Main Logo

Friday 30 August 2019

අසාද් සාලිලා හා ඔවුන්ගේ ඡන්ද

        සිංහල ලිත් ඉලක්කම්


අසාද් සාලිලා හා ඔවුන්ගේ ඡන්ද 



මෙරට දෙමළ ජාතිවාදය මෙන් ම මුස්ලිම් ආගමිකවාදයත් බටහිරින් මෙහෙයවෙන්නෙ. මුස්ලිම් ආගමිකවාදයට සෞදි අරාබියත් හවුල්. මෙය  නිකම් හුදු කියමනක් නොවෙයි. මා කියන්නේ නැහැ මෙය බටහිර කුමන්ත්‍රණයක් කියලා. මේ තමයි බටහිර ක්‍රිස්තියානි නූතනත්ව ආධිපත්‍යය ක්‍රියාත්මක කරන ආකාරය. මා හැමදාමත් මෙන් කියා ඇත්තේ බටහිර ක්‍රිස්තියානි නූතනත්ව සංස්කෘතික ආධිපත්‍යයට ඇති විශාල ම තර්ජනය ථෙරවාද බෞද්ධ සංස්කෘතිය යන්න. බටහිර සංස්කෘතික ආධිපත්‍යයට අමතර ව දේශපාලනික හා ආර්ථික ආධිපත්‍යයකුත් ක්‍රියාත්මක වෙනවා. කුමන්ත්‍රණ කතා ප්‍රශ්නයක් විශ්ලේෂණය කර ගන්න බැරි අයට හොඳයි.


ථෙරවාදය නිර්මාණකරුවකු ප්‍රතික්‍ෂෙප කරනවා. එයට යම් ප්‍රමාණයක අනවශ්‍ය ද්‍රව්‍යවාදයක් හා හේතුවාදයක් ඇතුල් කර ගෙන. ඒත් බටහිරයන් දන්නවා ඔවුන්ට ඇති එක ම අභියෝගය ථෙරවාද සංස්කෘතිය බව. ථෙරවාද සංස්කෘතියට විරුද්ධ ව ක්‍රිස්තියානි සංස්කෘතියත් මුස්ලිම් සංස්කෘතියත් පමණක් නොව හින්දු සංස්කෘතියත් එකතු වෙනවා. අද අප හමුවේ ඇත්තේ මේ ප්‍රශ්නයයි. 

අද මෙරටට පැමිණ ඉන්නවා කැන්ටබරියේ ආච්බිෂොප්තුමා. එතුමා තමයි ලෝක ඇංග්ලිකන් ක්‍රිස්තියානි පල්ලියේ ප්‍රධානියා. ඇංග්ලිකන් ක්‍රිස්තියානි ආගම බටහිර ක්‍රිස්තියානි නූතනත්ව සංස්කෘතියේ පදනමේ තියෙනවා. එහෙත් අද ආච්බිෂොප්තුමාට විශාල බලයක් නැහැ. ක්‍රිස්තියානි සංස්කෘතියේ ප්‍රධානීන් පූජකවරුන් නො වෙයි. එංගලන්තයේ එලිසබෙත් වින්ඩ්සර් එන විට ආච්බිෂොප්තුමා නැගිටිනවා. 

බටහිර ක්‍රිස්තියානි සංස්කෘතික ආධිපත්‍යයට ථෙරවාදයේත් ඒ සම්ප්‍රදාය ඇති කරන්න ඕන. භික්‍ෂූන් වහන්සේට ඇති බලය නැති කිරීමට බ්‍රවුන්රිග් ආණ්ඩුකාරයාගේ සිට කටයුතු කර තියෙනවා. පිරිවෙන් විශ්වවිද්‍යාල බවට පත් කිරීමත් සමග එය විශාල ප්‍රමාණයකට සාර්ථක වෙලා. පනස්හයේ මෙන් එහෙමත් නැත්නම් පනස්නවයේ මෙන් ක්‍රියා කළ හැකි භික්‍ෂූන් වහන්සේ අද නැහැ. අද දේශපාලනඥයන්ට අණ දිය හැකි භික්‍ෂූන් වහන්සේ වැඩිම වුවහොත් තුන් හතර නමක් වේවි. 

පාස්කු ප්‍රහාරයට වග කිව යුත්තන් අතර මුස්ලිම් දේශපාලනඥයන් ඉන්නවා. එහෙත් සෑම පක්‍ෂයක් ම මෙන් මුස්ලිම් ඡන්ද බලාගෙන මුස්ලිම් දේශපාලන නායකයන්ට විරුද්ධ ව කතා කරන්නේ නැහැ. අදත් ශ්‍රී ල නි පක්‍ෂයට ඇති ඡන්ද ප්‍රමාණය මුස්ලිම් ඡන්දවලින් පොහොට්ටුවට ලැබිය හැකි ඡන්ද ප්‍රමාණයට වැඩියි. එහෙත් මුස්ලිම් ඡන්ද වෙනුවෙන් ශ්‍රී ල නි පක්‍ෂය අහක දැමීමට වුවත් පොහොට්ටුව සූදානම්. මෙහි ප්‍රතිඵලය ඉතා භයානක බව පමණක් මේ අවස්ථාවේ කියන්න ඕන. මා ඊනියා සුළු ජාතික ඡන්ද ප්‍රතික්‍ෂෙප කරන්නේ නැහැ. එහෙත් ඒ ඡන්ද සඳහා අවස්ථාවාදී නායකයන් පසු පස යන්න ඕන නැහැ.  

මාවනැල්ලේ බුදු පිළිම කැඩීම සම්බන්ධයෙන් තොරතුරු දැන් අනාවරණය වෙමින් පවතිනවා. ඒ සම්බන්ධයෙන් සැක කරුවන් දෙදෙනකු පොලීසියට භාර දීමට අසාද් සාලි පොරොන්දු වූ නමුත් ඒ ඉටු කර නැති බව කියැවෙනවා. එසේ භාර දුන්නා නම් සමහර විට පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට හැකියාවක් තිබූ බව ද දැන් හෙළි වෙලා. එහෙත් අප අසාද් සාලිට විරුද්ධ ව කතා කරන්න බයයි. ඒ මුස්ලිම් ඡන්ද නැති වේවි කියා. පළමුව කළ යුත්තේ අසාද් සාලි පමණක් නොව බද්‍යුද්දීන් හා හිස්බුල්ලා ද අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරමයි. එහෙත් එය කෙරෙන්නේ නැහැ. ඒ මුස්ලිම් ඡන්ද නැති වේවිය කියන බයට.

අද පොහොට්ටුවේ සාමාජිකයන්ට නායකයාගෙන් උපදෙස් ලැබෙන්නේ මුස්ලිම් නායකයන් විවේචනය නොකරන ලෙසටයි. හිස්බුල්ලාට මුදල් ලැබෙන්නේ කොහෙන් ද? සෞදි අරාබියෙන් ද? ඔහු ඒ මුදල් වියදම් කෙළේ මුස්ලිම් විශ්වවිද්‍යාලය හැදීමට පමණක් ද? අර රූහඬ පටවල දක්නට ලැබුණු විදේශිකයන් ඇඳිරි නීතිය බලපවත්වන වෙලාවෙහි හෝටල් ගානේ ගියේ කෙසේ ද? මොනවට ද? හිස්බුල්ලා කාගෙත් බුල්ලා බව පැහැදිලියි. කවුරුන් බලයට පත්වුවත් ඔහුගේ රැවුල් ගහකටවත් කිසිවක් කරන්න බැහැ. 

අසාද් සාලිත් හිස්බුල්ලාත් ආණ්ඩුකාරයන් වුණේ මෛත්‍රිපාල යටතේ. එහෙත් ඔවුන් සෑම දෙනා ම විසින් ආරක්‍ෂා කෙරෙනවා. කරුණාරත්න ජයසූරියත් ඔවුන් ආරක්‍ෂා කරනවා. එහෙත් කරුණාරත්න බෞද්ධයන් ඉදිරියේ ඒ බවක් අඟවන්නේ නැහැ. ඔහු රාමඤ්ඤ  නිකායේ දායක සභාවේ සභාපති. ඔහුට විවිධ නිකායවලින් සම්මාන ලැබෙනවා. සිංහල බෞද්ධයන්ට ඔහු සමහර විට ගෝඨාභයට වඩා හොඳ බෞද්ධයකු ලෙස පෙනී යන්න පුළුවන්. සිංහල බෞද්ධයන්ගේ සිංහලකමට වඩා බෞද්ධකම වැඩියි. අඩු තරමෙන් පස්වැනි සියවසේ සිට තත්වය එහෙමයි. සිංහල බෞද්ධයන් බෞද්ධකම පෙරට දමා රවටන්නත් පුළුවන්.

මුස්ලිම් ආගමිකවාදී නායකයන්ට එරෙහිව නිසි පියවර ගන්නා අයකුට සිංහල බෞද්ධයන් පමණක් නොව සිංහල කතෝලිකයනුත් එකතු වේවි. එහෙත් මුස්ලිම් ඡන්ද නැති වේවිය යන බියෙන් ඒ ආගමිකවාදීන් විවේචනය නොකර සිටීමෙන් කරුණාරත්න ජයසූරියට බෞද්ධ නායකයකු ලෙස ඉස්මතු වීමට ඉඩ සැලසේවි. අවසානයේ දී මුස්ලිම් ඡන්දත් ඔහුට ම ලැබේවි. 

පාස්කු ප්‍රහාරයෙන් පසු මුස්ලිම් පල්ලිවල කඩු තිබීම යුක්තියුක්ත කිරීමට ඒ තණ කැපීම සඳහා යැයි කී දේශපාලනඥයන් මෞලවීලා කවු ද? ඔවුන් එවැනි ප්‍රකාශවලින් කෙළේ මුස්ලිම් අන්තවාදීන් ආරක්‍ෂා කිරීමයි. එකල ජ වි පෙරමුණ සමග දුරින්වත් සම්බන්ධකම් පැවැත් වූ අයගේ නෑදෑයන්ටත් ඉන්න හිටින්න බැරි තත්වයක් උදා වෙලා තිබුණා. ජ වි පෙරමුණත් ත්‍රස්තවාදී සංවිධානයක්. කොටි සංවිධානයත් සහාරාන් කණ්ඩායමත් ත්‍රස්තවාදීන්. එහෙත් සෑම ආණ්ඩුවක් ම ඊනියා සුළු ජාතික ඡන්දවලට කෑදර කමෙන් ජ වි පෙ සම්බන්ධයෙන් ක්‍රියා කළ ආකාරයට එ අනෙක් ත්‍රස්තවාදීන් සම්බන්ධයෙන් ක්‍රියා කරන්නේ නැහැ. ජ වි පෙ මොන බයිලා කිව්වත් ඒ සිංහල බෞද්ධ ගැමි තරුණ තරුණියන්ගේ පක්‍ෂයක්. සිංහල දේශපාලනඥයන්ට සිංහල බෞද්ධ ඡන්ද වටින්නේ නැහැ. සිංහල බෞද්ධයන්ට ඒ දේශපාලනඥයන් හැරෙන්න විකල්පයක් නැහැ.

කොටි පරාජය කරීම කළමනාකරණය කෙළේ ගෝඨාභය. එහෙත් අද කොටි නැවතත් හිස එසවීමට දඟලනවා. අර ප්‍රභාකරන්ගේ වෛද්‍යවරයා යැයි කියන පුද්ගලයාගෙන් ඒ සම්බන්ධ කරුණු අනාවරය වෙමින් පවතිනවා. ගෝඨාභයට එය මර්දනය කරන්න පුළුවන්. එලෙස ම මුස්ලිම් ත්‍රස්තවාදයත් පරාජය කරන්න පුළුවන්. එහෙත් ගෝඨාභය ඊනියා සුළු ජාතික ඡන්ද පසුපස ගියොත් සිංහලයන් ඒ සුබවාදීව දකින එකක් නැහැ.