ජනාධිපති අපේක්‍ෂයන් තුන්දෙනා තීරණය කෙරී අවසන් බවක් පේන්න තියෙනවා. ඒ ගෝඨාභය, සජිත් හා අනුර. එහෙත් ඉන්නේ එක ජාතික අපේක්‍ෂකයකු පමණයි. සජිත්ගේ නම වෙනස් වෙන්න පුළුවන්. ඒ අනුව රනිල්දාසත් වෙනස් වෙන්න පුළුවන්. එසේ වීමට නම් විදේශීය බලපෑම් වඩාත් ශක්තිමත් වෙන්න ඕන. එයින් කියන්නේ සජිත් දේශීය අපේක්‍ෂකයකු බව නොවෙයි. විදේශීය බලවේගවලට අද අවශ්‍ය වන්නේ ගෝඨාභයට තරමක්වත් සාර්ථක ව මුහුණ දිය හැකි අයෙක්.
Main Logo
Showing posts with label Gods in Sinhala Buddhism. Show all posts
Showing posts with label Gods in Sinhala Buddhism. Show all posts
Tuesday, 13 August 2019
Monday, 22 July 2019
සිංහලයන්ට වින කරන නායකයෝ
සිංහලයන්ට වින කරන නායකයෝ
ඊයේ පාස්කු ප්‍රහාරයට මාස තුනක් පිරීම නිමිත්තෙන් විවිධ සැමරීම් පැවැත්වුණා. කටුවපිටිය පල්ලිය නැවත බැතිමතුන්ට විවෘත වුණා. සමහර පල්ලිවල බෞද්ධ ක්‍රමයට පින් දීලා. ක්‍රිස්තියානි (කතෝලික) ආගම මෙරටට පැමිණියේ යටත්විජිතවාදීන් සමග. එමෙන් ම බටහිරින් පැමිණි යටත්විජිතවාදීන් බුදුදහමට බුද්ධාගමට (බෞද්ධ සංස්කෘතියට) නිගා කළා, පහර දුන්නා. මේ සියළු දේ සමගින් බෞද්ධයන් හා කිතුණුවන් අතර ප්‍රශ්න ඇති වුණා. එහෙත් ඒ අතරත් කුල වශයෙන් ගත් කල බෞද්ධයන් හා කිතුණුවන් අතර ආවාහ විවාහ කටයුතු කෙරුණා. ඇතැම් විට ආගමට වඩා කුලය වැදගත් වුණා.
Subscribe to:
Posts (Atom)