Main Logo

Wednesday 18 October 2023

කබරගොයා තලගොයා වීම හා සාප්පු යන මෝල්ලු

 

කබරගොයා තලගොයා වීම හා සාප්පු යන මෝල්ලු

 

අද වත්මන් ලෝකයේ වැදගත් දවසක්. එය අනාගතයට වැදගත් වෙනවා. අද ඇමරිකන් ජනාධිපති බයිඩ්න් ඊශ්‍රායලට යෑමට නියමිතයි. බයිඩ්න් හා ඊශ්‍රායල අගමැති නෙතන්යාහු අතර අවුරුදු හතළිහක පමණ මිත්‍රත්වයක් ඇතැයි කියනවා. ඒත් බයිඩ්න් තකහනියක් ඊශ්‍රායලයට යන්නේ තම මිතුරා හමු වී සතුටු සාමීචි කතාවක යෙදීමට නො වෙයි.

 

බයිඩ්න් ඊශ්‍රායලයට යන්නේ තම සහයෝගිතාව ඊශ්‍රායලයට දැක්වීමට බව රාජ්‍ය ලේකම් බ්ලින්කන් කියා තියෙනවා. ඊශ්‍රායලයට තම පැවැත්ම වෙනුවෙන් සටන් කර පැවැත්මේ අයිතිය තහවුරු කිරීමට ඇමරිකාව සහාය දෙන බව කියනවා. බටහිර ක්‍රිස්තියානි සභ්‍යත්වයේ ප්‍රධාන රට ඇමරිකාව. බටහිර ක්‍රිස්තියානි සභ්‍යත්වයට යුුදෙවූ සංස්කෘතිය හා චින්තනය අවශ්‍යයයි. විශේෂයෙන් මුස්ලිම් සභ්‍යත්වයට විරුද්ධ ක්‍රිස්තියානි සභ්‍යත්වයත් යුදෙවු සංස්කෘතියත් එකතු වෙනවා.

 

යුදෙවුවන් තමයි වියුක්ත චින්තනයේ පියවරු. ඔවුන් තමයි ලෝකයට වියුක්ත යෙහෝවා දෙවියන් වහන්සේ ලබා දුන්නේ. ඒබ්‍රහම්, ජෝසෆ්, ජේකොබ් තමයි ඔවුන්ගේ නායකයන්. ජේකොබ්ගේ හතරවැනි පුතා ජුදා නමින් තමයි යුදෙවුවන් නම් කර ඇත්තේ. ඔවුන්ට ඉතාමත් බලසම්පන්න රජවරුන් හිටියා. ඩේවිඩ් සොලමන් ආදී. සොලමන් රජුගේ ප්‍රඥාව ගැන අදත් කියැවෙනවා. යුදෙවුවන් ප්‍රඥාවන්තයන් රජකම් කරනවාට කැමතියි. ඔවුන් 1947 දී ඊශ්‍රායලයේ ජනාධිපතිකම භාරගන්නා මෙන් අයින්ස්ටයින්ගෙන් ඉල්ලුවා.

 

යුදවුවන් යේසුස්තුමා අනාගත වක්තෘ කෙනකු ලෙසවත් දෙවියන් වහන්සේගේ පුත්‍රයා ලෙසවත් සැලකුවේ නැහැ. ඔවුන් යේසුස්තුමා සැලකුවේ ව්‍යාජ අනාගත වක්තෘ කෙනකු ලෙසයි. ඔවුන් දෙවියන් වහන්සේ ඒකත්වයෙන් පමණක් සැලකුවා. එබැවින් දෙවියන් වහන්සේගේ පුතකු මිනිස් ලොවට එවීමක් විශ්වාස කෙළේ නැහැ. ඔවුන් තවත් අනාගත වක්තෘ කෙනකු වූ මහමත්තුමාත් ප්‍රතික්‍ෂෙප කරනවා. යුදෙවුවන් හා මුස්ලිමුන් අතර භේදය වැඩියි.

 

එහෙත් බටහිර ආසියාවේ ඇත්තේ යුදෙවු මුස්ලිම් ගැටුමකට එහා ගිය කතාවක්. බටහිර ආසියාවේ ආර්යයන් යුදෙවුවන්ට ඈත අතීතයේ සිට විරුද්ධයි. භේදය තමයි හිට්ලර්ටත් බලපෑවේ. එහි දී කතෝලික ත්‍රිත්වත්ව කතාත් බලපාන්න ඇති. කෙසේ නමුත් කතෝලික නොවන ක්‍රිස්තියානි හා රුසියන් ග්‍රීක ඔතොඩොක්ස් සභ්‍යත්ව ජර්මන් හා ඉතාලි කතෝලික සංස්කෘතීන්ට එරෙහිව යුදෙවුවන් ආරක්‍ෂා කළා. එහෙත් ක්‍රිස්තියානින් හා යුදෙවුවන් අතර තිබුණේ කැමැත්ත හා අකමැත්ත මුසු සම්බන්ධයක්. අද බටහිර ක්‍රිස්තියානි සභ්‍යත්වය හමාස් සංවිධානයට හා පලස්තීනයන්ට විරුද්ධ යුදෙවුවන් වෙනුවෙන් පෙනී සිටිනවා.

 

පසුගිය දා සිදු වූ හමාස් ත්‍රස්තවාදී ආක්‍රමණය ඊශ්‍රායල මොසාඩ් සංවිධානය නොදැන සිටියේ යැයි මා හිතන්නේ නැහැ. හමාස් සංවිධානය ත්‍රස්තවාදී සංවිධානයක්. ඔවුන් තමන් රඳවා ගත් පිරිසට මානුෂීය සැලකුවා යන්න වැදගත් නැහැ. එමෙන් ඊශ්‍රායලය ප්‍රතිප්‍රහාරයක් එල්ල කර අහිංසක ජනයා ඝාතනය කළ ආකාරයත් එක්තරා අකාරයක ත්‍රස්තවාදයක් ලෙස තමයි සලකන්න වෙන්නෙ.  

 

මා ඊනියා මනුෂ්‍යත්වයක නාමයෙන් යුද්ධය නතර කර සාකච්ඡා ආරම්භ කරන්න යැයි ඉල්ලා සිටින්නේ නැහැ. ශාක්‍ය කෝලිය යුද්ධයේ දී බුදුහාමුදුරුවන්ටවත් සවන් දුන්නේ නැහැ. දෙපැත්ත තමන් බලවත් කියා සිතන විට යුද්ධයෙන් තමයි ප්‍රශ්න විසඳ ගන්නෙ. යම් පාර්ශ්වයක් සාකච්ඡාවලට පොළඹවා ගත හැක්කේත් යුද්ධය මගින් පාර්ශ්වය දුර්වල කිරීමෙන්. චන්ද්‍රිකා රනිල් ආදීන් කොටි සමග සාකච්ඡාවලට එකඟ වුණා. එහි දී බටහිර බලපෑමත් වැදගත් වුණා. අපට යුද්ධයෙන් ජයගත නොහැකි බව රොහාන් ගුණරත්න වැනි ඊනියා යුද විශේෂඥයන් මගින් කියැවුණා. තම්බයියාලා හිතුවේ බොරු බණ කියා බයියන් රැවටීමට. සියල්ලෙන් අප දුර්වල කර සාකච්ඡා සඳහා ගෙන්නන්න. එහෙත් ජාතිකවාදී අපට සියලු උත්සාහ ව්‍යවර්ථ කරන්න පුළුවන් වුණා. අප සියල්ල ගැන ළඟ දී මසක් ඇතුළත ඉතා ප්‍රසිද්ධ ශාලාවක ප්‍රසිද්ධියේ කතා කරනවා.

 

බටහිරයන් තම පරාජය වසා ගැනීමට අපට මානව අයිතිවාසිකම් කඩ කිරීමේ කතා කියන්න පටන් ගත්තා. අර්ධ වාර්ෂික අපට ජෙනීවා යන්න සිදු වුණා. අපේ හමුදාව තරම් මානුෂික මෙහෙයුම් කළ තවත් හමුදාවක් ලොවේ ඇතැයි සිතීමට බැහැ. අද ඊශ්‍රායලය හමාස් ත්‍රස්තවාදයට විරුද්ධව සටන් මෙහෙයවන්නේ ඊනියා මානව අයිතිවාසිකම් රකිමින් නො වෙයි. අද ලක්‍ෂ ගණනින් පලස්තීනුවන්ට ගම් බිම් හැර යෑමට සිදු වෙලා. අහිංසක මිනිසුන් දහස් ගණනින් මිය යනවා.

 

එහෙත් බයිඩ්න් තම සහාය පළ කිරීමට ඊශ්‍රායලයට යනවා. ඊයේ පෙරේදා පෝට් සිටිය වෙනුවෙන් කතා කළ (ඔහු නොමිළයේ රනිල් වෙනුවෙන් එසේ කළා ) එංගලන්තයේ හිටපු අගමැති ඩේවිඩ් කැමරන් ලංකාවට ඇවිත් නැටු නැටිලි අපට අමතක වන්නේ නැහැ. ඔහු ආවේ කොටි ත්‍රස්තවාදීන්ට එරෙහි අපට සහාය දෙන්න නොව කොටින්ට සහාය දීමට. අපේ මානව අයිතිවාසිකම් කඩ කිරීම් ගැන කියන්න.

 

හාවඩ් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සංවිධාන තිස්එකක් හමාස් සංවිධානයට පක්‍ෂ නිවේදනයක් නිකුත් කිරීම නිසා අද ශිෂ්‍යන්ට විරුද්ධ භීෂණයක් දියත් කරලා. තමයි ප්‍රජාතන්ත්‍රවාදය භාෂණයේ හා අරකෙ මේකෙ නිදහස. මෙරට කොටි වෙනුවෙන් කතා කළ ඊනියා මානව අයිතිවාසිකම් අයිතිකාරයන්ට අයිතිකාරියන්ට විරුද්ධ කිසිවකු හුවක්වත් කීවේ නැහැ. එහෙත් කොටි පරාජය කිරීමට නායකත්වය දුන් මහින්දට හා ගෝඨාභයට හු කීමෙන් නැවතුණේ නැහැ. මෙරට වමාලා පඬි නැට්ටන් හා ඊනියා ලිබරල්වාදීන් බටහිරයන් වෙනුවෙන් කඩේ යන්නේ නැහැ. ඔවුන් යන්නේ සුපර් මාකට්. ෂොපින් මෝල්.  සාප්පු යන මෝලුන් නොවෙයි.

 

බයිඩ්න් කැමරන් ක්‍රියා කර ඇත්තේ ක්‍රියා කරන්නේ එකම අරමුණෙන්. ඔවුන්ට ඇත්තේ බටහිර ක්‍රිස්තියානි සභ්‍යත්වය ආරක්‍ෂා කිරීමේ අරමුණයි. අනුව කබරගොයා තලගොයා වෙනවා.