Main Logo

Tuesday 16 January 2024

ප්‍රේමකුමාර හා මම

 

ප්‍රේමකුමාර හා මම

 

මහාචාර්ය ප්‍රේමකුමාර සිල්වා මහතාගේ පිළිතුරෙහි ඉතිරි කොටසට අද ප්‍රතිචාර දක්වමු.

 

ඔහු වෙනත් ප්‍රශ්නය ක් මෙසේ අසයි "ප්‍රේමකුමාරට අනුව මා ජාතිවාදියෙක් ?" ඔබ ජාතිවාදයෙක් නැද්ද යන්න මම නොදනිමි එහෙත් මා එසේ නොවන බව පමණක් දනිමි.

 

දෙවනුව 'ප්‍රේමකුමාර වෙල්ලාල ප්‍රශ්නය දෙමළ ජාතිවාදය ලෙස හඳුන්වනවා ? දිර්ඝ පිලිතූර ක් දියයුතු ප්‍රශ්නය ක් වුවත් මා මෙසේ කියමී..මා දෙමළ , සිංහල මෙන්ම මුස්ලිම් ජාතිවාදයන් පමණක් නොව යුදෙව්, හින්දු වැනි ජාතිවාදය න් ඉදුරා විරුද්ධ බවයි.. “

 

මා ජාතිවාදියකු නැද්ද යන්න ප්‍රේමකුමාර නොදනියි. එහෙත් ඔහු තමා ජාතිවාදියකු නොවන බව දනියි. එසේ ඔහු කලින් කියා ඇත්තේ සුවාදීන ශිෂ්‍ය සංගමය ජාතිවාදී නොවන බව.  ඔහුට ජාතිවාදය ජාතිවාදියා ආදිය පිළිබඳ යම් නිර්වචන (නිර්ණායක) ඇති බව පැහැදිලියි. එසේ නොමැති ඔහුට තමා ජාතිවාදියකු නොවන බවත් සුවාදීනයන් ජාතිවාදී නොවන බවත් කීමට නො හැකි . එහෙත් ඔහුට මා ජාතිවාදියකු යැයි කීමට නොහැකි . ඔහුට මා ජාතිවාදී බව හරි නොවන බව හරි තීරණය කිරීමට තම නිර්ණායක ප්‍රමාණවත් නොවන බව ඉන් කියැවෙන්නේ ?

 

මා ලියා ඇති ලිපි සංඛ්‍යාව දසදහසකට ආසන්න විය යුතු . මහාචාර්යවරු ලියන ශාස්ත්‍රීය පත්‍රිකා නොවන බව මා පිළිගන්නවා. මා ලියා ඇති ලිපි අනුව තම නිර්ණායක යොදා ගනිමින් මා ජාතිවාදියකු කියා කීමට නොහැකි නම් එක්කෝ ඒ් නිර්ණායක ප්‍රමාණවත් නොවන බව හරි මා නිර්ණායක මග හැරීමට තරම් දක්‍ෂ පුද්ගලයකු බව හරි වෙනත් දෙයක් හරි කියැවෙනවා.

 

සමග කිව යුතු කරුණක් නම් කිසිම නිර්ණායකයක් වාස්තවික නොවන බවයි. ජාතිවාදියා පිළිබඳ මගේ නිර්ණායක එනම් මගේ නිර්වචනය ප්‍රේමකුමාරගේ නිර්වචනයෙන් වෙනස් වෙන්න ලොකු ඉඩක් තියෙනවා. මෙටාවෙ ඉන්න විවිධ පඬිනැට්ටන්ට ජාතිවාදියා  කවුද යන්න ගැන විවිධ නිර්වචන ඇති. බටහිරයන් තම රටවල ඇති විවිධ සංස්කෘතීන් සමාන නැති බව පිළිගන්නා අතර අප වැනි රටවල ඇති විවිධ සංස්කෘතීන් සමාන නැතැයි කීම ජාතිවාදයක් ලෙස සලකනවා. එංගලන්තයේ බෞද්ධ සංස්කෘතිය කිසි දිනෙක ඇංග්ලිකන් ක්‍රිස්තියානි සංස්කෘතියට සම කෙරෙන්නේ නැහැ. ඇංග්ලිකන් ක්‍රිස්තියානි සංස්කෘතිය අධිපතිවාදීයි. සිංහල බෞද්ධ සංස්කෘතියට මෙරට දිය යුතු විශේෂත්වයවත් බටහිරයන් හා ඔවුන්ගේ අනුගාමිකයන් දෙන්නේ නැහැ,      

 

වෙල්ලාලයන් ගේ ප්‍රශ්නය මෙරට දෙමළ ජාතිවාදය ලෙස මා හඳුනා ගන්නවා.  ගැන දීර්ඝ පිළිතුරක් දිය යුතු බව කියා ප්‍රේමකුමාර ප්‍රශ්නය මග හැර  තමා විවිධ ජාතිවාදවලට විරුද්ධ බව පවසයි. ඉන් කිසිවක් නොකියැවෙන බව පමණක් කියන්න වෙනවා.

 

කවරාකාරයේ දැනුම් පද්ධතිය ක් වුවත් "ප්‍රශ්න" කල යුතුයි යන ඔහුගේ ආස්ථානය හිසනමා ගරුකරමී. ඔහුගේ වචන උපුටා දක්වන්නේ නම්ඃ

 

"ප්‍රේමකුමාර හා මා අතර ඇති මූලික වෙනසක් නම් ඔහු බටහිර දැනුම ඇතුළතින් ප්‍රශ්න කරන අතර සිංහල බෞද්ධ සංස්කෘතිය පිටතින් ප්‍රශ්න කිරීමත් මා බටහිර දැනුම පිටතින් ප්‍රශ්න කරන අතර සිංහල බෞද්ධ දැනුම ඇතුළතින් ප්‍රශ්න කිරීමත්" ඇත්තටම ඔහුත් පිලිගන්නා පරිදි අපි දෙදෙනාම සිදුකරමින් සිට්න්නේ එකම දේ නමුත් අප ගේ එලඹුම් වල පමණක් වෙනසක් ඇති බව යි..

 

නමුත් ඔහු එය කරන්නේ "බටහිර දැනුම් ආධිපත්‍යයෙන් මිදී" නමුත් ඔහු අනුව මා "ප්‍රේමකුමාර තවමත් ආධිපත්‍යයේ හිර වෙලා". එසේ කිසිසෙත් බුද්ධ්මය සිර අඩස්සිය මා නොසිට්න බව පමණක් ප්‍රාකාශ කරමී. බුදුන්වහන්සේ එකවර බුදුවුයේ නැත එය දිර්ඝ කලීන උත්සාහක හා සියල්ල ප්‍රශ්න කිරිමේ ප්‍රතිඵල කී..මා එසේ පෙරුම් පුරන්නෙකු වෙමී..අයුබොවේවා"

 

අපේ එළඹුම්වල වෙනස ඉතා වැදගත් වෙනවා. ප්‍රේමකුමාර බටහිර ක්‍රිස්තියානි ආධිපත්‍යයේ සිරකරුවකු බව මා නැවතත් කියනවා. හිරගෙදරට අප යන්නේ අපේ අධ්‍යාපනය මගින්. මෙරට මොන පසලට ගියත් අධ්‍යාපන හා දැනුම් ආධිපත්‍යයෙන් මිදෙන්න ඉතා අපහසුයි. හිරගෙදර ඉතා සුව පහසු තැනක් ලෙස අපට පෙනෙන්න සලස්වනවා. මේ හිරගෙදර පුදුම තැනක්. ඇතැම් අවස්ථාවල හිරකරුවන් හිරගෙදර රැකවලුන් (ජේලර්) වෙනවා. මොටාවේ ගුරුවරු එවැන්නන්. සමහර විට ප්‍රේමකුමාරට හිරගෙදර හිරගෙයක් බව නොපෙනෙනවා නම් එයට හේතුවක් විය හැක්කේ ඔහු හිරගෙදර රැකවලකු වීමයි.

 

ප්‍රේමකුමාරගේ ගුරුවරුන් බටහිර සමාජ විද්‍යාඥයන් හා මත කරපින්නාගත් ගණනාථ ඔබේසේකර ස්ටැන්ලි තම්බයියා එච් එල් සෙනෙවිරත්න නිවුටන් ගුණසිංහ වැන්නවුන්. පලස්තීන ඇමරිකානුවකු වූ එඩ්වඩ් සයිඩ් (මෙහි ඇත්තේ ඔහුගේ ඡායාරූපයක්) හිරගෙදර රැකවලෙක්. ප්‍රේමකුමාර වැඩිම වුණොත් හිරගෙදර රැකවලකු වූ හිරකරුවෙක්.

 

මා සමාජ විද්‍යාඥයකු තබා භෞතික විද්‍යාඥයකුවත් නොවෙයි. මට භෞතික විද්‍යාඥයකු වීමට බැරි වුණා. එය මගේ වාසනාවක් වෙන්න ඇති. මට බටහිර දැනුම් ආධිපත්‍යයෙන් කැඩෙන්න හැකි වූයේ මගේ නොහැකියාව නිසයි. ප්‍රේමකුමාරට නොහැකියාව නැති බව පැහැදිලියි. ඔහු පත්‍රිකා ඉදිරිපත් කරමින් ක්‍ෂෙත්‍රයේ රැඳී ඉන්නවා. ඔහුට බටහිර දැනුම් ආධිපත්‍යයෙන් මිදීමට හැකි වේවා යැයි ප්‍රාර්ථනා කරනවා. දිගාසිරි!