බැඳුම්කරය හා ඊනියා ජාතික ආණ්ඩුව
බැඳුම්කර වාර්තාව හෙට පාර්ලිමේන්තුවේ විවාදයට ලක් වෙනවා. රනිල් එයින්
බලාපොරොත්තු වන්නේ තම ඊනියා පිරිසිදු බව
තහවුරු කිරීමටයි. ඔහුගේ සුුදු පිරුවටය රැක ගැනීමට. වාර්තාව විවාදයට භාජනය වන්නේ එය
තවමත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොවී ඇති අවස්ථාවක. සමහර විට එය හෙට සභාගත කිරීමට
ඉඩ තියෙනවා. එහෙම වුණත් නැතත් වාර්තාවට අදාළ එහෙත් වාර්තාවේ නැති වෙනත් කරුණුත්
සභාගත කිරීමට මන්ත්‍රීවරුන්ට හැකියි. මේ විවාදයේ දී මෛත්‍රිපාල කණ්ඩායමට වාර්තාව
වෙනුවෙන් පමණක් නොව ජනාධිපති වෙනුවෙන් ද පෙනී සිටීමට සිදු වෙනවා. එහෙත් ඔවුන් කුමන
ස්ථාවරයක් ගනීවි දැයි නිශ්චිත ව කියන්න බැහැ. වාර්තාව සම්බන්ධයෙන් ඇති ජාත්‍යන්තර
බලපෑම් කවරේ ද යන්න ගැන ඉඟියක් විවාදයෙන් ලැබේවි.