Main Logo

Wednesday 10 January 2024

සමසමාජ සමාජවාදය හා සමාජවාදී ජේ ආර්

 

සමසමාජ සමාජවාදය හා සමාජවාදී ජේ ආර්

 

බලාගෙන ගියාම මෙරට වාමාංශික ව්‍යාපාරය මහා විශාල ජයග්‍රහණයක් අත්පත් කරගෙන තියෙනවා. ඉතාමත් බුද්ධිමත් වමකුට අනුව සමසමාජ ව්‍යාපාරය සදා නොමැකෙන දෙයක් මේ රටේ කර තියෙනවා. බුද්ධිමතා එසේ මෙසේ බුද්ධිමතකු නො වෙයි. සමහර විට අද මෙරට ඉන්න ඉහළ බුද්ධිමතා වෙන්න පුළුවන්. ඔහු වමාලාට නම් කිසිම සැකයකින් තොරව ඉහළ බුද්ධිමතා. ජී එල්ගේ වචනවලින් නම් බව සක්සුදක් සේ පැහැදිලියි. කවුදෝ ඇහුවලු ඉන් කියැවෙන්නේ ශක්‍රයාගේ සුද කියා.

 

මේ අග්‍ර ගණ්‍ය බුද්ධිමතාට අනුව සමසමාජ ව්‍යාපාරය දැන් අවසන්. එහෙත් එහි දායකත්වය හැම දා තියෙනවා. අඩු තරමෙන් මෙරට සිරිමා බණ්ඩාරනායක වර්ගයේ ජනරජ පවතින තුරු තියෙනවා. දැනටමත් අවුරුදු පනහක් පමණ පැවතිලා තියෙනවා. තමයි සමාජවාදය.

 

කිසිවකු හිතන්න පුළුවන් සමසමාජ ව්‍යාපාරයෙන් මෙරට සමාජවාදය ඇති කරල කියලා. අපොයි නැහැ. මාක්ස්වාදී සමාජවාදය තමයි සමසමාජ ව්‍යාපාරයට අවශ්‍ය වුණේ. ඒ් කියන්නේ කොමියුනිස්ට් සමාජයකට පෙර ඇති වෙන කම්කරු පංති ආඥාදායකත්වය (Dictatorship of the Proletariat). එහෙම කම්කරු පංති ආඥාදායකත්වයක් ලෝකෙ කොහෙවත් ඇති වෙලා නැහැ. ඒකට ප්‍රධාන හේතුව  කම්කරු පංතියක් කියල එකක් හොයා ගන්න බැරි වීම.

 

අසහාය බුද්ධිමතාට අනුව සමසමාජ ව්‍යාපාරය මෙරට කරල තියෙන කටයුත්ත තමයි ජේ ආර් ජයවර්ධන ලවා සමාජවාදය පිළිගැනීමට සැලැස්වීම. බුද්ධිමතී මේ ගැන මොනව කියනවද කියල දැනගන්න නැහැ. බුද්ධිමතයි බුද්ධිමතියි දැන් එක පක්‍ෂයකට හෝයියා කියනවා. නැහැ පක්‍ෂය සමාජවාදී නො වෙයි. කලක් එය මාක්ස්වාදයත් ජාතිකවාදයත් අතර දෝලනය වුණා. කාලෙ තමයි ගුණදාස අමරසේකර උගත් ගැමි තරුණ පරපුර මගින් මෙරට විමුක්තිය අත්කර ගන්න හැදුවෙ. ඔහු ගණඳුරු මැදියම අරුණළුත් දුටුවා.

 

අද වන විට පක්‍ෂය ජාතිකත්වයත් මාක්ස්වාදයත් දෙකම අත්හැරලා හරිණි සමාජවාදය වැළඳ ගෙන. අද එය තනිකර පුංචි ජා පක්‍ෂයක්. රනිල්දාස තඹුත්තේගමින් නො වෙයි බිබිලෙන් ආවත් ඊට වඩා දෙයක් කරන්න බැහැ. අද ගුණදාස අමරසේකර අනාථ වෙලා. ඔහුට ඇත්තේ තවත් දත් දොස්තරලා දෙන්නකු පමණයි. නිසා තමයි ඔහු පහුගිය දා පැවැත්වූ උපහාර උළෙලේ දී එක් දත් දොස්තර කෙනකුට අනුව සුපිරි කතාවක් කරමින් අපට අනාගතයක් දකින්න බැහැ කියා කිවුවෙ. ඒක සුපිරි කතාවක් වුණෙ කොහොමද කියල නොදත් දොස්තර කෙනකුගෙන් තමයි අහන්න ඕන.

 

ජේ ආර් සමාජවාදය පිළිගත්ත කිවුව මට පුදුම හිතුණා. අද රටේ ආර්ථික අර්බුදයට ප්‍රධාන වගඋත්තරකරු ජේ ආර්. ඔහුගෙ විවෘත ආර්ථික ප්‍රතිපත්තිය තමයි ණයට කෑම අධිපරිභෝජනය හා බොරු ෂෝක්වලට අමතර    අපට මේ විපත ගෙන ඒමට ප්‍රධාන වශයෙන් දායක වුණෙ. මා දැන හිටියෙ නැහැ මාක්ස්වාදයෙන් විවෘත ආර්ථිකේ කියැවෙනව කියල. ඩාස් කැපිටල් කියන එක දාස් කැපිටල් කියල කිවුව ප්‍රාග් ධනයේ දාස කියන තේරුමක් ලැබෙනවා ? රනිල්දාස දන්නවා ඇති.  

 

හැබැයි ඒක එහෙම නොවෙයි කියල මට පස්සෙ දැන ගන්න ලැබුණා. ජේ ආර් සමාජවාදය පිළිගෙන තියෙන්නෙ වෙන අර්ථයකින්. ඔහු ව්‍යවස්ථාවෙ ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජය කියල සඳහන් කරලා. මදැයි. දැන් ඉතින් ලංකාව සමාජවාදී රටක්. තවත් මොන විප්ලව ? සමසමාජ ව්‍යාපාරයට පස්වණක් ප්‍රීතියෙන් උදම් වෙන්න පුළුවන්. ජේ ආර් රට සමාජවාදී ලෙස නම් කරල. බව වටහාගත්ත බුද්ධිමතාට රාජ්‍ය සම්මාන දෙන්න වටිනවා.

 

ඒත් පොඩි කොස්සක් තියෙනවා. ව්‍යවස්ථාවෙ සඳහන් වෙන්නෙ නැහැ මාක්ස්වාදී සමාජවාදය එහෙමත් නැත්නම් මාක්ස්වාදීන් කියන විධියට මනෝරාජික මාක්ස්වාදය කියල. ඔය ෆුරියර් ආදීන් කියවපු සමාජවාදයකුත් තිබුණා. මාක්ස්වාදීන් එයට කිවුවෙ මනෝරාජික සමාජවාදය කියලා. සමාජවාදය මාක්ස්වාදී සමාජවාදය වගේ විද්‍යාත්මක නැහැ කියලයි මාක්ස්වාදීන් කිවුවෙ.

 

අපි දන්නෙ නැහැ ජේ ආර් විද්‍යාත්මක කියල, දැන් ඔය ව්‍යවස්ථාවෙ සඳහන් වෙන්නෙ මොන සමාජවාදය කියල දැන ගන්න විධියක් වමාලට තියෙනවා ? බුද්ධිමතුනට බුද්ධිමතියනට තියෙනවා ?