Main Logo

Sunday 8 October 2023

ඉන්දික තොටවත්ත නටාෂා හා ජෙරොම් ප්‍රනාන්දු

 

ඉන්දික තොටවත්ත නටාෂා හා ජෙරොම් ප්‍රනාන්දු 

 

ඉන්දික තොටවත්ත අත්අඩංගුවට ගෙන. ඔහු නබි නායකතුමාට අපහාස වන අයුරින් කිසිවක් පවසා ඇතැයි කියනවා. ඔහු එසේ කියා තියෙනවා නම් වැරැද්දක්. ජෙරොම් ප්‍රනාන්දු නම් දේශකයකු ගැන හා ආත්මාභිමාන නටාෂා කෙනකු ගැනත් පහුගිය දිනවල කියැවුණා. එකල නටාෂා හා ජෙරොම් ප්‍රනාන්දු වෙනුවෙන් ප්‍රකාශනයේ නිදහස ගැන කතා කරමින් පෙනී සිටියවුන්ගෙන් අතිවිශාල බහුතරය අද තොටවත්ත ගැන නිහඬයි. එක් අයකු දෙදෙනකු පමණක් තොටවත්ත වෙනුවෙන් ඉතා කෙටියෙන් වැඩි විස්තර නැතුව  යුක්තිය ඉටු කරන්න කියනවා,

 

ඉන්දික තොටවත්ත කියන්නෙ දෑස් නොපෙනෙන ජ්‍යොතිෂවේදියෙක්. ඔහු ඉතා ඉහළ ගණයේ බුද්ධිමතකු ලෙස සලකන පිරිසකුත් ලංකාවේ ඉන්නවා. ඇතැමුනට අනුව ඔහු ථෙරවාදයත් ප්‍රශ්න කරනවා. ඔහු මහායානිකයකු කවුද කියන්න මා දන්නේ නැහැ. ඔහුගේ සම්බන්ධ විවේචන කිසිවක් මා දන්නේ නැහැ. ඔහු මගේ කේන්දරයත් බලා තියෙනවා. මගේ අවශ්‍යතාවකට නො වෙයි. ඔහු පමණක් නොවෙයි තවත් අය බලා තියෙනවා. ඕනෑම කෙනකුට මගේ කේන්දරය බලා ගන්න පුළුවන්. එහෙත් කිසිවකු කියන දෙයක් මා  ගණන් ගන්නේ නැහැ. මා ජ්‍යොතිෂය අවිශ්වාස  කරන නිසා නො වෙයි. මට මගේ අනාගතය ගැන දැන ගන්න වුවමනාවක් නැති වීමත් මා පොදුවේ නියතිවාදය (determinism) නොඅදහන නිසාත්. ජ්‍යොතිෂයෙන් වුණත් කියන්න පුළුවන් සම්භාවිතාවන් පමණයි.

 

කාල් පොපර් තමයි බටහිර විද්‍යා නොවන ක්‍ෂෙත්‍ර තුනකට උදාහරණ ලෙස මාක්ස්වාදය ජ්‍යොතිෂය හා මනෝ විශ්ලේෂණය ගෙන හැර දැක්වූයේ. මෙරට ඇතැමුන් ජ්‍යොතිෂය ප්‍රතික්‍ෂෙප කරන අතර අනෙක් ක්‍ෂෙත්‍ර පිළිගන්නවා. ඔවුන් බුද්ධිමතුන්. හැමදාමත් කියන පරිදි මා බුද්ධිමතකු නො වෙයි. මගේ ලග්නය ධනු. කේන්දරයේ බ්‍රගස්පති නවවැන්නේ සිටියත් රවි නීචයි. නීච රවි ඉන්නෙ ඉන්නෙ බුධත් එක්ක. සෙනසුරා හතේ රාහුත් එක්ක..  තවත් කතන්දර රාශියක් තියෙනවා. කේන්දරය අනුව වුණත් මට බුද්ධිමතකු වෙන්න බැහැ. විවාහය ප්‍රමාද වෙන්න ඕන. මට දැන් නම් ගැනත් ප්‍රශ්නයක් නැහැ.

 

ජෙරොම් ප්‍රනාන්දු කිව්වෙ මොකක් කියා මට මතක තිබුණේ නැහැ. කිහිප දෙනකුගෙන් විමසීමෙන් පසු මට දළ අදහසක් තියෙනවා. අනුව ඔහු බුදු හාමුදුරුවන්ට වඩා දෙවියන් වහන්සේ (යේසුස් වහන්සේ) උසස් බව පවසා තියෙනවා. ඔහුට අනුව බදුහාමුදුරුවන් එන්ලයිට්න්මන්ට් (ජෙරොම්ට අනුව ආලෝකය) සොයා ගියත් දෙවියන් වහන්සේ ආලෝකය වේවා කියා තිබෙනවා. බුදුහාමුදුරුවන්ට ආලෝකය සොයා යන්න පෙර දෙවියන් වහන්සේ ආලෝකය ඇති කරලා. වගේම යේසුස් වහන්සේ කියා තියෙනවා තමා ආලෝකය කියා. මේ දළ අදහස නිවැරදි කියා මට කියන්න බැහැ. එහෙත් මෙතන වරදකරුවා බුද්ධත්වය එන්ලයිට්න්මන්ට් ලෙස ඉංගිරිසියට පරිවර්තනය කළ අයයි. කොහොමටත් ඉංගිරිසියෙන් බුදුදහම කියා දෙන්න බැහැ. බුදුහාමුදුරුවන් එකලත් සංස්කෘතෙන් ධර්මය දේශනා නොකර ජනපද නිරුක්තියෙන් දේශනා කරන්න උපදෙස් දුන්නා.

 

ජෙරොම් ප්‍රනාන්දු නටාෂා ආදීන් ගැන මගේ විරුද්ධත්වය ඔවුන් පසුපස ඇති මුදල් සම්භාරය සිංහල බෞද්ධ සංස්කෘතියට විරුද්ධ යෙදීම පිළිබඳවයි. ජෙරොම් ප්‍රනාන්දු වෙනුවෙන් වෙන් කෙරී ඇති ධනය ගැන පසුගිය දිනවල කතා කෙරුණා. නටාෂාට මුදල් ඇතැයි කියා මා සිතන්නේ නැහැ. ඒත් නිෂ්පාදකයන් ගැන එසේ කියන්න බැගැ. මේ අය පරගල කාලයේ ක්‍රියා කළ ආකාරය අපට අමතක නැහැ. වගේ පරගලය හා රනිල් අතර සම්බන්ධයත් අපට අමතක නැහැ.

 

ඉන්දික තොටවත්ත ජ්‍යොතිෂයට එකතු කළ දෙයක් ගැන මා දන්නේ නැහැ. ඔහු ථෙරවාදය ගැනත් ප්‍රශ්න කරනවා ඇති. ගැන ඊනියා බුද්ධිමය සංවාද කරන්න අවශ්‍ය කියාත් මා හිතන්නේ නැහැ. සංවාදවලින් මිනිසුන් වෙනස් කරන්න බැරි බව මා තේරුම් ගෙන බොහෝ කල්. පේරාදෙණි මොටවෙ ඉන්න කාලෙත් මා ගැන දැන හිටියා. එහෙත් ඔහු පිටුපස සිංහල ථෙරවාදී බෞද්ධ සංස්කෘතියට වින කිරීමට අදහස් කරන පුදගලයන් ක්‍රියාත්මක වෙනවා කියා මා හිතන්නේ නැහැ.

 

ඔහුගේ ප්‍රකාශවල දේශපාලන අර්ථයක් නැතැයි මා කියන්නේ නැහැ. ඔහු දැනුවත් කළත් නැතත් එහි යම් දේශපාලන අර්ථයක් ඇති වෙනවා. නබි නායකතුමන් ගැන කළා කියන ප්‍රකාශයෙත් දේශපාලනයක් මතු වෙනවා. සංස්කෘතික ප්‍රශ්න දේශපාලනයෙන් වියෝවන්නේ නැහැ. නබි නායකතුමන් බාල වයස්කාරියක් විවාහ කර ගැනීම වරදක් නැත් කියා වත්මන් ක්‍රිස්තියානි විවාහ නීති අනුව නිගමනය කරන්න බැහැ. එක් සංස්කෘතියක ඇති වටිනාකම් පිළිගැනීම් වෙනත් සංස්කෘතිය සිට ප්‍රශ්න කරන එක වැරදියි. එකල තිබූ සංස්කෘතිය අනුව නබි නායකතුමා විවාහ කටයුතු කර ගත්තා නම් ගැන ප්‍රශ්න කරන එක තේරුමක් නැහැ. අදත් ඉන්දියවේ බාල වයස්කාර දැරියන් විවාහ කර දෙනවා විවාහ කර ගන්නවා. එක් සංස්කෘතියක වුණත් විවාහ නීති කාලයෙන් කාලයට වෙනස් වෙනවා. අද බටහිර ඇතැම් රටවල සමලිංගික විවාහ නීතියට එකඟයි.

 

මෙරට සංස්කෘතියේත් සීමිත කාලයක එක ගෙයි කෑම සිදු වෙලා තියෙනවා. අනෙක් අතට රජවරු මෙරටත් පිටරටත් බහුභාර්යා සේවනයේ යෙදී තියෙනවා. අන්තඃපුර තබා ගැනීම කිසි දා ප්‍රශ්නයක් වී නැහැ. නිර්ප්‍රභූන්ට අයිතිය දිය යුතු යැයි සටන් කරනවා ? 

 

සංස්කෘතික ප්‍රශ්න අප හිතනවාට වඩා බරපතළයි. නටාෂා හා ජෙරොම් ප්‍රනාන්දු වෙනුවෙන් ඉදිරිපත් වූ අය ඉන්දික තොටවත්ත වෙනුවෙන් වැඩි වුණොත් ගැලවීම සඳහා වාක්‍යයක් දෙකක් කියාවි. මෙරට අද ඇති ප්‍රධාන ව්‍යාපෘතිය සිංහල බෞද්ධ සංස්කෘතිය නැති කිරීම. බ්‍රවුන්රිග් ව්‍යාපෘතිය අවසානය කරා ගෙන යෑම. ඉන්දික තොටවත්ත එහි වලිගයක් නො වෙයි. එබැවින් ඔහුට මානව හිමිකම් ආධාර ලැබෙන එකක් නැහැ. එහෙත් මේ සිද්ධිය ඔහුට ප්‍රසිද්ධියක් ගෙන දේවි.  දෑස් නොපෙනෙන්නන් අත් අඩංගුවට ගත් විට ඔවුන්ගේ ආවතේව සඳහා විශේෂ වැඩ පිළිවෙළක් ඇතැයි කියා සිතනවා.