Main Logo

Tuesday 3 October 2023

රාම කුමරු හා යේසුස්තුමා ගැන තවදුරටත්

 

රාම කුමරු හා යේසුස්තුමා ගැන තවදුරටත්

 

රාම කුමරු හා යේසුස්තුමා ගැන තව ලියන්න අවශ්‍යයි. මට අවශ්‍ය මගේ අදහස් පැහැදිලි කරගන්න මිස අනෙක් අයට අදහස් පැහැදිලි කරන්න නො වෙයි. මා කියන දේ එහෙම නැත්තන් හිතන දේ කීම අනෙක් අය විධියට තේරුම් ගන්නවා යන්න ප්‍රශ්නයක්. බුදු හාමුදුරුවන් දේශනා කළ දේ මා තේරුම් ගන්න විධියක් තියෙනවා. අය තම තමන් හිතන පතන විධිය අනුව, තම චින්තනය අනුව බුදු හාමුදුරුවන් දේශනා කර ඇති ධර්මය තේරුම් ගන්නවා. සමහරු නිවන සම්මාබෝධ කර ගන්නවා. එහෙම නැත්නම් දැනුම සංස්කරණය කිරීම නැති කරනවා. මට තවම එය කරන්න බැහැ.  බොහෝ විට තව කල්ප ලක්‍ෂ ගණනාවක් යාවි. එතෙක් මේ බොරු කතා ප්‍රකාශ කරාවි.

 

මා ඊයේ සඳහන් කෙළේ රාම රජු හා යේසුස්තුමා ගැන මට අදහසක්. යම් සැසඳීමක්. මා දන්නේ නැහැ සැසඳීම වෙනත් තැනක කෙරී ඇත් කියා. එසේ දැක ඇත්නම් එය මට දැන ගැනීමට සලස්වනවා නම් පින්. මා මේ ලෝකයේ ඇති දැනුම්වලින් ප්‍රකෝටියෙන් එකක්වත් දන්නේ නැහැ. ඇතැම් අය කියා තියෙනවා යේසුස්තුමා භාරතයට පැමිණි බවක්. එතුමා බෝසතාණන් වහන්සේ නමක් බවක්. මාර්ගඵල ලැබූ උතුමකු බවත්. මා කිසිවක් දන්නේ නැහැ. එසේ කීමට තරම් හේතු සාධක මට නැහැ. ඇතැමුන්ට තියෙනවා වෙන්න පුළුවන්.

 

මා එවැනි ඊනියා බාහිර හේතු සාධක මත පදනම් වෙන්නේ නැහැ. මා පදනම් වන්නේ බයිබලය හා වේද ග්‍රන්ථ මත. මා බයිබලය නම් කියවා තියෙනවා. ඒත් වේද ග්‍රන්ථ සියල්ල කියවල නැහැ. මා මෙහි සඳහන් කරන කිසිවක් ආගමිකයන්ගේ විශ්වාස ප්‍රශ්න කිරීමක් නො වෙයි. ආගමිකයන් තම තමන්ට සාපේක්‍ෂ තම ආගම්වල කියා ඇති දේ තේරුම් ගන්නවා.

 

ආගම්වල (වෛදික ඇදහීම් ඇතුළුව) හොඳ කියා දෙයක් තියෙනවා. වැරදි නිවැරදි පාපය ආදිය ගැනත් යම් අදහස් තියෙනවා. අවශ්‍ය වැරදි නිවැරදි කර යහපත් ජීවිතයක් මරණින් මතු ගත කිරීමට කටයුතු සම්පාදනය කර ගැනීමයි. අප සමහරු සසරක් ගැන විශ්වාස කරනවා. සමහරු විශ්වාස කරන්නේ නැහැ. සසරක් විශ්වාස කළත් නොකළත් ආගම්වල මරණින් මතු හොඳ යැයි කියන තැනක ඉපදීමක් ගැන කියනවා. ස්වර්ග රාජ්‍යයට යෑම වෙන්න පුළුවන්, බ්‍රහ්මන් සමග එකතු වීම වෙන්න පුළුවන්.

 

මට තේරෙන බුදුදහම අනුව නම් බෞද්ධයන් සසර කෙළවර කිරීමට බලාපොැරාත්තු වන්නේ නිවන සම්මාබෝධයෙන්. එහෙම නැතනම් නැවත ඉපදීම නැති කිරීමෙන්. නිවන යනු ස්වර්ග රාජ්‍යයක් හරි බ්‍රහ්මන් සමග එකතු වී හරි අද්වෛත වේදාන්තය අනුව බ්‍රහ්මන් හා තමන් දෙදෙනකු නොව එක් අයකු බව තේරුම් ගැනීමෙන් හරි ආදී වශයෙන් සදාකාලික පැවැත්මක් ඇති තැනක් නො වෙයි. අප නිවන් සැප කීවාට සැප විඳින නිවනක් නැහැ.

 

දුක නැති කිරීම යනු සැප විඳීමක් වන්න අවශ්‍ය නැහැ. දුක නැති කිරීම සැපතක් වන්නේ ද්විමය නැත්නම් ද්වයංගී  (binary) සංකල්පවලින් ලෝකය දකින්නන්ට පමණයි. දුක නැති කිරීමත් සමග සැපත් නැති වෙන ආකාරයක් තියෙනවා. නිවන් සම්මබෝධයෙන් පසු දැනුමක් නැහැ. කලකට පෙර ලංඩනයේ හිටපු ඉංජිනේරුවරයකු පවත්වා ගෙන යන වෙබ් අඩවියක අප බෞද්ධයන් ලෙස නොදැනුම බලාපොරොත්තු වන බව මා සඳහන් කළ විට ඔහු මගේ ලිපි පළ කිරීම නැවැත්තුවා. අය තේරුම් ගන්නා බුදුදහම මා තේරුම් ගන්නා බුදුදහම නො වෙයි.

 

කෙසේ වෙතත් විෂ්ණු දෙවියන් රාම කුමරු ලෙස ඉපදී ඇත්තේත් යෙහෝවා දෙවියන් යේසුස්තුමා ලෙස ඉපදී ඇත්තේත් ලොව එහෙම නැත්නම් ලෝක වාසීන් පාපයෙන් වරදෙන් පාපීන්ගෙන් මුදා ගැනීමට. එසේ කරන්නේ විෂ්ණු දෙවියන්  තම භවය අත්හැර වෙන්න බැහැ. එසේ අත්හැරියොත් ලෝක පාලනය කරන්නේ කවුුද? විෂ්ණු දෙවියන් හා රාම රජු එක තැනැත්තා වුවත් එකවිට දෙතැනක ඉන්න හැකියාවක් තියෙන්න ඕන. එවැනි කතා බෞද්ධ සාහිත්‍යයෙත් තියෙනවා.

 

යෙහෝවා දෙවියන් යේසුස්තුමා ලෙස ඉපදෙන්නෙත් දේව භාවයෙන් මිදී නො වෙයි. කිතුණුවන් පිතෘ පුත්‍ර ශුද්ධාත්මය යන ත්‍රිත්වය සංකල්පය යොදා ගන්නේ මේ සමගාමී පැවැත්ම තේරුම් ගන්න කියා මට හිතෙනවා. යේසුස්තුමා මිනිසුන් පාපයෙන් මුදවා ගැනීමට පැමිණියා. රාම කුමරු උත්පත්තිය ලැබුවෙත් පාපීන්ගෙන් ලොව මුදවා ගන්න. එකල රාමායනය ලියූ අයට වාල්මිකීට අනුව පාපයේ සංකේතය වූයේ රාවණ.

 

රාවණ ලංකාවෙ හිටිය නැද්ද කියන්න මා දන්නේ නැහැ. එහෙත් ඔහුගේ රාජධානිය වී ඇත්තේ ලංකාපුරය බවයි රාමායණයෙන් කියැවෙන්න. එය නගරයක්.  කුමක් වුවත් රාවණ සුරයන්ට පරාජය අත්කර දුන් අයකු බව පැහැදිලියි. රාවණ සුරයකු වූ කුවේරගේ සහෝදරයා. කුවේර සුරයකු නම් රාවණ රාක්‍ෂසයකු වන්නේ කෙසේ දැයි ප්‍රශ්න කරන්න පුළුවන්. එයට පිළිතුරක් නැතුවා නො වෙයි. රාවණගේ දෙමවුපියන්ගෙන් එක් අයකු රාක්‍ෂස වෙන්න ඇති. රාවණ කොහේ හිටියත් උත්තර භාරතීය සංස්කෘතියට අභියෝගයක් වෙලා. අභියෝගය උත්තර භාරතීයයන් පාප අභියෝගයක් ලෙස සඳහන් කර තියෙනවා.

 

මා ඉදිරිපත් කරන්නේ ගිතළු. ඕනෑම අදහසක් හිතළුවක්. අනුන්ගේ අදහස් ඉදිරිපත් කරන්නන් හිතළු කියන්නේ නැහැ. ඔවුන්ට අදහස් නැහැ.