එස් බීගේ හරක් කතා
මෙරට සිංහල බෞද්ධ රටක් කියන එක නැති කරන්න මුලින් ම හැදුවෙ සොළීන්
වෙන්න පුළුවන්. පොළොන්නරුවෙ ශිව දේවාලය හදල තියෙන්න පන්සල් බිමක කියල මෛත්‍රිපාල
සිරිසේන කියන්නෙ කාගෙ හරි යම් පුරාවිද්‍යාත්මක ගවේෂණයක ප්‍රතිඵලයක් පදනම් කර ගෙන
වෙන්න ඕන. ඒත් මෛත්‍රිපාල එක්ක දැන් වැඩ කරන ඇතැම් හිටපු ස්වාදීනයන් හා
පශ්චාත්නූතනවාදීන් කරන්නේත් සිංහල බෞද්ධ සංස්කෘතියට පහර ගහන එක. මෛත්‍රිපාල හැම
තිස්සෙ ම හරි නැහැ. පෘතුගීසීන් පත්තිනි දේවාල කඩල පල්ලි හදපු බවට සාක්‍ෂි තියෙනවා.
ඊට පස්සෙ ලන්දේසින් සිංහල බෞද්ධ සංස්කෘතිය දුර්වල කරන්න විවිධ දේ කෙරුවා. ඉංගිරිසින් තමයි සියල්ලට ම වැඩිය ඒ වැඩේ කෙළෙ.
ඔවුන් මත්පැන් පුරුදු කළා. බටහිර ආකල්ප සිරිත් විරිත් අපට දුන්නා. ඒත් ඔය සියල්ල
කරළත් සිංහල බෞද්ධ සංස්කෘතිය ශක්තිමත් ව තිබුණා. පාසල් විශ්වවිද්‍යාල ජනමාධ්‍ය ඒ
වෙනස් කළා. ජේ ආර් විවෘත ආර්ථිකයක් නමින් විවෘත සංස්කෘතියක් ඇති කළා. එමගින් සිංහල
බෞද්ධ සංස්කෘතියට පහර දුන්න. රනිල්ගෙ ආණ්ඩුව මේ පහර දීම තවදුරටත් කරගෙන යනවා. එහෙම
පහර දෙමින් ඔවුන් අහනව අපි බෞද්ධ නොවෙයි ද කියලත්!