Main Logo

Showing posts with label Cultural Aggressions. Show all posts
Showing posts with label Cultural Aggressions. Show all posts

Tuesday, 1 January 2019

ජනේරුව සුබ ද?


ජනේරුව සුබ ද?



ඊයේ රෑ අප පදිංචි ව ඉන්න පැත්තෙ මහා රතිඤ්ඤා තොගයක් පත්තු වුණා. මා කුඩා කල ජීවත් වූ ප්‍රදේශයේ ඒ විධියට රතිඤ්ඤ පත්තු වුණේ නැහැ. එදා ජනවාරි පළමුවැනි දා අවුරුද්දක් ලෙස සැලකුණෙත් නැහැ. අපට අවුරුද්ද ලැබුවෙ බක් මහේ. ජනවාරි පළමුවැනි දා අපට වැඩිම වුණොත් ජනේරුව වුණා. එය උත්සවයක් ලෙස සැලකුණෙ නැහැ. මා කුඩා කල ජීවත් වූයේ මුහුදුබඩ ප්‍රදේශයක. පෘතුගීසි කාලෙ ඉඳන් ම බටහිර යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතික බලපෑමක් තිබූ ප්‍රදේශයක. පෘතුගීසීන් පැමිණිලා අවුරුදු හාරසිය පනහක් පමණ වුවත් ජනේරුව අවුරුදු උත්සවයක් වුණෙ නැහැ. අපට බටහිර බලපෑම් නොතිබුණා නො වෙයි. අපේ ආච්චි අම්මලා කබාපොරොත්තු නමින් හැඳින්වුණු අත් දිග හැට්ට ඇන්ද. අපේ අම්මලා ගෙදරට දිග ගවුම් ඇන්ද. මේ ඇඳුම්වල නම් ඔක්කොම යුරෝපීය.

Tuesday, 13 March 2018

සංස්කෘතික ආක්‍රමණ හා සංහිඳියාව


සංස්කෘතික ආක්‍රමණ හා සංහිඳියාව



තෙල්දෙණිය දැන් ඉතිහාසයට එකතු වෙලා. ඒත් ප්‍රශ්නය විසඳිලා නැහැ. ප්‍රශ්නය මොකක් ද කියලා කියන්නෙ නැතිව ප්‍රශ්නය විසඳන්නෙ කුමක් ද? මේ රට පුදුම රටක්. බෞද්ධ තර්ක ශාස්ත්‍රය (න්‍යාය) ගැන කතා කරන්න පුළුවන් න්‍යාය (ලොජික්)  කියන්නෙ මොකක් ද බෞද්ධ න්‍යාය කියන්නෙ මොකක් ද කියලා කියන්නෙ නැතිව. තර්කය කියන්නෙ එකක් න්‍යාය කියන්නෙ තවත් එකක් යන්නවත් නොදන්න සමාජයක තර්ක කරන එකත් මෝඩකමක්.