තොරතුරු, රටා, කතන්දර හා නිවුටන්
මිනිසුන් කරන ප්‍රධාන කාර්යය දෙකක් නම් තොරතුරු එකතු කිරීම හා කතන්දර හැදීමයි. මේ දෙක අතර සම්බන්ධයක් ද තියෙනවා. තොරතුරු එකතු කරන්න බැහැ කතන්දරයක් නැතිව. එ වගේ ම කතන්දරයක් හදන්න බැහැ තොරතුරු නැතිව. ඒ අතර මිනිසුන් රටා හඳුනා ගැනීම ද කරනවා. රටා හඳුනා ගැනීම කතන්දරයක් හැදීමේ දී ඉවහල් වෙනවා. එය සාධාරණීකරණය සමග බැඳී තියෙනවා.