Main Logo

Thursday 27 July 2023

කවුද රනිල් පත් කෙළේ

 

කවුද රනිල් පත් කෙළේ

 

වරද්දාගත් පරපුර හෙවත් ජේ ආර්ගෙ දරුවන් මෙටාවෙ අහන ප්‍රශ්නවලින් එකක් නම් කවුද රනිල් පත් කෙළේ යන්නයි. රාජපක්‍ෂලා ඉවත් කෙළේ ඔවුන් හොරු හින්දා ඔවුන් රට කෑව හින්ද අප රාජපක්‍ෂලගෙ රෙදි හෝදන එවුන් කියල විදග්ධ නිගමනවලට එළඹෙන අය ඔවුන්ගෙ ගුරාලගෙන් වෙනස් වෙන්නෙ නැහැ. කිසිවකු රනිල් පත් නොකළ බව නම් කියන්න ඕන. ඔවුන්ට එහෙම හයියක් නැහැ. ඒත් ඔවුන් හිතනව තමුන් තමයි මහින්ද හා ගෝඨාභය ඉවත් කෙළෙ කියල. ඔවුන්ගෙ විදග්ධ තර්ක බුද්ධියට අනුව ඔවුන් හොරු ඉවත් කරල. ඒත් ඔවුන් බැසිල් ඉවත් කරල නැහැ නාමල් ඉවත් කරලත් නැහැ. බැරිකමට නැත්නම් ඔවුන් හොරු නොවන නිසා යන්න පැහැදිලි නැහැ. ඔවුන්ට බැරිකමක් නම් තියෙන්න බැහැ. රනිල් පත් කෙළෙ ඔවුන් නොවුණත් ඔවුන් අතිදක්‍ෂයන්. ඒත් මට නිගමනයකට එන්න බැහැ. මා ඔවුන් තරම් දක්‍ෂයකු නො වෙයි. 

 

ඔවුන් සමහරුන් කියන්නෙ පොහොට්ටුව තමයි රනිල් පත් කෙළෙ කියල. එහෙම නැත්නම් ජාතිකවාදීන් කියල. අගමැතිකමට  ඩලස්ගෙයි රනිල්ගෙයි නම් ඉදිරිපත් වුණු වෙලාවෙ රනිල් තෝරගත්තලු. ඒක නේන්නම්. ඔවුන් කිසිවකු තෝර ගත්තෙ නැතුව වෙන්නැති. ඔවුන්ට ඕන වුණෙ රෙද්ද ගලවන්න විතරයි. රෙද්දක් අඳින්න හිතුවෙ නැහැ. අද ඔවුන් හෙළුවෙන් ඉන්නෙ ඒක වෙන්න ඇති. හොරු සමග හෙළුවෙන්  කියල මා කියන්නෙ නැහැ.

 

පරගලය පරගලයක් වුණෙ ඒක පරයන්ගෙ (බටහිර හා ඉන්දියාවෙ) අරගලයක් වුණ නිසා. සිංහල බෞද්ධ ජාතිකත්ව නායකත්වය නැති කරන්න. සිංහල බෞද්ධ සංස්කෘතිය දුර්වල කරන්න. අද සමහරු ජුලි නෝනගෙ වැඩ ගැන පොත් ලියනවා. දේශන පවත්වනවා. ඒත් කවුරුන්වත් පරගල කාලෙ එහෙම දෙයක් කිවුවෙ නැහැ. ඔවුන් බව නොදැන හිටිය දැනගෙන කිවුවෙ නැද්ද එහෙමත් නැත්තන් දැන ගෙන ඒකට හවුල් වුණා ? 

 

දවස්වලත් මතයක් තිබුණ පරගලය රනිල් බලයට පත්කිරීම සඳහා බටහිරයන්ගෙ සැලසුමක් මත කෙරෙන්නක් කියල. ඒකට බොහෝ දෙනෙක් හිනහවුණ එක විතරයි කෙරුවෙ. හිනහවෙලා නතර වුණා නම් මදැයි. සමහරු ආණ්ඩුවෙන් සුවාදීන වෙලා ආණ්ඩුව දෙදරවල පරගලයට, කියන්නෙ ඔවුන් කියන විධියට ජුලි නෝනගෙ වැඩේට ආධාර කරමින් එයට හවුල් වුණා. මා ගැන එතැනින් එහාට  කියන්නෙ නැහැ. ගානියා බැනිස්ටර් ගැන ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලෙ වහල යන එක ගැන තව ලිපි පොත් ලියන්න. සම්මන්ත්‍රණ පවත්වන්න. අපොයි නැහැ මා ලඟ ඔය තොරතුරු නැහැ. මා නිකම් හිතළු කියන්නෙක් පමණයි.

 

පරගලයට දේශීය වශයෙන් විවිධ අය සහභාගි වුණා. විප්ලවය කරන්න සූදානමකුත් තිබුණා. ජනතාව වීදි බැසීම ගැන කියෙවුවා. මා කියන්නෙ අර කියවීම කියල බුද්ධිමතුන් කියන රීඩින් (reading) නො වෙයි. විනෝදෙට ගිය අයත් හිටිය. යාඥා කරන්න ගිය අය හිටිය. ප්‍රභාකරන්ට පහන් පත්තු කරපු පූජකවරුන් කුරුස කරේ තියාගෙන හරි නැතුව හරි නළුවන් නිළියන් ගායක ගායිකාවන් ගේහ පද රචකයන් චිත්‍රපට අධ්‍යක්‍ෂවරුන් සංගිත අධ්‍යක්‍ෂවරුන් බුද්ධිමත් විශ්වවිිද්‍යාල ආචාර්යවරුන් ආදී ප්‍රබුද්ධයන් හිටිය. වමාල දකුණාල විප්ලවවාදීන් භෞතිකවාදීන් විඤ්ඤාණවාදීන් හිටිය. වටලප්පන් බිරියානි බෙදපු අයත් හිටිය. බලාගෙන යනකොට අපි වගේ අප්‍රබුද්ධ රාජපක්‍ෂලගෙ රෙදි හෝදන කිහිප දෙනකු පමණයි ඉඳලා නැත්තෙ.

 

ඔය අතර රනිල් පරගලය ආරක්‍ෂා කරන්න ක්‍රියා කළා. මා හිතන්නෙ රුවන් විජේවර්ධනට සම්බන්ධ කාර්යභාරයකුත් තිබුණා. රනිල් බටහිර සැලැස්ම දැනගෙන හිටියෙ නැහැ කියමු. ඒත් වජිර අබේවර්ධන නම් රනිල් ඉඳල ඉඳල පාර්ලිමේන්තු එනකොටත් රනිල් ජනාධිපති වෙන බව දැනගෙන ඉඳලා. ඔහුට නාථ දෙවියන් කිවුව දන්නෙ නැහැ. මට නම් කිවුවෙ නැහැ. ඒත් මට හිතුණා.  ඒකත් අර හිතනකොට හිතුණ එකක්.

 

අගමැතිකමට විවිධ නම් යෝජනා කළා. මා යෝජනා කෙළේ දිනේෂ් ගුණවර්ධන හා සරත් ෆොන්සේකා. ඇතැම් ජාතිකවාදීන් සරත් ෆොන්සේකට විරූද්ධ වුණා. දිනේෂ්ට කවුරු විරුද්ධ වුණා කියා මා දන්නෙ නැහැ. අවසානයට තිබුණෙ ඩලස් හා රනිල් කියන නම් දෙක. දෙන්න අතර වැඩි වෙනසක් නැහැ. ඩලස්ටත් ඇමරිකන් සම්බන්ධකම් නැහැ කියල කියන්න බැහැ. ඔවුන් දෙදෙනා ඒකීය රටක් ගැන කතා කරන ෆෙඩරල්වාදීන්. ඒත් වෙලාවෙ පරගලය විසින් ඇති කෙරී තිබුණු අරාජික තත්වය හමුවෙ අරාජිකත්වයෙන් රට මුදා ගන්න අවස්ථාව තිබුණෙ රනිල්ට. ඩලස් රට තවත් අරාජික කර විනාශයක් කරන්න ඉඩ තිබුණා. එවැනි තත්වයක් යටතෙ ඩලස් වෙනුවට රනිල් තෝරා ගැනීමට සිදු වුණා කියන්නෙ රනිල් පත්කර ගත්ත කියන එක නො වෙයි.

 

බටහිර සැලැස්ම හමුවෙ වෙනත් කිසිවකු අවස්ථාව වෙන විට ඉදිරිපත් වුණෙ නැතුව වෙන්න පුළුවන්. ගෙවල් පුච්චල ඉන්න හිටින්න තැනක් නැතුව හිටපු අය වෙලාවෙ අගමැතිකමට ඉදිරිපත් වුණෙ නැතුව වෙන්න පුළුවන්. අර රෙදි ගලවන් හිටපු අය තමයි කියන්නෙ පොහොට්ටුව රනිල් පත්කර ගත්ත කියල. රනිල් අගමැති වෙලා පරගලයෙ හිටිය තමාට විරුද්ධ අය මර්දනය කරල පරගලයේ දරුවා බවට පත් වුණා. රෙදි ගලවපු අයට බැරිය රනිල්වත් එලවන්න. සමහර විට ඔවුන් එහෙම කරන්නෙ නැත්තෙ ඔවුන්ට අවශ්‍ය රෙද්ද රනිල් නිසා වෙන්නත් පුළුවන්.

 

මා කිවුවෙ පරගලය පරාජය කරල රනිල් අගමැති කමෙන් අස් කරන්න කරල. එහෙම කළා නම් රනිල්ට වැඩ බලන ජනාධිපති වෙන්නවත් බැහැ. ජුලි නෝනගෙ වැඩ ගැන දන්න අය දවස්වල කිසිම උපදෙසක් දුන්න බවක් මට මතක නැහැ. විදග්ධයන් නම් ආතල්ගම ආතල් ගත්ත, ජංගි වැනුව, කුරුස ඉස්සුවා, පහන් පත්තු කළා, පාරම් බෑවා. ඇතැමුන් සල්ලි බෙදා ගත්තා. ඩොලර් ඉන්දියන් රුපියල් කියල මා දන්නෙ නැහැ

හැබෑට දැන් උද්ධමනය අඩු වෙලා ? එහෙම නැත්තන් ඉන්දියන් රුපියලෙන් බඩු ලාබ ?