Main Logo

Monday 16 October 2023

බුද්ධඝෝෂ හිමි හා ජෙප්පෝ

 

බුද්ධඝෝෂ හිමි හා ජෙප්පෝ

 

ථෙරවාදයේ ජාත්‍යන්තර භාෂාව සිංහල වීමට ඉඩ තිබුණා. එහෙත් යම් යම් හේතු නිසා පාළි භාෂාව ථෙරවාදයේ ජාත්‍යන්තර භාෂාව වෙලා. එහි දී උත්තර භාරතීය සංස්කෘතිය අපට විශාල බලපෑමක් කර තිබෙන බව පැහැදිලියි. එය තරමක සංකීර්ණ ක්‍රියාවලියක් ලෙසයි මට හැඟෙන්නේ.

 

ආන්ද්‍ර ප්‍රදේශය ද්‍රවිඩ භාෂාවක් වූ තෙළිඟු කතා කරන ප්‍රදේශයක්. එහෙත් එය පිහිටා ඇත්තේ වත්මන් ව්‍යවහාරයට අනුව ඔඩිස්සා ප්‍රාන්තයට දකුණෙන්. අප බොහෝ විට කරන වරදක් නම් වර්තමාන තත්වයන් අතීතයට ආදේශ කිරීමයි. අද ආන්ද්‍ර ප්‍රදේශය හා එකල කාලිංගය අතර යම් සබඳකම් තියෙන්න ඇති. කාලිංගය මූලික කරගත් ප්‍රදේශය තමයි අද ඔඩිස්සා කියන්නේ. ප්‍රදේශයේත් වත්මන් ආන්ද්‍ර ප්‍රදේශයේත් බුදුදහම ව්‍යාප්ත වී තියෙනවා. බුද්ධඝෝෂ හිමියන් මෙරටට වැඩ කෙළේත් ආන්ද්‍ර ප්‍රදේශයෙන්. එකල මාගධිය ප්‍රදේශවල බුදුදහමේ භාෂාව වී ඇති බව හිතන්න පුළුවන්.

 

මිහිඳු හිමියන් මෙරට සිංහල භාෂාවෙන් ධර්මය දේශනා කර තිබෙන බව සඳහන් වෙනවා. තුන්වැනි හතරවැනි සියවස්වල ආන්ද්‍ර බලපෑමක් මෙරට ථෙරවාදයටත් ඇති වී යැයි හිතන්න පුළුවන්. ආන්ද්‍රය උත්තර භාරතීය සංස්කෘතිය වැඩියෙන් බලපෑ  ද්‍රවිඩ ප්‍රදේශය වෙන්න ඕන.  ථෙරවාදී බුදුදහම මාගධියෙන් නැත්නම් පාළියෙන් වත්මන් ඔඩිස්සා ආන්ද්‍ර ප්‍රදේශයේ දේශනා කරන්න ඇති. මගධය එකී ප්‍රදේශවලට බටහිරින් පිහිටා ඇත්තේ. අපට මාගධිය එන්න ඇත්තේ මිහිඳු හිමියන් සමග නොව  ආන්ද්‍ර බලපෑම නිසා කියා හිතන්න පුළුවන්. අප රටට පසුවත් ආන්ද්‍ර බලපෑම ඇති වුණා. ආන්ද්‍රයෙන් මදුරා පුරයට (මදුරෙයි) පැමිණි වඩිගයන් හරහා. වඩිග යන්නෙහි උතුර යන තේරුම තියෙනවා. මදුරෙයි නගරයට උතුරෙන් (ආන්ද්‍රයෙන්) පැමිණි අය තමයි වඩිගයන්.

 

ඔවුන් කතා කර ඇත්තේ තෙළිඟු. වඩිග රජවරුන් සමග මෙරටට නුවර යුගයේ තෙළිඟු බස පැමිණ තියෙනවා. අප බස හඳුන්වා ඇත්තේ ආන්ද්‍ර දෙමළ හෙවත් අන්ඩර දෙමළ ලෙස. මෙරට ඉන්නා ආඬි ජනතාව පමණක් නොව සීතාවක රාජසිංහ රජු කළ පැමිණි අරින්ඩකි වෙට්ටු ආන්ද්‍රයේ.

 

කෙසේ වෙතත් ආන්ද්‍ර බලපෑම හේතුකොටගෙන මෙරට සිංහලය වෙනුවට මාගධිය ථෙරවාදයේ භාෂාව වෙලා. පසුව වත්මන් ථෙරවාද ලෝකයට බුදුදහම ලංකාවෙන් හඳුන්වා දීමත් සමග පාළිය හෙවත් මාගධිය ථෙරවාදයේ ජාත්‍යන්තර භාෂාව වෙලා. මට තරමක කණගාටුවක් ඇති වෙනවා සිංහලය ථෙරවාදයේ ජාත්‍යන්තර භාෂාව නොවීම ගැන.

 

මා මේ කියන දෙයට මෙරට ඉන්න සුපිරි ථෙරවාදීන් විරුද්ධ බව මා දන්නවා. මහාවංසයේ ඇලපිල්ලක් පාපිල්ලක් නෑර විශ්වාස කරන ඔවුන් මෙරට යක්‍ෂ නමින් මිනිසුන් වාසය කළ බවවත් පිළිගන්නේ නැහැ. ඔවුන්ට අනුව මෙරට මිනිස් වාස ඇති වී තිබෙන්නේ විජයගෙන් සංකේතවත් වෙන උත්තර භාරතීය සාංක්‍රමණිකයන්ගෙන්.

 

කුමක් වුවත් මා දැන් ටික කාලයක සිට ඉන්නෙ සතුටින්. අද සිංහලය මෙටාවේ ජාත්‍යන්තර භාෂාවක් වෙලා. මෙටාව ඔය කියන තරම් රටේ බලපෑමක් කරන්නේ නැහැ. අද ඇතැම් මෙටාවුන්ට වැදගත් වෙලා තියෙන්නේ තමන්ගේ කියා කිසිම අදහසක් නැති බටහිර කතා පුනරුච්චාරණය කරන රයිගමයා හා ගම්පලයා අතර කෙරුණු සංවාදයක්. එය රටට තුට්ටුවක බලපෑමක් කරන්නේ නැහැ. රයිගමයා හා ගම්පලයා එකල මෙරටට සංක්‍රමණය වී ඇත්තේ දක්‍ෂින භාරතයෙන්. එසේ වුණත් අද රයිගමයාටත් ගම්පලයාටත් වැදගත් බටහිර දැනුම. ඔවුන් සිංහල බෞද්ධ විරෝධීන්.

 

අය පමණක් නොව ජෙප්පන් හා සෙප්පන් සිංහල බෞද්ධ විරෝධීන්. එහෙත් ජෙප්පන්ගෙන් සිංහලයට වැඩක් වෙනවා. අද සිංහලය ජෙප්පන් නිසා ජාත්‍යන්තර භාෂාවක් වෙලා. ජෙප්පන්ට ලංකාවේ බලයක් නැතත් ජාත්‍යන්තර බලයක් තියෙනවා. ඔවුන් නිසා ඉතා විශාල පිරිසක් සිංහල කියවනවා. මේ ලිපි කියවනවා.

 

ඊයේ ලිපියේ ජෙප්පන් ගැනත් රනිල් ගැනත් සඳහන් වුණා. රනිල් ජනාධිපතිවීම රට ගොඩ ගැනීම සඳහා අනිවාර්ය අවශ්‍යතාවක් නොවන බවයි එහි සඳහන් වුණේ. එහි මේ ඡෙද දෙක සඳහන් වුණා. "රනිල්ට ඊනියා ජාත්‍යන්තර සම්බන්ධකම් ඇතැයි කියමින් රට ප්‍රපාතයෙන් ගොඩ ගැනීමට උපන් කුමරා ඔහු යැයි කියමින් ඔහු බලයට පත් කෙරුණේ බටහිරයන්ගේ වුවමනාවට. එහෙත් ඔහු එහෙම කුමරකු නොවන බව පැහැදිලියි. ඔහුටත් අද පැවැත්ම සඳහා ජාතිකත්වය අවශ්‍ය වී තියෙනවා.

 

රනිල් වෙනුවට ජාතිකත්වය ඇති අයකු බලයට පත් කර ගැනීම රටට හානියක් කියන එක ඊනියා විද්‍යාත්මක ක්‍රමයට අහුවෙන්නේ නැහැ. එහෙත් බටහිරයන්ට  වලිග වනන පඬි නැට්ටන් ජෙප්පන් සෙප්පන් ආධාර කර ගනිමින් නැවතත් ශ්‍රමිකයන් මුදල් එවීම වළක්වන්න පුළුවන්. එවිට ප්‍රකෝප වෙන මධ්‍යම පංතියට නැවතත් පරගලයක බිරියානි වටලප්පන් කන්න පුළුවන්.” 

 

ඡෙද දෙකට ජාත්‍යන්තර ප්‍රජාව කැළඹිලා. ඔවුන් සිංහලෙන් පළ වූ ලිපිය කියවලා "හා හා" ප්‍රතිචාර දක්වලා. ජෙප්පන් සිංහල බෞද්ධ විරෝධී ජාත්‍යන්තරවාදීන් වුවත් ඔවුන් ජාත්‍යන්තරයට සිංහල උගන්වා විශාල සේවයක් කර තියෙනවා. ඔවුන්ට මගෙ ප්‍රණාමය!