Main Logo

Saturday 8 July 2023

මාමයි බෑණයි

 

මාමයි බෑණයි

 

ජේ ආර් ජයවර්ධන මෙරට ගමන්මග වෙනස් කොරපු පුද්ගලයා බව අමුතුවෙන් කියන්න ඕන නැහැ. මා හිතන්නේ නැහැ ඔහු රටට කොරපු හානිය නැති කිරීමට සමත් අයකු පේන තෙක් මානයක ඉන්නවා කියා. ඔහු වචනයේ පරිසමාප්තාර්ථයෙන් මැකෝලිගේ දරුවෙක්. ඔහු රෙද්ද බැනියම ඇන්දට ඔහුගේ සිතුම් පැතුම් සියල්ල බටහිර. ඔහුට යැංකි ඩිකී (රිචඩ්) කිවුවේ නිකම් නො වෙයි. ඔහු කොරළ ගිය හරිය අප අද අත්විඳිමින් ඉන්නවා. මොන තරම් කතා කොළත් අදත් අප ජීවත් වන්නේ ඔහුගේ ව්‍යවස්ථාව යටතේ. තව අවුරුදු පහකින් ව්‍යවස්ථාවට අවුරුදු පනහක් පිරෙනවා. එවිට නිදහසෙන් පසු අවුරුදු අසූවෙන් අවුරුදු පනහක් ගත වෙලා තියෙන්නෙ ඔහුගෙ ව්‍යවස්ථාව යටතේ. 2048 දි අවුරුදු සීයෙන් ඉතිරි විස්ස ගත කොරළ තියෙන්නේ රනිල් අද ජේ ආර්ට එකතු කරන වැල් වටාරම් එක්ක කියන්න වේවි ?    

 

ජේ ආර්ගෙ දරුවන් තමයි අද අවුරුදු හතළිහට පමණ පහළ අය. සියල්ලන් නො වෙයි. කොළඹ විශ්වවිද්‍යාලයෙන් 1992 දී අස්කෙරුණු මා 2003 දී කැලණියට ගිය විට මට ජේ ආර්ගෙ දරුවන් මුණ ගැහුණා. ඔවුන් හරි බුද්ධිමතුන්, උගතුන්, විදග්ධයන්. මා මෙන් නොව ඔවුන් විද්‍යාඥයන්. ඔවුන් නිවුටන් ඇදහුවෙ නැති එක විතරයි. මට කී සැරයක් හිතුණ මේ විද්‍යාලංකාරය කියලා. කොළඹ දි ගවේෂකයො කියා සතිපතා රැස්වෙන කණ්ඩායමක් හිටියා. කැලණියෙ එහෙම කණ්ඩායමක් හැදුණෙ නැහැ. වන විට අනෙක් විශ්වවිද්‍යාලවලත් තත්වය එබඳුයි. තමයි විසිඑක්වැනි සියවස. උදා වුණෙ ජේ ආර්ගෙ පන්දමෙන්.

 

ජේ ආර්ගෙ විවෘත ආර්ථිකයෙන් රට බටහිරට සම්පූර්ණයෙන් විවෘත වුණා. මෙරට ආකල්ප වෙනස් වුණා. බ්‍රවුන්රිග්ට මැනිංට ටොරින්ටන්ට මේට්ලන්ඩ්ට බාන්ස්ට වෝඩ්ට ග්‍රෙගරිට සහ අනෙක් බිරිතානි ආණ්ඩුකාරවරුන්ට කරන්න බැරි වූ දේ ජූනියස් රිචඩ්ට කොරන්න පුළුවන් වුණා. රනිල් ඉතුරු ටික කොරයි ? සිංහල බෞද්ධ සංස්කෘතිය දුර්වල කිරීම තමයි ජේ ආර් කොරපු දේ.

 

මෙරට රාජ්‍ය නායකයන් අතරින් ඉතිහාසය ගැන උනන්දුවක් දැක්කුවෙ ජේ ආර් හා රනිල් පමණයි. කාලෝ ෆොන්සේකා බුදුදහම ගැන උනන්දුවක් දැක්වුවා. මොකට කියල මගෙන් අහන්න එපා.  ඔහු බෞද්ධ හා පාළි විශ්වවිද්‍යාලයෙ පශ්චාත් උපාධියකට බුදුදහම හැදෑරුවා. ඔහු උගතෙක්. බුද්ධිමතෙක්. යථාර්ථවාදියෙක්. ඔහු කාළාම සූත්‍රයේ බාගයක් දැන හිටියා. මා කාළාම සූත්‍රයෙ දෙවැනි අර්ධය ලෙස හඳුන්වන විඤ්ඤූන් ගැන කියන කොටස ඔහු දැන හිටියෙ නැහැ. මා හිතන්නෙ අර ඊයෙ පෙරේදා බෞද්ධයන්ට කාළාම සූත්‍රය ඉගැන්වීමට පත්‍රිකා බෙදපු  උපාසකම්මලත් දන්නේ නැහැ.

 

කාළාම සූත්‍රය ඉතා වැදගත්. උපාසකම්මලා දන්නෙ නැති වුණාට එහි විඤ්ඤූන් ගැන කියනවා. අවුරුදු දෙදහක පමණ කාලයක අපේ විඤ්ඤූන් වුණෙ සංඝයා වහන්සේ. බ්‍රවුන්රිග්ට වුවමනා තිබුණෙ තමන් විසින් කහකඩයන් ලෙස හඳුන්වනු ලැබූ භික්‍ෂූන් වහන්සේ විඤ්ඤූන් බවෙන් ඉවත් කර බටහිර උගතුන් හා ඇංග්ලිකන් ක්‍රිස්තියානි පූජකවරුන් තැනට පත් කරන්න. එහෙත් එය අසාර්ථක වුණා. පූජකවරුන් ඉංගිරිසි පාසල්වල ඉගැන්නුවත් ඔවුන්ට විඤ්ඤූන් වෙන්න බැරි වුණා. මෙරට ඇංග්ලිකන් හා මෙතෝදිස්ත පල්ලි එතරම් නැහැ.

 

ඉංගිරිසි පාසල්වලිනුත් එය කරන්න බැරි වුණා. ඉංගිරිසි පාසල් කියා මා හඳුන්වන්නෙ ඉංගිරිසි මාධ්‍යයෙන් උගන්නපු පාසල් පමණක් නො වෙයි. සිංහල මාධ්‍යයෙනුත් දුන්නෙ ඉංගිරිසි අධ්‍යාපනයක්. එහෙත් ජේ ආර් එය කොළා. ඔහු විවෘත ආර්ථිකයෙන් ආකල්ප වෙනසක් ඇති කොළා. රටේ ආර්ථිකය එන්න එන්න පල්ලම් බැස්සා. අපි තව තවත් ණය වුණා. රට බටහිර ආකල්පවලට විවෘත වුණා. අද වන විට රටේ විනයක් නැති වෙලා. අද මමත්වය වැඩි වෙලා. ගමන් හීනමානයත් වැඩි වෙලා. එය අධිමානයක් ලෙසයි ඉදිරිපත් වෙන්නෙ. විනය නැති වෙන්නෙ හාමුදුරුවරුන් විඤ්ඤුන් තත්වයෙන් ඉවත් කොරපු නිසා. අද ඊනියා උගත් තරුණ පරපුරේ විඤ්ඤුන් බටහිර පඬිවරුන්. ඊනියා උගත් තරුණයන් ඔවුන්ගෙ වලිග. එහෙමත් නැත්තන් පඬි නැට්ටන්. පඬි නැට්ටන්ට අනුව මා ගෝත්‍රවාදී මිථ්‍යා මතධාරී ලිංමැඩි මැන්ටලයක් පමණයි.

 

අදත් රනිල් තම මාමා අනුව යමින් ඩොලර් උපයන්න හදන්නෙ සංචාරකයන්ගෙන්. සඳහා ඔහු තානාපතිවරු දුම්රියේ එක්ක යනවා. සම්මන්ත්‍රණ තියනවා. ඔහු ඉතිහාසය කියල දෙනවා. ඔහු කියා තිබුණා කතරගම කියන්නේ අවුරුදු දෙදහසක් පරණ හින්දු දේවස්ථානයක් කියලා. මා ඉතිහාසය කතා කළ පමණින් පරළ වෙන ජේ ආර්ගෙ දරුවන් රනිල්ට මොකුත් කියන්නෙ නැහැ. රනිල් විදේශිකයන්ට ඉතිහාසය උගන්වන්නෙ රාජ්‍ය නායකයා හැටියට. කතරගම හින්දු දේවස්ථානයක් කියන්න රනිල්ට තියෙන සාධක මොනවා ? ඊට ටික කලකට කලින් ගැමුණු රජතුමා කතරගම යනවිටත් එය හින්දු දේවස්ථානයක් ?  රනිල් කතරගම හින්දු දේවස්ථානයක් කියන එකට ජේ ආර්ගෙ ප්‍රබුද්ධ දරුවන් කැමති ඇති. අර මට විරුද්ධ අවි ගන්නා සුපිරි ජාතිකවාදීනුත් රනිල්ට මොකුත් කියන්නෙ නැහැ.

 

රනිල්ට ඔය මොනව කොළත් පොලිස්පති කෙනකු පත් කර ගන්න බැහැ. පොලීසියට ඉංගිරිසින් කියන  නීතිය හා අණ ඇති කරන්න බැහැ. විඤ්ඤූන් ඉවත් කොළාට පස්සෙ මොන විනයක් ? අද මිනිසුන් පොලීසියට ගහනවා. අස්සෙ රනිල්  හිටපු පොලිස්පතිට තව සේවා දිගුවක් දීල කියා වාර්තා වෙනවා.. මා හිතන් හිටියෙ හිටපු පොලිස්පති පහුගිය දා විශ්‍රාම ගියා කියල. විශ්‍රාම ගිය අයකුට සේවා දිගුවක් දෙන්න පුළුවන් ? මා පොලිස් ආඥා පනත් කියවා නැහැ. දැන් ඉන්නෙ වැඩ බලන පොලිස්පති කෙනෙක් ? එහෙමත් නැත්තන් වෙන කවුරුන්වත් ? ජේ ආර්ගෙන් තමයි අහන්න ඕන.

 

.ලි.  වැරදිලා මා රටට අවශ්‍ය මාමයි බෑණකුගෙයි සේයාරුවක් පළ කොරළ තියෙන්නෙ.