Main Logo

Tuesday 23 January 2024

එක්ස් වයි හා ඉසෙඩ් හෙවත් ඔමෙගා ( එක්ස් අරුන් හා ජාතිකත්වය)

 

එක්ස් වයි හා ඉසෙඩ් හෙවත් ඔමෙගා ( එක්ස් අරුන් හා ජාතිකත්වය)

 

දකුණේ ඉන්න නිරාගමික සිංහල බෞද්ධ විරෝධී පඬි නැට්ටනුත්  වෙල්ලාලයන්ට හා දෙමළ හින්දු සංස්කෘතියට නොව වෙල්ලාලවාදයට විරුද්ධ අරුන් සිද්ධාර්ථනුත් අතර විශාල වෙනසක් තියෙනවා. සිංහල බෞද්ධ විරෝධීන් ඊනියා උගතුන් වෙන්න පුළුවන්. ඔවුන් බොහෝ දෙනකු එක්ස් කණ්ඩායමට යම් ආකාරයකින් සම්බන්ධ වී සිටියවුන්. දැන් කණ්ඩායමේ ඉන්නේ කවුද කියා මා දන්නේ නැහැ. සමහර විට දීප්ති ගුණරත්න පමණක් වෙන්න පුළුවන්.

 

එක්ස් කණ්ඩායම තරම් හීනමානයෙන් සිටි/ ඉන්න පිරිසක් තවත් නැතුව ඇති. විවිධ හේතු නිසා ඔවුන්ට හීනමානය ඇති වෙලා. තමන් ගිය පාසල, තම පියාගේ රැකියාව, ඉංගිරිසි භාෂාව පරිහරණය, තමන් ඉගෙන ගත් විෂය, විශ්වවිද්‍යාල අධ්‍යාපනයක් නොලැබීම, විද්‍යා අධ්‍යාපනයක් ලබා ගැනීමට තරම් හැකියාවක් (විභවයක්) නැති වීම, බාහිර උපාධියක්වත් ලබා ගැනීමට නොහැකි වීම, විශ්වවිද්‍යාල ආචාර්ය පදවියක් ලබා ගැනීමට නොගැකි වීම ආදී කරුණු එකක් හරි කිහිපයක් හරි හීනමානයට හේතු වෙලා තියෙනවා. මා දන්නේ නැහැ උසස් පෙළටවත් ගණිතය උගත් අය එක්ස් කණ්ඩායමට කිට්ටු වුණා කියා. යමකු එසේ කිට්ටු වී තිබුණි නම් වෙනත් කරුණක් නිසා දරුණු හීනමානයක් තිබූ අයෙක් වෙන්න ඕන.

 

එක්ස් කණ්ඩායම පොදුවේ ගත්කල විද්‍යාව නොදත්කම වසා ගත්තේ ඊනියා මනෝ විශ්ලේෂණයක් බදා ගෙන. මනෝ විශ්ලේෂණය සාමාන්‍යයෙන් විද්‍යාවක් ලෙස සැලකෙන්නේ නැහැ. මා විද්‍යාවවත් ගණිතයවත් උසස් ලෙස සලකනවා නො වෙයි. එහෙත් මෙරට සම්මුතිය අනුව විද්‍යාව හා ගණිතය උසස් ලෙස සැලකෙනවා. එක්ස් කණ්ඩායම ඊනියා වැදගත් බවක් ලබා ගත්තේ ලකාන් ජිජැක් වැනි ඊනියා බුද්ධිමතුන්ගේ ඇඟේ එල්ලීමෙන්. මටත් විද්‍යාඥයකුවත් ගණිතඥයකුවත් වීමට නොහැකි වුණා. එහෙත් එසේ වූයේ ඇයි දැයි මා දැන ගත්තා. චින්තනය නම් සංකල්පය ඇසුරෙන්.   විිද්‍යාඥයකු වීමට නොහැකි වීම නිසා මා අසාර්ථක වුණත් ප්‍රශ්නයක් නොවූයේ එය චින්තනය පිළිබඳ ප්‍රශ්නයක වූ බව දැන ගැනීමට හැකි වූ බැවින්.

 

අද එක්ස් කණ්ඩායමේ සිටියවුන්ට සිංහල බෞද්ධ සංස්කෘතිය යනු කුමක් දැයි තේරුම් ගැනීමට නොහැකි වී තිබෙනවා. අපට එයට කරන්න දෙයක් නැහැ. ඔවුන් හිතනවා නම් සිංහල බෞද්ධයන් හැසිරෙන්නෙත් හැදෙන්නෙත් ඉංගිරිසින් වගේ කියා, ඔවුන්ට සිංහල බෞද්ධයන් හා ඉංගිරිසින් අතර වෙනසක් ඇති බව වටහා ගැනීමට හැකි බුද්ධියක් නැත්නම් අපට ඇත්තේ ඔවුන්ගේ බොරු උගත්කම  මතක් කිරීම පමණයි. සමහර විට ඔවුන් මනසින් තවමත් ලන්ඩන් සඟරාව අනුව ලන්ඩන් යනවා ඇති.

 

අරුන් සිද්ධාර්ථන්ට එවැනි හීනමානයක් නැහැ. ඔහුට එක්ස් කතා නැහැ. ඔහු බෞද්ධයෙක්.එහෙත් ඔහු දෙමළ හින්දු සංස්කෘතියට අපහාස කරන්නේ නැහැ. ඔහු විරුද්ධ වන්නේ වෙල්ලාලවාදයටයි. ලංකාවේ දෙමළ ජනකොටස් සියල්ල භාරතයේ අර්ථයෙන් නම් අයත්වන්නේ ශුද්‍රයන්ට. ලන්දේසීන් තමයි වෙල්ලාලයන් ඊනියා උසස් කුලයකට දැම්මේ. පසු කලෙක මෑතක දි ආරුමුගම් නවලාර් ශුද්‍රයන් අතර ඉහළ ශුද්‍රයන් ලෙස වෙල්ලාලයන් නම් කර මතවාදයක් ගොඩ නගා වෙල්ලාල ආධිපත්‍යය තහවුරු කළා.

 

අද වන විට රට හැර ගොස් ඇති දෙමළ ජනකොටස්වලින් අති විශාල ප්‍රතිශතය වෙල්ලාලයන්. එබැවින් යාපන ප්‍රදේශයේ 60%ක් 70% ක් පමණ ඊනියා අඩුකුලවලට අයත් වූවන්. අරුන් සිද්ධාර්ථන්ට යාපන දේශපාලනයේ වැදගත් තැනක් හිමිවන්නේ ඔහු එක්ස් කාරයන් (හිටපු හරි ඉන්න හරි) මෙන් සුළුතරයක නොවීමත් ජනගහනයෙන් බහුතරය ඔහු සමග සිටීමත් නිසා. ජෙප්පන්ට ඇති බහුතරයක් නැහැ. සිංහල බෞද්ධ විරෝධයක් නම් හරිණි වැන්නන් හරහා ඇති වී තිබෙනවා. වි පෙට (මාලිමාවට) ඇති සමජවාදයකුත් නැහැ. එය නම් ප්‍රශ්නයක් නො වෙයි. ලෝකයේ කොහේවත් මාක්ස්වාදී සමාජවාදයක් තිබිලත් නැහැ, ඇත්තෙත් නැහැ.

 

අරුන් ගැන රනිල්ගේ නම් තක්සේරුවක් ඇති බව පැහැදිලියි. රනිල් ජනාධිපතිවරණයක් තියන්නේ තමාට 50%ක් ඡන්ද ඇති බව  ඒතතු යන්නේ නම් පමණයි. එසේ නැත්නම් ඔහු විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට පනතක් ගෙනේවි. සඳහා අද වැඩ කරන්නේ කරු ජයසූරියයි. පනතත් සමග මාමා අනුගමනය කරමින් තමා විධායක අගමැති කර ගැනීමේ හැකියාවක් තියෙනවා.

 

කෙසේ වෙතත් අද මෙරට තීරණාත්මක සාධකය බවට අරුන් පත් වී තියෙනවා. අරුන්ගේ උතුරේ ඡන්ද ප්‍රමාණය මෙටාවේ මැත දොඩවන එක්ස් කාරයන්ගේ නොගිණිය හැකි ඡන්ද ප්‍රමාණය සමග සැසඳූ විට  මහමෙර හා අබ ඇටයක් වගේ. අරුන් රනිල්ට සහාය දෙන්නේ නැද්ද යන්න ජනාධිපතිවරණය පැවැත්වීමට තීරණයක් ගැනීමේ දී රනිල්ට බලපාවි. අරුතින් අරුන් මෙරට දේශපාලනයේ වැදගත් සාධකයක් බවට පත් වී තියෙනවා. ඔහු තමයි ජනාධිපතිවරණය පවත්වන්නේ නැද්ද යන්න තීරණය කරන්නෙත් ජනාධිපති රනිල් වන බව තීරණය කරන්නෙත්.

 

අද මෙරට ජාතිවාදීන් වන්නේ වෙල්ලාලයන් හා සිංහල බෞද්ධ විරෝධීන් පමණයි. සිංහල බෞද්ධ සංස්කෘතියක තම අනන්‍යතාව රැක ගනිමින් ජීවත් වෙනවා වෙනුවට ඉංගිරිසි ක්‍රිස්තියානි සංස්කෘතික ආධිපත්‍යයක වහලුන් වීමට ඔවුන් කැමැත්තක් දක්වනවා. 

 

ඉදිරි මාස හයක පමණ කාලය රටේ තීරණාත්මක කාලයක් වෙනවා. ජනාධිපතිවරණයක් පැවැත්වීමට තීරණය කළහොත් රනිල් ඊනියා පොදු අපේක්‍ෂකයා බවට පත් කිරීමට පොහොට්ටුව නිල වශයෙන් එකඟ වීමත් සමග එහි දෙදරීමක් සිදු වෙනවා. අනුව ජාතිකත්ව මන්ත්‍රී කණ්ඩායමක් පාර්ලිමේන්තුවේ ඇති වෙවි. ඊනියා විධායක අගමැති ධුරයක් ඇති කිරීමට රනිල් තීරණය කළත් එයට විරුද්ධ කණ්ඩායමක් ඇති වේවි.  කණ්ඩායම් දිලිත් ජයවීරගේ පක්‍ෂය සමග ගණුදෙනු කරන්නේ කෙසේ යන්න මත රටේ අනාගතය තීරණය වේවි. මේ කිසිවකින් මා අරුන් සමගවත් දිලිත් සමගවත් වෙනත් කිසිවකු සමගවත් දේශපාලන සංධානයක ඉන්න බවක් කියැවෙන්නේ නැහැ.

 

ජාතිකත්වය නැති වී දිය වී ගොස් ඇති බවට සිහින දකින එක්ස් කාරයන් නින්දෙන් අවදිවන විට තමන් මෙටාවේ හා මොටාවේ පල් වෙන පිරිසක් පමණක් බව දැන ගනීවි.