Main Logo

Showing posts with label Three Valued Logic. Show all posts
Showing posts with label Three Valued Logic. Show all posts

Thursday, 20 February 2020

පරිසරය අනුකාරකයන්ගේ පාරාදිසයක් නොවිය යුතුයි

 සිංහල ලිත් ඉලක්කම් 

පරිසරය අනුකාරකයන්ගේ පාරාදිසයක් නොවිය යුතුයි

පරිසරය රැකීම කියන්නේ බටහිර සංකල්පයක්. පරිසරය රකින්න අවශ්‍ය වන්නේ පරිසරය විනාශ කරන අයටයි. පරිසරය විනාශ කරනු ලැබුයේ බටහිරයන් විසින්. ඒ ඔවුන්ගේ ඊනියා දියුණුව වෙනුවෙන්. බටහිර සංවර්ධන ආකෘතිය පෙරදිග ආකෘතියෙන් වෙනස්. බටහිරයන් සියල්ල බැලුවේ මිනිසාට සාපේක්‍ෂ ව. එයින් කියන්නේ ඔවුන් නිර්මාණාත්මක සාපේක්‍ෂතාවාදය අනුමත කළා ය යන්න නො වේ. මුළු ලොව ම මිනිසා වෙනුවෙන් මැවී ඇත යන්න ඔවුන්ගේ ආකල්පය වුණා.