Main Logo

Saturday 5 November 2022

අනේ සකෝ බල ලෝ

 

අනේ සකෝ බල ලෝ

 

ඊයේ සවස අර මානව හිතවාදීන් සම්බන්ධයෙන් ලියූ කෙටි සටහන ඇතැමුන් වැරදියට වටහා ගෙන එය මානව හිතවාදීන් පිළිබඳ නිර්වචනයකින් ගලා එන්නක් කියා. එහි කියා තිබුණේ කරුණු දෙකක්. එකක් ඇමරිකානු ගීතයක කර්මයට උසුළු විසුළු කිරීම ගැන මෙරට ඊනියා මානව හිතවාදීන් නිහඬ ය යන්න. ඒ සම්බන්ධයෙන් ඇමරිකාවේත් යම් විරුද්ධතාවක් ඇති වෙලා තියෙනවා. විශේෂයෙන් ආගමිකයන්ගෙන්.

 

In a remarkable interfaith gesture, a coalition of Christian-Hindu-Buddhist faith leaders is seeking apology from singer-songwriter Taylor Swift for trivializing karma”, a serious and ancient religious doctrine of Hindus and Buddhists, calling it highly inappropriate.

Senior Episcopal priest in Connecticut Father Thomas W. Blake, Hindu statesman Rajan Zed, renowned Buddhist priest Rev. Matthew T. Fisher, Senior United Methodist Pastor Rev. Dawn M. Blundell; in a joint statement today in USA, said that while Hindu and Buddhist seekers and devotees took the concept of karma very seriously; Swift seemed to have irreverently trivialized it in her Karma” song in newly released album Midnights”.

Swift handled karma” frivolously; equating karma with a boyfriend, cat purring on the lap, guy on the screen, breeze in hair, etc.; and included a lot of cursing in the Karma” song; Blake, Zed, Fisher, Blundell stressed.”

මානව හිතවාදයක් තියෙනව නම් ආගමික කතාවලට උසුළු විසුළු කිරීම වෙනුවෙන් තර්ක කරන්න බැහැ. මෙහි වඩාත් ම ගැටළුව තියෙන්නෙ බෞද්ධයන්ගෙ  ඊනියා මානව  විරෝධී කතා ගැන කියමින් බෞද්ධයන්ට බැට දීමට ඊනියා මානව හිතවාදීන් ඉදිරිපත් වීම.

 

දෙවනුව අපට මතකයි නාථ දෙවියන්ට ධම්මික පැණියට ගැරහීමට ඉදිරිපත් වූ අය භාණුක රාජපක්‍ෂට දේව  වරම් ලබා දුන් පාස්ටර්ට විරුද්ධව කිසිවක් නො කීම. එය අද ඊයෙ වැඩක් නො වෙයි. කාලෝ ෆොන්සේකා ද ගිනි පෑගීමේ මිථ්‍යාව ගැන කතා කළාට කොර අය ඇවිද්දපු පූජකවරුන් ගැන වචනයක් කතා කෙළේ නැහැ. මේ සියල්ලෙන් පැහැදිලි වෙන්නෙ මෙරට මානව හිතවාදීන් හරි බුද්ධිවාදීන් හරි නැති බව පමණයි. ඒ සටහනෙන් කියැවෙන්නෙ මොකක් ද කියන එක පඬි නැට්ටන්ට හා ඇතැම් තරුණ තරුණියන්ට තේරුම් ගැනීමට නොහැකි වීම පුදුමයක් නො වෙයි. පුදුමය එහෙම නූණා නම්. කොහොමටත් පඬි නැට්ටන් සිංහල බෞද්ධ සංස්කෘතික විරෝධීන් මිස මානව හිතවාදීන් නො වෙයි.

 

පඬි නැට්ටන්ගේ හා ඇතැම් තරුණ තරුණියන්ගේ බුද්ධි මට්ටම තේරුම් ගැනීමට පරගලය අපට ආධාරකයක් වුණා. ඔවුන්  තවමත් කියන්නෙ මෙරට ආර්ථික අර්බුදය රාජපක්‍ෂලා හොරකම් කිරීම නිසා ඇති වූවක් බව. මෙරට ආනයන අපනයන සංචාරක ව්‍යාපාරය විදේශවල සේවය කරන්නන්ගෙ ප්‍රේෂණ

අරගෙන  පහුගිය කාලෙ අපේ ඩොලර් ආදායමට වඩා ඩොලර් වියදම වැඩිය කියා කොතෙකුත්  පෙන්නුවත් පඬි නැට්ටන් ඒ දෙස බලන්නෙ නැහැ. ඩොලර්වලින් වියදම වැඩි වෙනවිට අප කෙළේ ඩොලර් ණයට ගන්න එක. වැඩියෙන් ම ණයට අරන් තියෙන්නෙ  විතරක් නොවෙයි වැඩිම පොලියට ණය අරන් තියෙන්නෙත් යමපාලන ආණ්ඩුව! අපේ ණය ඩොලර් බිලියන පනස් ගණනක්.

 

වසංගතය නිසාත් ප්‍රේෂණ උන්ඩියල් වීම නිසාත් සංචාරක ව්‍යාපාරය කඩා වැටීම නිසාත් අපට වාර්ෂික ණය ගෙවීම් කර ගන්න බැරි වුණා. ඒ නිසා අප ණය ගෙවන්න බැරි බව ප්‍රකාශ කළා. ඒ ඊනියා විශේෂඥයන්ගෙ උපදෙස් අනුව. ඒ අය අද හොයා ගන්න බැහැ. දැන් කියනවා ණය ගෙවීම කල් දාගන්න සාකච්ඡා කරන්න කියා. ජාමුලෙ අවුරුදු හතරකට ඩොලර් බිලියන හතරක් දෙන්න ලැහැස්ති වෙන්නෙ අර ණය ගෙවීම කල් දාගන්නවා නම්. ඒ මදිවට ඔවුන් තව තවත් කොන්දේසි දානව. රුපියල පා කරන්න කියනවා. රුපියල පා කළා ම බඩු මිල වැඩි වෙලා අප හාමතේ පා වේවි.

 

1953 ඉඳන් අපි ණය ගන්නවා. ණයට කනවා. අපට කිසි දා සැලැස්මක් තිබුණෙ නැහැ. අපි රටක් හැටියටත් පුද්ගලයන් හැටියටත් දුර බැලුවෙ නැහැ. එදා වේල පිරිමහා ගන්න එක තමයි අපි කෙරුවෙ. මෙහි දී අපි ධනවාදී ආර්ථිකය මෙන් ම ඊනියා සමාජවාදී ආර්ථිකයක් ද කර තබා ගත්තා. එය එළ හරකයි  මී හරකයි එකට බඳිනව වගේ වැඩක්. අපි අකාර්යක්‍ෂම රාජ්‍ය ධනවාදයක් ක්‍රියත්මක කළා. අපේ ජාතික ආදායමෙන් 85% ක් පමණ රාජ්‍ය හා අර්ධ රාජ්‍ය සේවකයන්ගෙ වැටුප් ගෙවන්න යනවා. අපි කෙළේ මුදල් අච්චු ගහන එක. වත්මන් මහා බැංකු අධිපතිවරයාත් ඉතා විශාල ප්‍රමාණයක් මුදල් අච්චු ගහල. රුපියල එන්න එන්න බාලදු වෙනවා. රට බාල්දු වෙන එක අහන්න දෙයක් ද?

 

අපට සැලැස්ම කියන එක තේරෙන්නෙ නැහැ. නැත්තන් අර බොර තෙල් නැව මාස දෙකක් පමණ මුහුදෙ තියේවි යැයි. ඒකට ප්‍රමාද ගාස්තු ගෙවන්න ඕන.  ඇයි එහෙම වෙන්නෙ කියන එකට නිලධාරීන් උත්තර දාහක් කියාවි.  අර හාමුදුරු නමක් අනුශසනා කරල තිබුණ ජේ ආර්ට තරුණ කාලෙ රට බාරදුන්න නම් මේ අහේනිය වෙන්නෙ නැහැ කියල. ඒක ඇත්ත. එහෙම බාරදුන්න නම් මීට වඩා ලොකු අහේනියක් වෙන්න තිබුණා.

 

ඒත් මා සියලු වරද ජේ ආර් පිට පටවන්නෙ නැහැ. මූලික වරද අපේ. අපේ මුදල් කළමනාකරණයෙ. අපේ අධිපරිභෝජනයෙ, අපේ බොරු ෂෝක්වල හා අපේ බොරු උගත්කමේ. අපි ඉගෙන ගත්තෙ ඉගෙන ගන්නෙ දැනුම හොයන්න දැනුම් පිපාසයෙන් නොවෙයි. ගොඩ එන්න, හොඳ රැකියාවක් කරන්න. වැඩි වැඩියෙන් පරිභෝජනය කරන්න. තොරතුරු හොයන අයත් එතැනින් එහාට යන්නෙ නැහැ. තොරතුරු අතර සම්බන්ධයක් සංස්කරණය කර ගන්න උනන්දුවක් නැහැ. විශ්වවිද්‍යාලවලට බොහෝ විට එන්නෙ තොරතුරු දැනගෙන ඒව වමාරන්න පුළුවන් අය. එයින් කියන්නෙ නැහැ ලංකාවෙ විශ්වවිිද්‍යාලයකට එන්න බැරි වෙන අය විචාරශීලි කියා. ඔවුන්ට හරියට තොරතුරු හොයා ගන්නවත් තොරතුරක් අවබෝධ කර ගන්නවත් බැහැ. මෙටාවෙ ඔවුන් මහා දාර්ශනිකයන් වෙනවා. අධ්‍යාපනය සකස් වෙලා තියෙන්නෙ දන්නවටත් වඩා දන්න බව පෙන්වීමට. කියන්න කණගාටුයි අද එය ක්‍රමක්‍රමයෙන් අගාධයට ගිහින් තරුණ තරුණියන් පිරිසක් වචන පමණක් දන්න පිරිසක් බවට පත්චෙලා. ඔවුන්ට සුළු දෙයක්වත් ගැනවත් පොඩ්ඩක් දුරට හිතන්න බැහැ. කොටින්ම ඔවුන්ට හිතන්න බැහැ. ඊයේ ලියූ කෙටි සටහන ගැන හිතන්න බැහැ. ඔවුන් තමයි ආර්ථික අර්බුදයට එක ම හේතුව රාජපක්‍ෂලා හොරකම් කිරීම කියා විශ්වාස කරන්නෙ. ඒ විශ්වාසය තියෙනකම් අපට රටක් හැටියට ගොඩ ඒමක් ගැන විශ්වාසයක් තියන්න බැහැ.

 

අද මධ්‍යම පාන්තික ආකල්ප සමාජයේ පහළටත් ගිහින්. ආර්ථික වශයෙන් පළල් මධ්‍යම පන්තියක් ඇති අතර ආකල්පමය වශයෙන් ඊටත් වඩා පළල් මධ්‍යම පන්තියක් තියෙනවා. අප පරක්කු වෙලා හරි ජේ ආර් බලයට පත් කර ගත්තෙත් ඒ නිසා. බණ්ඩාරනායක මැතිණියගෙ කාලෙ ඇති කළ යම් යම් පාලනවලට අපි කැමති වුණෙ නැහැ. අපි නිකම් බැරි නම් අඩුවට කන්න ඉල්ලුවා. ජේ ආර් ඇට අටක් දෙන්නම් කිවුවා. අපි ඔහු බලයට පත් කර ගත්තා. මතක ද ඩඩ්ලි නොමිලේ හාල් දුන්න.

 

අප නැති වුණෙ කට නිසා. ඒ දෙයාකාරයකට. එක පැත්තකින් බොරු උගත්කම් කියවන්න, පුරසාරම් දෙඩීමට කට පාවිච්චි කළා. ඒ පුරසාරම් අනුව ජීවත්වෙන්න අවශ්‍ය වුණා. අප බටහිර විධියට එහෙත් අපේ ආදායමෙන් ජීවත් වෙන්න හැදුවා. අනෙක් පැත්තෙන් බඩ පුරවන්න කට පාවිච්චි කළා. අපි ණයට කැවා  ණයට ඇන්දා ණයට බොරු ෂොක් කළා. නිෂ්පාදනයක් කෙළේ නැහැ. අපි දැන් කුම්බලා මාළු කාපු බළලා වගේ. අනේ සකෝ බල ලෝ කිවුවලු.  ඒත් සකා බලන්නෙ නැගැ. ගුණ දහම් නැති රටක් දිහා බලන සකෙක් ඉන්නවා ද?