Main Logo

Wednesday 31 January 2024

සංධාන වසන්තය

 

සංධාන වසන්තය

 

මේ සංධාන සමයයි. මෙය රනිල්ගේ දේශපාලන සංධ්‍යා සමය කිරීමට ඉටා ගත යුතුයි. මාමයි බෑනයි මෙරටට කර ඇති හානිය දෙදහස් පන්සිය වසරක ඉතිහාසයෙහි තද කළු අකුරින් ලියැවී තියෙනවා. රනිල් ජනාධිපතිවරණයක් පැවැත්වීමට තීරණය කරනු ඇත්තේ තමාට දිනිය හැකි බවට සහතිකයක් ඇත්නම් පමණයි. නැත්නම් පළාත්පාලන ආයතනවල මැතිවරණ මෙන් ඇත්තෙත් නැත්තෙත් නැති තත්චයකට ජනාධිපතිවරණයත් පත් වේවි.

 

කොහොමත් සංධාන සඳහා දේශපාලනඥයන් යොමු වන්නේ මැතිවරණ ජනාධිපතිවරණ සේයාවක් වැටී ඇති බැවින්. මෙරට හැම දා තිබුණේ ප්‍රධාන වශයෙන් සංධාන තරග. 1956 දී මහජන එක්සත් පෙරමුණ නමින් සංධානයක් පිහිටුවා ගැණුනා. එපමණක් නොව හතළිස් ගණන්වල මුල පිහිටුවා ගනු ලැබූ එක්සත් ජාතික පක්‍ෂය සංධානයක්. එය එකල තිබූ කොංග්‍රසය බණ්ඩාරනායක මහතාගේ සිංහල මහා සභාව සහ දෙමළ පක්‍ෂ ඇතුළු තවත් පක්‍ෂ එකතු වී සැදුණු සංධානයක්. එදා මෙදා තුර මෙරට මැතිවරණවල දී ජයගෙන ඇත්තේ සංධාන.

 

මෙරට ද්විපක්‍ෂ ක්‍රමයක් ඇති  බව පැවසීම මුසාවක්. මා දන්නේ නැහැ පක්‍ෂ කීයක් ලියා පදිංචි වී ඇත් කියා. කොපමණ වුවත් ප්‍රධාන පක්‍ෂවලට තනිය තරග කර දිනන්න බැහැ. ජා පක්‍ෂයත් සංධානයක් බවත් එය විවිධ කාලවල දී කැඩීම් බිඳීම් එකතුවීම් වලට භාජනය වී ඇති බවත් මතුපිටින් ප්‍රශ්න අතගාන මෙටාවන්ට හා මොටාවන්ට තේරෙන්නේ නැහැ. දෙමළ ජාතික සංධානයත් සංධානයක් බව අමුතුවෙන් කියන්න ඕන නැහැ.

 

අද ජා පක්‍ෂයට ලන්සාගේ ඊනියා නව සංධානය හා තවත් සංධාන එකතු වීමට යන බව පැහැදිලියි. එමෙන් ජා පක්‍ෂයෙන් (සංධානයෙන්) කැඩුනු බලවේගයටත් විවිධ සංධාන එකතු වන ප්‍රවණතාවක් තියෙනවා. වි පෙ ජාතික ජන බලවේගය නමින් සංධානයක් හදා ගෙන. වි පෙරමුණට කිසි දා මැතිවරණයකින් ජයගන්න බැරි නිසා. ඒකෙන් කියන්නේ නැහැ හරිණි වෙනුවෙන් ගැමි කතා අත්හැරිය මාලිමාවට මංගල සීනු හඬ ඇසේවි කියා.

 

මේ සඳහන් කෙරුණු සංධානවල ජාතිකත්වයක් ගැවීවත් නැහැ. අද ජාතිකවාදීන් බලා සිටින්නේ ජාතිකත්වයක් යම් පමණකටවත් ඇති සංධානයක් හැදෙන තුරු. වත්මනෙහි ජාතිකත්වයක් ඇති ප්‍රධාන සංධානය බවට පත් වුයේ ගෝඨාභය රාජපක්‍ෂ වටා එකතු වුණු පොදු ජන එක්සත් පෙරමුණ. පනස්හයේවත්  දෙදහස් පහේවත් දෙදහස්  දහයේවත් එවැනි ශක්තිමත් සංධානයක් ගොඩ නැගුණේ නැහැ. නිසා බටහිරයන් හා ඉන්දියාව එකතු වී ශක්තිය බිඳ දැමීමට සැලසුම් සහගත ක්‍රියා කළා. එහි දී මෙටාව මොටාව පඬි නැට්ටන් ජෙප්පන් හා සෙප්පන් බටහිරයන්ගේ ඉත්තන් වුණා.

 

බටහිරයන්ට හා ඉන්දියාවට හැකි වුයේ ජාතිකත්ව නායකත්වය නැති කිරීමට පමණයි. ඔවුන්ට මෙරට ජාතිකත්වය නැති කරන්න බැහැ. සැලසුම් සහගත ඉස්මත්තට ගෙනෙන ලද ඊනියා ආර්ථික අර්බුදය එක්තරා ආකාරයක මායාවක් පමණයි. 1953 පමණ සිට ණයට කෑම බොරු උගත්කම් ඇතුළු බොරු ෂෝක් හා අධි පරිභෝජනය හේතුකොටගෙන කොවිඩ් හරහා ඇති වුණු ණය ගෙවීමට නොහැකි වීම නිසා බටහිර ඒජන්තයා වූ රනිල් හැරෙන්න වෙනත් කිසිවකු අගමැතිකම භාරගන්න ඉදිරිපත් වුණේ නැහැ. ඉදිරිපත් වුණත් බටහිරයන් කිසිවකුට රට කරන්න ඉඩ දෙන්නෙත නැහැ. ණය ගෙවීමට බල කරනවා.

 

අද නන්දලාල් කියනවා රට බංකොළොත් කියා කිසි දිනෙක කියා නැති බවක්. මා පුවත්පත් නිවේදන එකතු කරන්නේ නැහැ. එහෙත් මට මතකයක් තියෙනවා රට බංකොළොත් බව කී බවට. මගේ මතකය දුර්වල බවත් මා පිළිගන්නවා. නන්දලාලුත් කියනවා ණය ගෙවන්න බැහැ කියල නම් කිවුවා කියා. කොහොමටත් සියල්ල මැද ජාමුල මැදිහත්වෙලා ණය ගෙවීම කල් දාලා. ඊනියා ප්‍රතිව්‍යුහගත කිරීම කියන්නෙ ඒකයි. මඤ්ඤොක්කා දණ්ඩක් හිටවන්නෙ නැතුව රනිල් ඊනියා ආර්ථික අර්බුදය විසඳුවෙ ණය නොගෙවා සිටීමෙන් මිස ඔහුගෙ දක්‍ෂතාවකට නො වෙයි.   

 

රනිල්ට රට භාර දීම ගැන විමල් වීරවංශ පොහොට්ටුවට දොස් කියනවා. ඔය කියන්නෙ තරගය රනිල් හා ඩලස් අතර වුණු අවස්ථාවෙ පෙහොට්ටුව රනිල් තෝරා ගැනීම ගැනයි. අනෙක් අතට විමල්ලා ආණ්ඩුවෙන් අස්වීමෙන් බටහිරයන්ගෙ පරගලයට ශක්තියක් ලබා දුන්නා. අද කළ යුත්තේ අතීතය හාර හාරා තුවාලය පෑරීම නොව රනිල්ට හා සජිත්ට එරෙහි සංධානයක් ගොඩ නැගීමයි. මාලිමාව කියන්නෙ දෙදෙනාට විශේෂයෙන් රනිල්ට විරුද්ධ ඡන්ද ඡන්ද කඩන සංධානයක් පමණයි.

 

මෛත්‍රිපාලගෙ පුටු සංධානය හැදෙන්නෙ නැති එකක් පමණයි. පුටු හදන මිනිසුන් පුටු කඩන විට හැදෙන පුටුවක් තියා පුටු කකුලක්වත් නැහැ