අරුන් රනිල් හා ජාතික ගීය
මෙවරත් අරුන් සිද්ධාර්ථන් යාපනයේ නිදගස් උත්සවය පවත්වනවා. මෙවර වෙනසකට ඇත්තේ දකුණෙන් පිරිසක් එයට සහභාගි වීමයි. සමහර විට සිංහලයන් ද සහභාගිවන යාපනයේ පළමු නිදහස් උත්සවය මෙවර පැවැත්වෙනු ඇති. යාපනයේ නිිදහස් උත්සවය කොළඹ නිදහස් උත්සවය මෙන් සරුවට පැවැත්වෙන එකක් නැහැ. කොළඹ ආණ්ඩුවේ වියදමෙන් කෙරෙන්නක්. අරුන්ට ආණ්ඩුවත් එක්ක හැරෙන්නවත් බැහැ. අරුන් උත්සාහවන්තයෙක්.
සාමාන්‍යයෙන් මා නිදගස් උත්සවය ජයට පවත්වනවට කැමති නැහැ. අප මහත් උත්සවශ්‍රීයෙන් සෑමරිය යුත්තේ ජනරජ දිනයයි. එහෙත් දැනට ඒ සඳහා ඉඩක් නැහැ. එ ජා ප කැමති පෙබරවරි හතර නිදහස සැමරීමටයි. ශ්‍රී ල නි පක්‍ෂ ප්‍රමුඛ ආණ්ඩු වුණත් ජනරජ දිනය සමරන්න එතරම් කැමැත්තක් නැහැ. ලංකාව ජනරජයක් බවට පත්කළ බණ්ඩාරනායක මැතිණියගේ දුව චන්ද්‍රිකාටත් ජනරජ දිනය අමතක වෙලා තිබුණා.
ඒ කොහොම වුණත් සිංහලයන්ගේත් සහභාගීත්වයෙන් යාපනයේ නිදහස් උත්සවයක් පැවැත්වීම වැදගත්. යාපනයේ නිදහස් උත්සවයෙන් කියැවෙන්නේ අප එක මවකගේ දරු කැළක් බවයි. අප එලෙස වීමට අකුල් හෙළුවෝ වෙල්ලාලයෝ. වෙල්ලාලයන් යාපනයේ වසන අනෙක් ජනකොටස් තම වහලුන් ලෙස තබාගෙන ඔවුන්ට කිසිම අවස්ථාවක් නොදී ඒ ඊනියා අඩු කුලවල ජනයා දුකට පත් වී ඇත්තේ තමන් නිසා නොව ඊනියා සිංහල ආණ්ඩු නිසා බව ඒත්තු ගැන්වීමට සමත් වුණා. ඒ ඊනියා සිංහල ආණ්ඩු සමහරක සිත්තම්පලම් ජී ජී පොන්නම්බලම් චෙල්වනායගම් ආදීන් ද සිටි බව වෙල්ලාලයන් කිවුවේ නැහැ. උතුරේ පළාත් සභාව සම්පූර්ණයෙන් ම තමන් යටතේ තිබිය දී ද ඊනියා අඩු කුල ජනයාට යහපතක් වී නැති බව කීමට වෙල්ලාලයන්ට අමතක වුණා.
කොළඹ නිදහස් උත්සවය රනිල්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන අතර යාපනේ නිදහස් උත්සවය අරුන්ගේ ප්‍රධානත්වයෙන්
පැවැත්වේවි. රනිල්ට සුපිරි වෙල්ලාලයන්ගේ ද සහාය තියෙනවා. ඒ දෙගොල්ලන් ම බටහිර ගැත්තන්. රනිල්ටවත් වෙල්ලාලයන්ටවත්
ඇති ජාතිකත්වයක් නැහැ. ඔවුන් ජාතික ගීය සිංහලෙන් ද දෙමළෙන් ද ගායනා කරාවි. අරුන් හා ඊනියා අඩු කුල ජනයා මෙවරත් ජාතික ගීය එක් බසකින්වත් ගයන්නේ නැතුව වාදනයෙන් පමණක් සෑහීමට පත් වේවි.
ජාතික ගීය ගයනවා නම් ගැයිය යුත්තේ සිංහලෙන්. ඉන්දියාවේ ජාතික ගීය ඇත්තේ බෙංගාලි බසින්. හින්දි බසිනුත් නො ැවයි. ඔවුන් ගයන්නේ බෙංගාලි බසින් ඇති ජාතික ගීයයි. එයට ඉතිහාසයක් තියෙනවා. ඉංගිරිසින් භාරතයට පැමිණ ඉන්දියාවක් තනා අගනුවර ලෙස පවත්වාගෙන ගියේ කොල්කතාවයි. ඉන්දීය නිදහස් සටන ඇරඹුණේ කොල්කතාවේ දී. ඒ සටනට ඨකුර්තුමා (තාගෝරතුමා) ගීතයක් ලිවුවේ බෙංගාලි බසින්. පසුව ඉන්දීය ජාතික ගීය වූයේ ඒ ගීතයයි.
පහුගිය දා කොළඹ පැවති ඉන්දීය ජනරජ දින උත්සවයේ දී මහා කොමසාරිස් සන්තෝෂ් ජා වික්සිත් භාරත් ගැන කිවුවා. ඒ සිංහලෙන් විකසිත භාරතය. මෝදී ඉන්දියාව භාරතය ලෙස හැඳින්වීමට පියවර ගනීවි. ඒ භාරතයට බරකරත්තෙන් ආපසු යැමක් නො වෙයි. අද වන විටත් ඉන්දියාව ලෝකයේ පස්වැනි බලවත් ආර්ථිකය. අප අන්තිම පැත්තෙන් පස්වැනි ආර්ථිකය වෙන්න පුළුවන්. පඬි නැට්ටන් මනසින් ලන්ඩන් යනවා.
අද අපට ඇති ප්‍රධාන ප්‍රශ්නය ශක්තිමත් ආර්ථිකයක් ගොඩනගා ගැනීමයි. එය කළ හැක්කේ ජාතිකත්වය මත පදනම් වූ නිෂ්පාදන වැඩ පිළිවෙළකින්. අප ජාතික නිෂ්පාදන ආර්ථිකයක් ගොඩ නගන්න ඕන. එයට යාපනයේ ඊනියා අඩු කුල ජනයාත් සහභාගි වෙන්න ඕන. මෙරට ජාතික ගීය ගැන විවිථ කතා තිබුණත් (ඇතැමුනට අනුව ඨකුර්තුමා එයට සංගීතය සපයා තියෙනවා) පැහැදිලි කරුණ එය ඉන්දියාවේ මෙන් නොව නිදහස් සටනක් සමග බැඳුණු එකක් නොවීමයි. මෙරට නිිදහස් සටන් කැප්පෙටිපොළ පුරන් අප්පු ගොංගාලෙගොඩ බණ්ඩා ධර්මපාලතුමා ආදීන් විසින් කෙරුණු නමුත් ජයවර්ධනලා සේනානායකලා විජේවර්ධනලා වික්‍රමසිංහලා අරුණාශලම්ලා රාමනාදන්ලා කළ සටනක් නැහැ.
ආනන්ද සමරකෝන්ගේ ගීතය 1948 දීත් ගයා ඇති නමුත් ආණ්ඩුව එය ජාතික ගීය ලෙස තෝරාගෙන ඇත්තේ 1950 දී.
නල්ලතම්බි නමැත්තෙක් 1950
දී එහි දෙමළ පරිවර්තනයක් කර තිියෙනවා. දෙමළ පරිවර්තනය පාසල් පොත්වලටත් රිංගා ඇති අතර ජනරජ ව්‍යවස්ථාවටත් රිංගවා තියෙනවා. පසුව උතුරු හා නැගෙනහිර පළාත්වල දෙමළ පරිවර්තනය ගයා ඇති අතර දෙමළ සිසුන් ජාතික ගීය ලෙස දන්නේ එ දෙමළ පරිවර්තනයයි.
2016 දී යහපාලන ආණ්ඩුව නිදහස් උත්සවයේ දී ජාතික ගීය සිංහල දෙමළ භාෂා දෙකෙන් ම ගායනා කිරීමට සැලැස්වුවා. එකල ජනාධිපති වූයේ මෛත්‍රිපාල. ජාතික ගීය පිළිබඳ අද ඇති වී තිබෙන ප්‍රශ්නවලට වග කියන්න ඕන වෙල්ලාලයන් සතුටු කරන්න ගිය රනිල්ලා. අරුන් රනිල් මෙන් භාෂා දෙකෙන් ම ජාතික ගීය ගයන්නේ නැහැ. ඔහු සිංහලෙන් පමණක් ජාතික ගීය ගැයුවොත් වෙල්ලාලයන් එය දඩමීමා කරගෙන ඊනියා අඩු කුල ජනයා අරුන්ගෙන් තමන් වෙතට කඩා ගැනීමට කටයුතු කරන බව නිසැකයි. එවිට සුමන්තිරන් ශ්‍රීධරන් වැන්නන් තව තවත් බලවත් වේවි.
අද දවසේ උතුර සම්බන්ධයෙන් ගත් කළ ප්‍රධාන කාර්යය වන්නේ ඊනියා අඩු කුල ජනයා වෙල්ලාල ආධිපත්‍යයෙන් මුදා ගැනීමයි. අරුන් එබැවින් ජාතික ගීය සම්බන්ධයෙන් ගෙන ඇති තීරණය එක බසකින්වත් නොගයා අදාළ සංගීතය පමණක් වාදනය කරවීමයි. එය අවස්ථාවෝචිත යැයි කියන්න පුළුවන්.