Main Logo

Friday 24 August 2018

මහා කලාකරුවන්ගේ මාධ්‍ය සංදර්ශන


මහා කලාකරුවන්ගේ මාධ්‍ය සංදර්ශන



ඊයේ මහා කලාකරුවන්ගේ මැදිහත්වීමෙන් මාධ්‍ය සංදර්ශනයක් පවත්වලා. එතෙන දී තමන් කුඩා කළ කාණුවට විසි නොකළ එක ගැන දෙමව්පියන්ට දොස් කියපු අයගෙ සිට සිංහල බෞද්ධයන්ට එරෙහිව නාට්‍ය චිත්‍රපටි නිෂ්පාදනය කරපු අයත් ශිල්ප දක්වලා. අපට ඔවුන් ගැන තියෙන්නෙ වෛරයක් නොව අනුකම්පාවක්. ඔවුන්ගෙ ප්‍රශ්නය අපට තේරෙනවා. ඒත් ඒකට බුද්ධාගමට පහර දීල හරියන්නෙ නැහැ. ඔවුන් කියන කසිකබල් සමාජවාදයෙත් එයට පිළිතුරු නැහැ.




ඊයේ සංදර්ශනය පැවැත්වුණෙ  අර ගුවන් විදුලි නාට්‍ය වාරණයට විරුද්ධ ව. මේ අයගෙන් කී දෙනකු ඩාවින්චි කෝඩ් තහනමට විරුද්ධව කතා කළාද කියලා දන්නෙ නැහැ. ඒක වාරණය කෙරුවෙ මහින්දගෙ කාලෙ කතෝලික පල්ලියෙ වුවමනාවට. මේ කලාකාරයො කියන අය මහා කලාකාරයො නොවෙයි. මා එහෙම කියන්නෙ මගේ මිණුම් දණ්ඩකින් නොවෙයි. ඔවුන්ගෙ ම මිණුම් දණ්ඩෙන්.



ඔවුන්ට ඇත්තෙ බටහිර මිණුම් දඬු. ඒ මිණුම් දඬුවලින් ඒ අය මහා කලාකාරයො නො වෙයි. ඔය අරෙහෙ මෙහෙ සිනමා උත්සවයකින් තෑග්ගක් ප්‍රදානයක් දිනාගත්තට ඉහළ සම්මාන දිනාගන්න ඔවුන්ට බැහැ. ඔවුන් නාට්‍යයෙ හරි සිනමවා හරි කවියෙ හරි වෙනත් මාධ්‍යයක හරි අලුත් යමක් ලෝකෙට දීල නැහැ. ඔවුන් කරන්නෙ වැඩිම වුණොත් බටහිර මොකක් හරි සංකල්පයක්, ක්‍රමයක් ලංකාවට හඳුන්වල දෙන එක විතරයි. ඔවුන් මහා කලාකාරයො වෙන්නෙ සිංහලයන්ට, විශේෂයෙන් ම සිංහල බෞද්ධයනට පමණයි. ඕන නම් දෙමළ කතාකරන ඊනියා වියතුන් කිහිප දෙනකුටත් මහා කලාකාරයන් වෙනවා ඇති. ඔවුන් ගැන දන්න දෙමළ කතාකරන සාමාන්‍ය ජනයා කී දෙනකු ඉන්නවා ද? සිංහල බෞද්ධ සංස්කෘතියට ගැරහුවාට සිංහල බෞද්ධයන් නැත්නම් ඔවුන්ට පැවැත්මකුත් නැහැ. අප ඔවුන්ට අනුකම්පා කරනවා.



මේ පිරිස එක්ක ඉන්න අය නිෂ්පාදනය කරපු නාට්‍ය බලන්න මට අවශ්‍ය නැහැ. මා විරුද්ධත්වය දක්වන්නෙ ඒනාට්‍යවල නම්වලට. ඉතා පැහැදිලිව ම ඒ නම් ශාසනික පද අගෞරවයට පත්කරන්න යොදා ගත් ඒවා. ඒ දම්වැලේ මුල ඉන්නෙ කවුද කියන එක මා කියන්නෙ නැහැ. එහෙත් සුනිල් ආරියරත්න හා නන්දා මාලිනීත් ඒ දම්වැලේ පුරුක්. මේ ශාසනික වචනවලට අගෞරව කිරීමෙන් ඔවුන් බලාපොරොත්තු වෙන්නෙ මෙරට බුද්ධාගමටත් අවසානයේ දී සිංහල බෞද්ධයනටත් පහර ගැසීමටයි.



ඊයේ මා අහගෙන හිටියා තරුවන් ගැනත් තවත් ජපන් නමක් ගැනත් කියනවා. අර නිර්වස්ත්‍රම් පරමං සුඛං ගැන නම් කවුරුවත්  කියනවා මට ඇහුණෙ නැහැ. තරුවන් කියන වචනයෙ විභක්තිය කුමක් ද? එය කර්ම විභක්තිය ද? එය බහුවචන ද? එහි ඒක වචන ප්‍රථමා විභක්තිය කුමක් ද? බහුවචන ප්‍රථමා විභක්තිය කුමක් ද? ඒක වචන ප්‍රථමා විභක්තිය තරුවා ද? බහුවචන ප්‍රථමා විභක්තිය තරුවෝ ද? එහෙමත් නැත්නම් තරුවන් ම ද? ඒ මොන සිංහල භාෂාවේ ද? දරුවා දරුවෝ දරුවන් කලාකරුවා කලාකරුවෝ කලාකරුවන් ආදී වශයෙන් විභකති ගැන්වෙන වචන ගැන නම් අප දන්නවා. මේක අලුත් වචනයක් ද? තරුව තරු කියලා කියන්න අප දන්නවා. තරුවා තරුවෝ කියන්න උගන්වන කාගෙවත් සිංහල පන්තිත් තියෙනවා ද?



නිකම් බොරු එපා. මේ තෙරුවන්ට නිග්‍රහ කරන්න හදාගත් ඊනියා වචනයක්. එහෙම වචනයක් නැහැ. අර ජපන් වචනය නිවනට කිට්ටුවෙන් යන වචනයක්. මේ නාට්‍යවල අන්තර්ගතය අපට වැඩක් නැහැ. මොවුන්ට අවශ්‍ය වී ඇත්තේ ශාසනික පද දූෂ්‍ය කර සිංහල බෞද්ධ සංස්කෘතියට පහර දීමට. මොවුන් වැඩ කරන ආයතනය චන්ද්‍රිකා කුමරතුංගට සම්බන්ධයක් තියෙනවා.



චන්ද්‍රිකා කියන්නෙ බණ්ඩාරනායක මැතිණියගෙ දියණියක වුණත් සිංහල බෞද්ධ විරෝධී ගැහැණියක්. ඇයට තියෙන්නෙ පාසලේත් ඇගේ ඇංග්ලිකන් සීයාගේත් සංස්කෘතිය. ඇය තම කතෝලික ස්වාමියාත් සමග තමිල්නාඩුවෙ කොටි ගුබ්බෑයම්වල සංචාරය කරපු ගැහැණියක්. ඇගේ සම්බන්ධයක් තියෙන සංවිධානයකින් අපට බලාපොරොත්තු වෙන්න පුළුවන් සිංහල බෞද්ධ සංස්කෘතියට කරන මෙවැනි අපහාස පමණයි.



මේ ඊනියා කලාකරුවන් ඉපදුණ විගස කාණුවට විසිකර දැමිය යුතුව තිබුණා කියා මා කියන්නේ නැහැ. ඔවුන්ට සිංහල බෞද්ධ සංස්කෘතියත් සමග වෛරයක් තියෙන බව පැහැදිලියි. ඔවුන් ඉගෙන ගන්නෙ බටහිර යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියෙන්. සිංහල බෞද්ධ සංස්කෘතියට විරුද්ධව ඔවුන් අවි සපයා ගන්නෙ යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියෙන්. ඊනියා වාරණය කලාකරුවාගේ නිදහස භාෂණ නිදහස අදිය ඔවුන් ලබා ගන්නෙ බටහිර යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියෙන්.



ඔවුන් හිතනවා ද දන්නෙ නැහැ කලාකරුවන් කියන්නෙ මහා අති උදාර පිරිසක් කියලා. ඔවුනුත් ජීවත්වෙන්න මොන මොනවා හරි කරනවා. මේ කලාකරුවන්ට ඊනියා ජාත්‍යන්තර මට්ටමට යන්න බැරි ඇයි. ඊනියා දූපත් මානසිකත්වය හින්ද ද? ඔවුන්ට පහසුකම් නැති හින්ද ද? බැරි කම හින්ද ද? ඒ බැරි කමට සිංහල බෞද්ධ සංස්කෘතියට පහර දීලා හරියන්නෙ නැහැ.



අනෙක් අතට ඔය කියන භාෂණ නිදහස ඔවුන් කියන විධියට ඊනියා දියුණු බටහිර රටවල තියෙනවා ද? බටහිර රටවල තියෙන්නෙ විවිධ ක්‍රිස්තියානි/ කතෝලික සංස්කෘති. ඒ රටවල් තම සංස්කෘතිය රැක ගැනීමට සියුම් ක්‍රම යොදා ගන්නවා. එක්සත් රාජ්‍යවල ප්‍රාන්ත (රාජ්‍ය) කීයක මැවුම්වාදය නිල වශයෙන් උගන්වනවා ද? මුස්ලිම් රටවල ඔවුනට ආවේණික ක්‍රම තියෙනවා. ඉන්දියාවෙ හින්දු සංස්කෘතියට විරුද්ධ වුණොත් මොකක් වෙයි ද? වෛදිකයන් බුදුදහමට කළේ කුමක් ද?  සිංහල බෞද්ධයන් මේ ඊනියා මහා කලාකරුවන්ට හිරිහැර කරන්නේ නැහැ. මරණ දඬුවම දෙන්නේ නැහැ. ප්‍රධාන වශයෙන් ම  සිංහල බෞද්ධයන්ගේ ම මුදලින් ඉගෙන ගත් මොවුන්ට අප අනුකම්පා කරනවා.