Main Logo

Showing posts with label Bond Commission. Show all posts
Showing posts with label Bond Commission. Show all posts

Saturday, 20 January 2018

හඳුන්නෙත්ති රනිල්ට රෙදි අන්දවයි

හඳුන්නෙත්ති රනිල්ට රෙදි අන්දවයි


මගේ මූලික විෂය, එහෙමත් නැත්නම් මා වඩාත්ම ප්‍රිය කරන විෂය දැනුමයි. දැනුම යනූ කුමක් දැයි දැන ගැනීම මගේ අභිලාෂයයි. මේ සියලු දැනුම් බොරු බවත් ඒ අතර පට්ටපල් බොරු තිබෙන බවත් මා කලක සිට කියනවා. මේ බොරු බොරු බව පසක් කර ගැනීම, බුද්ධියෙන් තර්කයෙන් නොව, නිවන් අවබෝධය ලෙස මට සිතෙනවා. එතෙක් අපට බොරුවේ ජීවත් වන්න සිදු වෙනවා. මා නමින් ඇති සංකල්පයත් (මම) බොරුවක්. එහෙත් මේ බොරු ප්‍රතික්‍ෂෙප කළ යුතු යැයි මෙයින් ගම්‍ය වන්නේ නැහැ. මේ බොරු අතර මුසාවාද තිබෙනවා. ඒ බොරු විශේෂයක්. අප පන්සිල් ගන්නා විට මුසාවාද කීමෙන් වැළකීමේ සික්ඛාපදය සමාදම් වෙනවා. අප සාමාන්‍යයෙන් බොරු කියා කියන්නේ මුසාවාදවලට. එබැවින් මා බොරු යැයි කියන දේ බොහෝ දෙනා වැරදියට හිතා ගන්නවා.  

Thursday, 18 January 2018

බැඳුම්කර වාර්තාවෙන් පසු

බැඳුම්කර වාර්තාවෙන් පසු


බොහෝ දේ ඉතා ඉක්මණින් සිදු වෙන කාලයක්. සමහර වෙලාවට මට හිතෙනවා පෙරහැර ඊයේ ගිහින් ඉවර වුණා ද කියලත්. එහෙම නොවේවා කියන එකත් පෙරහැර කෙළවර කිරීමට අවස්ථාව ලැබේවා කියන එකත් මගේ පැතුමයි. ඒ ප්‍රාර්ථනාව පෙරදැරි කර ගෙන මේ ලිපි ලියනවා. ප්‍රාර්ථනාවක් කොහොමටත් හොඳයි. බුදු බවත් ප්‍රාර්ථනා කරන්න ඕන.

අදත් සමහර පඬියන් හා පඬි පෝතකයන් කියන්නේ රනිල් හා මෛත්‍රිපාල රංගනයක යෙදෙනවා කියලා. ඒ පෙබරවාරි පළාත් පාලන ආයතන මැතිවරණය මුල් කර ගෙන. බැඳුම්කර වාර්තාව ඒ රංගනයේ කොටසක් කියලා ඒ අය කියනවා. වාර්තාවෙන් අගමැති පිළිබඳ නිර්දේශ ඉදිරිපත් වී නැහැ. එහෙත් වාර්තාවේ අගමැති ගැන සඳහන් වෙනවා. වාර්තාවෙන් අගමැති නිදොස් කරත් නැහැ. නිදොස් නොකරත් නැහැ. මින් මතු ඒ ඒ අය තමන්ට අවශ්‍ය අන්දමට අගමැති සම්බන්ධ වාර්තාවේ සඳහන් කරුණු අර්ථකථනය කරාවි.

Wednesday, 10 January 2018

කඩුව මුවහත් කරමු

කඩුව මුවහත් කරමු


අද පොහොට්ටුවේ නායකයන් මෛත්‍රිපාලගේ කඩුව ගැන කතා කරනවා. ඔවුන් මළ බැඳි කඩු ප්‍රදර්ශනය කරනවා. අගමැති ළඟ දී කඩුව නැවෙන බව පවසනවා. බැඳුම්කරයෙන් විශාල හානියක් වී ඇති බව පවසනවා. බන්දුලගේ ආර්ථික පර්යේෂණ මධ්‍යස්ථානය දිනපතා මෙන් මාධ්‍ය සාකච්ඡා පවත්වනවා. බැඳුම්කරයෙන් රටට වී ඇති හානිය ගැන විවිධ ආකාරයෙන්  සංඛ්‍යා ඉදිරිපත් කරනවා. මා හිතන්නේ නැහැ ලෝකයේ වෙනත් කිසිම ආර්ථික පර්යේෂණ මධ්‍යස්ථානයකින් මෙතරම් මාධ්‍ය සාකච්ඡා සංඛ්‍යාවක් පවත්වා ඇත කියා. මේ යන විධියට බන්දුලට ආර්ථික විද්‍යාව පිළිබඳ නොබෙල් ත්‍යාගය ලැබෙන්න බැරි නැහැ.

Tuesday, 9 January 2018

බැඳුම්කරය හා ඊනියා ජාතික ආණ්ඩුව

බැඳුම්කරය හා ඊනියා ජාතික ආණ්ඩුව


බැඳුම්කර වාර්තාව හෙට පාර්ලිමේන්තුවේ විවාදයට ලක් වෙනවා. රනිල් එයින් බලාපොරොත්තු වන්නේ තම ඊනියා පිරිසිදු  බව තහවුරු කිරීමටයි. ඔහුගේ සුුදු පිරුවටය රැක ගැනීමට. වාර්තාව විවාදයට භාජනය වන්නේ එය තවමත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොවී ඇති අවස්ථාවක. සමහර විට එය හෙට සභාගත කිරීමට ඉඩ තියෙනවා. එහෙම වුණත් නැතත් වාර්තාවට අදාළ එහෙත් වාර්තාවේ නැති වෙනත් කරුණුත් සභාගත කිරීමට මන්ත්‍රීවරුන්ට හැකියි. මේ විවාදයේ දී මෛත්‍රිපාල කණ්ඩායමට වාර්තාව වෙනුවෙන් පමණක් නොව ජනාධිපති වෙනුවෙන් ද පෙනී සිටීමට සිදු වෙනවා. එහෙත් ඔවුන් කුමන ස්ථාවරයක් ගනීවි දැයි නිශ්චිත ව කියන්න බැහැ. වාර්තාව සම්බන්ධයෙන් ඇති ජාත්‍යන්තර බලපෑම් කවරේ ද යන්න ගැන ඉඟියක් විවාදයෙන් ලැබේවි.

Monday, 8 January 2018

රනිල් ඉවත් කිරීම ගැන තවදුරටත්

රනිල් ඉවත් කිරීම ගැන තවදුරටත්


අද යමපාලන ආණ්ඩුව බලයට පත්වීමේ තුන්වැනි සංවත්සරය බව බොහෝ දෙනා දන්නවා. අද බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ගේ 119 වැනි ජන් සංවත්සරය බවත් 1965 ඩඩ්ලි සේනානායක ආණ්ඩුවෙන් දඹරාවේ රතනසාර හිමි වෙඩි තබා අපවත් කිරීමේ පනස්වැනි සංවත්සරය බවත් කී දෙනකුට මතක ද? පඬි පෝතකයන් ඒ ගැන නොදැන සිටීවි. ඔවුන් දන්නේ යමපාලන කතා පමණයි. 

Saturday, 6 January 2018

රනිල් ඉවත් කිරීමට විරුද්ධ කවුද?

රනිල් ඉවත් කිරීමට විරුද්ධ කවුද?


රනිල්ට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට ඒකාබද්ධ විපක්‍ෂය තීරණය කරලා. ඒක හොඳයි. එහෙත් එය ප්‍රමාණවත් නැහැ. මෙතෙක් ගෙනා විශ්වාසභංග යෝජනාවලට මොකක් ද වුණේ. සමහර ඒවා තවමත් න්‍යාය පුස්තකයේ පුස්කනවා. කතානායක වැඩ කරන්නේ රනිල්ට ඕන විධියට. රනිල්ගේ බලය බිඳින තෙක් කතානායක පමණක් නොව නීතිපති ද පොලිස්පති ද වැඩ කරන්නේ අගමැතිට ඕන විධියට. බැඳුම්කර කොමිසම අගමැති කියා රනිල්ට විශේෂ සැලකිල්ලක් දැක්වුවා. රනිල්ගෙන් ප්‍රශ්න කෙළේ නීතිපති! රනිල්ට පිළිතුරු දීමට කියා කලින් ප්‍රශ්න පත්‍රයකුත් යවා තිබුණා. ඒ එකක් වත් නීතියට පටහැණි නැහැ. එහෙත් ප්‍රශ්නයත් එයමයි. නීතියට පටහැණි නොවී මොන තරම් දේ කරන්න පුළුවන් ද?

Friday, 5 January 2018

රනිල් ප්‍රාදේශීය සභා මන්ත්‍රීකමකටවත් සුුදුසු නැහැ

රනිල් ප්‍රාදේශීය සභා මන්ත්‍රීකමකටවත් සුුදුසු නැහැ


බැඳුම්කරය ගැන හා ජනාධිපති ප්‍රකාශය ගැන බොහෝ දෙනා බොහෝ දේ දැනටමත් කියා තිබෙනවා. තවත් බොහෝ දේ කියාවි. එහෙත් කිසිත් වැදගත් දෙයක් සිද්ධ වෙන එකක් නැහැ කියලා හිතෙනවා. බන්දුල ගුණවර්ධන ගණන් හදලා පෙන්වාවි මෙච්චර පාඩුවක් වෙලා තියෙනවා කියලා. ඒත් ඒකෙන් සතපහක වැඩක් වෙන්නෙ නැහැ. මේ ගණන්වලත් කිසිම වටිනාකමක් නැහැ. ඒවට පසුබිම් වූ උපකල්පන ගැන කවුරුවත්, අඩුතරමෙන් බන්දුලවත් කතා කරන්නෙ නැහැ. බන්දුලත් එ ජා පක්‍ෂයට ගිහින් ආපු කෙනෙක්. ඒ හුවමාරුවෙ වටිනාකම කුමක් ද?

Thursday, 4 January 2018

මෛත්‍රිපාලගෙ මොට්ට කඩුව

මෛත්‍රිපාලගෙ මොට්ට කඩුව


මෛත්‍රිපාල කඩුව වනලා. කවුරුන්වත් කැපිලා නැහැ. රනිල් හිනහවෙවී ඉන්නවා. අනුර කුමාර බලනවා ඇයි මහින්ද කැපිලා නැත්තෙ කියලා. මහින්ද අසරණ වෙලා ඒත් කැපිලා නැහැ. රවි කැපෙයි කියලා ටිකක් ඈතට වෙලා හිටිය කල් ඇතුව ම. රවි තාම දන්නෙ නැතිව ඇති ගේ හම්බ වුණෙ කොහොමද කියලා. රවිට තියෙන්නෙ බැසිල්ගෙන් අහන්න මගේ ම නොවන මගේ ගේක ඉන්නෙ කොහොමද කියලා. රවිගේ නෝනාට බැසිල්ගෙ නෝනාගෙන් අහන්න පුළුවන් අනුන්ගෙ ගෙවල්වල කිරි උතුරවන කොට වතුර වීදුරුව අරන් එන්නෙ කොහොමද කියලා.