Main Logo

Tuesday 22 November 2022

කංසා හා රනිල්

කංසා හා රනිල්
කංසා වගාවට ඉංගිරිසින් පැන වූ තහනම ඉවත් කළ යුතු බව බොහෝ කලක සිට රටේ පවත්නා මතයක්. අසූවේ දශකයේ දිවයිනේ ජාතික චින්තනය පිළිබඳ ඇති වූ කතා බහේ ද මේ මතය ප්රකාශ වුණා. ඉංගිරිසින් කංසා වගාව තහනම් කෙළේ එය සිංහලයන්ගේ කාය ශක්තිය මෙන් ම බුද්ධිමය ශක්තිය ද වර්ධනය කරන නිසා යැයි කියැවුණා. කොහොමටත් ආයුර්වේදයේත් දේශීය වෙදකමේත් කංසා යොදා ගන්නවා. ඉංගිරිසින් තම වෙදකම පැතිරවීම සඳහාත් කංසා තහනම් කළ බව විශ්වස කරන්න පුළුවන්.
අද රනිල් කංසා වවන්න යන්නේ සිංහල දැනුම ගැන ඇති විශ්වාසයක් නිසා නො වෙයි. ඔහුට අවශ්ය වන බව කියන්නේ කංසා පිටරට යවා ඩොලර් ටිකක් උපයා ගැනීමටයි. ගෝඨාභය පොහොර තහනම් කෙළෙත් සිංහල දැනුම නගා සිටුවීමට නොව ජයසුන්දරගේ කීමට ඩොලර් ටිකක් ඉතුරු කර ගැනීමටයි සැලසුමක් නොමැති ව දේශීය පොහොර නිෂ්පාදනයක් නැතිව සුදුසු බීජ එකතු කිරීමකින් තොරව එක රැයකින් පනවන ලද පොහොර තහනමින් සිදු වූයේ දේශීය දැනුම අපහාසයට උපහාසයට ලක් කිරීමයි.
අද වන විට ඉංගිරිසින් කංසා තහනම් කර අවුරුදු දෙසීයයක් පමණ වෙනවා. ඉංගිරිසින් එදා මෙදා තුර සිංහලයන් මත්පෑනට හා මත්ද්රව්යවලට ඇබ්බැහි කරලා. අද කංසා ඖෂධයක් නොව මත් ද්රව්යයක් බවට පත් වෙලා. කංසා වගාව කරනවා නම් එය කළ යුත්තේ ඩොලර් උපයා ගැනීම සඳහා නොව දේශීය වෙදකම දියුණු කිරීම සඳහායි. එයට සැලසුමක් තියෙන්න ඕන. සැලසුමක් නැතුව කංසා වගා කිරීමෙන් අද තිබෙන මත් ද්රව්ය සංස්කෘතිය සමග සිංහලයන් විනාශ වෙන්නත් පුළුවන්. රනිල් සිංහල දැනුම අගය කරන අයෙක නො වෙයි. ඔහුට අවශ්ය ඩොලර් ඉපයීම නමැති කැරට් අලය පෙන්නා සිංහලයන් විනාශ කිරීම ද?
කංසා තහනම ඉවත් කිරීමෙන් පොහොර තහනම් කිරීමේ ප්රතිඵලයට වඩා භයානක ප්රතිඵලයක් සිංහලයන්ට අත් කර නොදිය යුතුයි. පනස්හයේ සඟ වෙද ගුරු ගොවි බලවේග දුර්වල කිරීමක් වසර ගණනාවක සිට දකින්න පුළුවන්. මා දැක්කා ඊනියා ප්රබුද්ධ පොත් ප්රකාශකයකු හාමුදුරුවැන්ට බ්රවුන්රිග් මෙන් කහකඩයන් යැයි කියා තියෙනවා.