සජිත් රවි කරු සහ තවත් අය
දැන් ඒ දවස්වල වගේ විදුලි පණිවුඩ යවන්නෙ නැති එක හොඳයි. නැත්නම් අර සදා ලෝක පූජිත කුමාර් සංගක්කාර ගමට විදුලි පණිවුඩයක් යවන්න සෑහෙන මුදලක් වියදම් වෙන්න තිබුණ. ඒ ගමේ නම කෙටියෙන් මුලකුරුවලින් ලිවුවෙත් සලෝපූකුස ගම වෙනවා. සංගක්කාර සදා ලෝක පූජිත ද කියන එක ප්‍රශ්නයක්. සදා කියන්නෙ හැමදා ලෝක කිවුවම මුළු ලෝකෙ ම. චීනෙ සංගක්කාර දන්න කීදෙනකු ඉන්නවා ද දන්නෙ නැහැ. චීනෙ තමයි වැඩියෙන් ම මිනිස්සු ඉන්නෙ. ඒකට කමක් නැහැ. අපේ රටේ ජත්‍යන්තර කීර්තියට පත්වෙච්ච අය කී දාහක් ඉන්නවා ද?