Main Logo

Showing posts with label Dream Star. Show all posts
Showing posts with label Dream Star. Show all posts

Monday, 11 March 2019

ජාතික සින්දුව හා ඩ්‍රීම් ස්ටාර්

ජාතික සින්දුව හා ඩ්‍රීම් ස්ටාර්

ලංකාවේ ජාතික සින්දුව ගැන කියා තිබුණේ රනිල්. ඔහු කළුතර දිස්ත්‍රික්කයේ යම් තැනක දී, පස්දුන් රටේ ද කියල මා දන්නෙ නැහැ, තමන් දෙමළ ජාතිවාදීන්ට කර ඇති සේවය ගැන කියද්දි කියල අද යාපනයට ගියාම ජාතික සින්දුව සමහර වෙලාවට සිංහලෙන් හා දෙමළෙන් කියනව කියලා. රටේ සංස්කෘතිය, භාෂාව, ඉතිහාසය (හයවැනි පරාක්‍රමබාහු රජුගේ ගොවිතැන) ගැන නොදන්න අගමැතිවරයකු සින්දු නොවෙයි  බයිල කිව්වත් කරන්න දෙයක් නැහැ කියල කාට හරි කියන්න පුළුවන්. රනිල්ගෙන් නම් දරුවන් එතරම් දෙයක් ඉගෙන ගන්නෙ නැති නිසා එතරම් බයක් නැහැ.

Tuesday, 1 January 2019

ජනේරුව සුබ ද?


ජනේරුව සුබ ද?



ඊයේ රෑ අප පදිංචි ව ඉන්න පැත්තෙ මහා රතිඤ්ඤා තොගයක් පත්තු වුණා. මා කුඩා කල ජීවත් වූ ප්‍රදේශයේ ඒ විධියට රතිඤ්ඤ පත්තු වුණේ නැහැ. එදා ජනවාරි පළමුවැනි දා අවුරුද්දක් ලෙස සැලකුණෙත් නැහැ. අපට අවුරුද්ද ලැබුවෙ බක් මහේ. ජනවාරි පළමුවැනි දා අපට වැඩිම වුණොත් ජනේරුව වුණා. එය උත්සවයක් ලෙස සැලකුණෙ නැහැ. මා කුඩා කල ජීවත් වූයේ මුහුදුබඩ ප්‍රදේශයක. පෘතුගීසි කාලෙ ඉඳන් ම බටහිර යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතික බලපෑමක් තිබූ ප්‍රදේශයක. පෘතුගීසීන් පැමිණිලා අවුරුදු හාරසිය පනහක් පමණ වුවත් ජනේරුව අවුරුදු උත්සවයක් වුණෙ නැහැ. අපට බටහිර බලපෑම් නොතිබුණා නො වෙයි. අපේ ආච්චි අම්මලා කබාපොරොත්තු නමින් හැඳින්වුණු අත් දිග හැට්ට ඇන්ද. අපේ අම්මලා ගෙදරට දිග ගවුම් ඇන්ද. මේ ඇඳුම්වල නම් ඔක්කොම යුරෝපීය.