). Show all posts
Showing posts with label 150(3). Show all posts

Sunday, 3 May 2020

නීතියේ යම් යම් ප්‍රශ්න

෦ ෧ ෨ ෩ ෪ ෫ ෬ ෭ ෮ ෯
                                                   සිංහල ලිත් ඉලක්කම්




0  1   2    3    4   5  6  7  8  9 





නීතියේ යම් යම් ප්‍රශ්න 




මිනිසුන් බොහෝ විට නිගමනවලට එන්නේ ඊනියා සත්‍ය පරීක්‍ෂාවකින් පසුව නොවෙයි. සත්‍යය කියා එකක් නැති විට සත්‍ය පරීක්‍ෂා තියෙන්නේ කොහොම ද? කිං සච්ච ගවේෂි බුදුහාමුදුරුවන්ගේ කාර්යයක් නො වෙයි. සත්‍ය මෙව ජයතෙ ඊනියා සත්‍යය යනු කුමක් දැයි තමන් දන්නේ යැයි කී ඒ තමන් සතුව සතුව ඇතැයි සිතූ  බමුණන්ගේ කතාවක්. ඉන් අවසන් වශයෙන් කියැවුණේ තමන්ගේ මතය ජයගන්නා බවයි. අද බටහිර විද්‍යාවත් එසේමයි. කොවිඩ් 19ට ප්‍රතිකාර නැති වුවත් බටහිර විද්‍යාව කයියෙන් හා හයියෙන් තම අනුගාමිකයන් රඳවා ගෙන ඉන්නවා. බටහිර වෛද්‍ය විද්‍යාව අසරණ ව සිටිය දී  අද වැලිසර නාවික හමුදා රෝහලේ දුම් (වාෂ්ප) හට්ටිය අල්ලනවා. කොළඹ මහා නගර සභාවේ දේශීය වෙදකම් කෙරෙනවා. මෙරට චීන තානාපති කාර්යාලයේ මාධ්‍ය ප්‍රකාශකට අනුව කොවිඩ් 19 සම්බන්ධයෙන් චීනය 90%ක් පමණ කර ඇත්තේ චීන දේශීය වෙදකම්.