යක්‍ෂයන් ජාතිය රකින්නෙ නැත් ද?
බුදුදහම ගැන උනන්දුවක් දක්වන අය අතර මුහුණු පොතේ සංවාදයක් කෙරී ගෙන යන බව දැන ගන්නට ලැබ සමහර සටන් කියෙව්වා. බුදුන් වහන්සේ වදාළ ධර්මය පිළිබඳ එක් එක් අයට තිබෙන්නේ එක් එක් මත කියන්න පුළුවන් වුණත් එහෙම කියන එක වැරදියි. ඉන් කියැවෙන්නේ බුදුදහම එක් එක් අය තමන්ට පේන විධියට තේරෙන විධියට අර්ථකථනය කරන එක. එහෙත් අප කරන්නේ එක් එක් අයගේ බුදුදහම් ඉදිරිපත් කරන එක පමණයි. අප ප්‍රකාශ කරන්නේ අප නිර්මාණය කරන අපේ බුදුදහම්.