Main Logo

Wednesday 3 January 2024

සජිත් හා රනිල්දාස වැඩ බැරි ටාසන්ලා

 

සජිත් හා රනිල්දාස වැඩ බැරි ටාසන්ලා

 

මා කලින් දවසක කියා ඇති වැට් බද්ද යන්න ලයිට් එලිය වගේ යෙදුමක් කියා, වෑට් බද්ද කියන විට ටැක්ස් බද්ද කියා කියැවෙනවා. ඒකට කමක් නැහැ. අපි වැට් බද්ද කියා කියමු. ඒත් මේ ලිපිය වැට් බද්ද ගැන නො වෙයි. වැට් බද්දේ පියා රනිල් හා ඔහු පත්කළ ජාමූල ඇතුළු බටහිරයන් හා ඔවුන්ගේ ඉත්තන් ලෙස ක්‍රියා කළ පඬි නැට්ටන්, ජෙප්පන්, සෙප්පන්, කලා කරුවන්, ගායක ගායිකාවන්, නළුවන්, ගේහපද රචකයන්, කුරුස කරුවන්, කාදිනල්තුමා, එතුමාගේ දෑග සවුවන්, වටලප්පන් බෙදන්නන්, යාඥා කරුවන් ආදීන් ගැනයි.

 

වැට් බද්ද පනවා ඇත්තේ ජාමුල අවශ්‍යතාවක් පරිදි. එයට මූලික හේතුව වූයේ ජාමුලට අවශ්‍ය පරිදි රුපියල පා කිරීම. ගෝඨාභය හා කබ්රාල් මුල දී කළාක් මෙන් ඩොලරයට නිශ්චිත අගයක් නියම කළා නම් මුදල් අමාත්‍යාංශයට ඩොලර් මිල දී ගැනීමේ දී මහා බැංකුවට රුපියල් විශාල ප්‍රමාණයක් ගෙවන්න සිද්ධ වෙන්නෙ නැහැ. අද එසේ ගෙවන්න මුදල් අමාත්‍යංශයට රුපියල් නැහැ. රුපියල් හොයා ගන්න වෙන්නෙ මුදල් අච්චු ගැසීමෙන් බදු පැනවීමෙන්. ජාමූල කියනවා මුදල් අච්චු ගහන්න එපා කියලා. ඉතින් වැට් බද්දයි මරාල බද්දයි අර බද්දයි මේ බද්දයි පනවන්න ඕන.

 

ගෝඨාභය හා කබ්රාල් අවසාන කාලයේ දී කාගේ දෝ උපදෙසක් මත රුපියල පා කළා. මදිවට ගෝඨාභය උපදෙස් මත වෙන්න ඕන කබ්රාල් අයින් කර නන්දලාල් වීරසිංහ ගෙනාවා. ඒත් බටහිරයන්ට මදි වුණා. ඔවුන් ගෝඨාභය අයින් කිරීමට තීරණය කරලා තිබුණෙ.

 

මේ කවුරුත් කරන වරද තමයි ජාමුල මත පමණක් රැඳීම. ඔවුන් ආර්ථික නොබැඳි පිළිවෙතක් අනුගමනය කරන්නෙ නැහැ. ඔවුන් බ්‍රික්ස් කණ්ඩායමේ සංවර්ධන බැංකුවට යන්නෙ නැහැ. අද අපි ජාමූල අඬුවට අහුවෙලා. රනිල් නම් බොහොම කැමැත්තෙන් අහුවෙලා ඉන්න බවයි පේනනෙ.

 

ජෙප්පන් හා සෙප්පන් බොරුවට කෑ ගහනවා වැට් බද්දට විරුද්ධයි කියලා. ගෝඨාභය ඉවත් කිරීමට මේ සියල්ලන් එකට එකතු වුණා. ඔවුන්ට අවශ්‍ය වුණේ රෙද්ද ගලවන්න. එහෙත් අඳින රෙද්ද මොකක් කියා ඔවුන් දැන සිටියේ නැහැ. අඳින රෙද්ද දැන ගන්න ඔවුන්ට වුමනාවක් තිබුණෙත් නැහැ. ඔවුන්ට අවශ්‍ය වුණේ රෙද්ද ගැලවීම පමණයි. රෙද්ද ගැන දැන හිටියෙ බටහිරයන් හා රනිල්. රනිල් අගමැති වෙන්න එක පයින් කැමති වුණා.

 

ජෙප්පන් ආදීන් රෙද්ද ගැලවීමට මිසක් රෙදි ඇන්දවීමට බටහිරයන් හා ඉන්දියානුවන් විසින් යොදා ගැණුනේ නැහැ. ජෙප්පන් සෙප්පන් පඬි නැට්ටන් පමණක් නොව ඊනියා වෘත්තීය සමිති ව්‍යාපාරිකයන් අනෙක් අය බටහිරයන්ගේ ඉත්තන් පමණක් වුණා. ඇතැමුන් නම් දැන සිටියා තමන්  කරන්නේ සිංහල බෞද්ධ නායකත්වය පළවා හැරීම බව. චම්පක හා පල්ලිය බව දැන සිටින්න ඇති. ඕමල්පේ සෝභිත හාමුදුරුවන් නම් බව හොඳින් දැනන් ඉන්න ඇති. උන්වහන්සේ ගෝඨාභය ඉවත් වීමෙන් පසු උදම් ඇනුවේ සිංහල බෞද්ධ නායකත්වය ඉවරයි කියා.

 

ජෙප්පන් සෙප්පන් වෘත්තීය සමිති ව්‍යාපාරිකයන් ආදීන් අද කරන්නේ වහසි බස් දෙඩවීම් පමණයි. ඔවුන් රනිල්ට  කියනවා අහවල් අහවල් දේ අහවල් තැන්වල ගහගන්න කියා. ගෝඨාභය අගමැති ධුරය භාර ගන්නා ලෙස සජිත්ට පමණක් නොව රනිල්දාසටත් කිවුවා. එහෙත් කවුරුන්වත් භාර ගත්තේ නැහැ. ඔවුන් සමතුන් නම් ඔවුන්ට වැඩ පිළිවෙළක් තිබුණි නම් අගමැති ධුරය භාරගන්න තිබුණා. ගෝඨාභය අස්වීමෙන් පසු වැඩ බලන ජනාධිපති වෙන්නත් තිබුණා. එසේ වැඩ බලන ජනාධිපති වී වැඩ පෙන්නන්නත් තිබුණා.

 

ඔවුන් අද වැඩ කාරයන් බව පෙන්නන්න යනවා. එහෙත් තමන්ට ලැබුණු අවස්ථාවෙ ඔවුන් මහ හැරියෙ තමන් වැඩ බැරි ටාසන්ලා බව දැන සිටි නිසයි. ඔවුන්ට තිබුණා සංවර්ධන බැංකුවට යන්න. රුසියාවෙන් තෙල් ගන්න. වැඩ බලන ජනාධිපති ලෙස වැඩ තොගයක් කරන්න තිබුණා. අද තමන් වැඩ කාරයන් කියා කෑ ගැසීමෙන් තම පාක්‍ෂිකයන් රවටන්න පුළුවන්. ඊට වඩා දෙයක් සිදු වන්නේ නැහැ.

 

කොහොම වෙතත් එදා ගෝඨාභය පැන්නුවේ තමන් යැයි කියන්නන් අපට මතක් කරන්නේ මේ අලින්නෙ අපේ වැඩ යැයි කී කටුස්සන්. අර එක එක දේ එක එක තැන්වල ගහගන්න කියන වෘත්තීය සමිති ව්‍යාපාරිකයන්ට බැරි ආණ්ඩුව පළවා හරින්න. ඕන නම් කම්කරු පංතියේ ආඥාදායකත්වය පිහිටුවන්න. කෝ මේ මාක්ස්? පඬි නැට්ටන් තාම බටහිර ඉවුරෙ මළ පහ කරනවා ?