ගෝඨාභයට හා මෛත්‍රිපාලට පැවරෙන වගකීම්
පොදුජන පෙරමුණ හා ශ්‍රී ල නි ප අතර පැවැත්වෙන සාකච්ඡා සාර්ථක වෙනවා
නම් හොඳයි. ඒත් මට ඒ ගැන එතරම් විශාල බලාපොරොත්තුවක් නැහැ. දෙපැත්තේ
නියෝජිත පිරිස්වල ඉන්න අයගෙ සත්භාවය පිළිබඳ ප්‍රශ්න තියෙනවා. පොහොට්ටු පැත්තෙන්
ඉන්නෙ ජී එල් පීරිස් (නායක), ඩලස් අලහප්පෙරුම හා ජගත් වැල්ලවත්ත.
ඩලස් නියෝජනය කරන්නෙත් පොදුජන පෙරමුණ. ඔහු පොහොට්ටුවේ සාමාජිකයකු නො වෙයි. ඔහු
එක්සත් ජනතා නිදහස් සංධානයේ ඉන්න ශ්‍රී ල නි පක්‍ෂයේ සාමාජිකයෙක් බව මහින්ද
අමරවීරත් දයාසිරි ජයසේකරත් දන්නවා. දයාසිරි තම පක්‍ෂයේ සාම්ජිකයකු අනෙක් පැත්තෙ
තියාගෙන සාකච්ඡා කරනවා.