Main Logo

Sunday 3 December 2023

අප බදු වැඩි වැඩියෙන් ගෙවන්නේ ආර්ථික පඬි නැට්ටන් නිසා

 

අප බදු වැඩි වැඩියෙන් ගෙවන්නේ බංකොළොත් ආර්ථික පඬි නැට්ටන් නිසා

 

අද අප ජාමුල ගිරේට අහුවෙලා. අපට ගැලවීමක් නැහැ. රුපියල අවපාත කරලා. රට බංකාළොත් කියා ප්‍රකාශ කරවලා. අප දැන් උත්සාහ ගන්නේ තව තවත් ණය ගන්න. දෙසැම්බරයේ ජාමුල දෙනවා කියන ණය ප්‍රමාණය ඩොලර් මිලියන හාරසිය ගණනක් පමණයි. ඉන් තෙල් නැව් කීයක් ගේනන පුළුවන් ?

 

මහා බැංකුවෙ ඉන්නෙත් පඬි නැට්ටන්. ඔවුන් මෙටාවෙ මොටාවෙ ජනමාධ්‍යයෙ හැම තැන ඉන්නවා. පඬි නැට්ටන් සාමාන්‍යයෙන් ලිබරල් සමාජවාදී ආදී වශයෙන් වර්ගීකරණයට ලක් වෙනවා. කවුරු වුණත් ඔවුන් කරන්නෙ බටහිරින් ලැබෙන අදහස්  මත වැඩ කිරීම හරි වැඩ නොකිරීම හරි. ඒත් ඔවුන්ට බටහිර වචනවලට හරි සිංහල වචන යොදා ගන්නත් බැහැ. අඩු තරමෙන් පාරිභාෂික ශබ්දමාලා පරිශීලනය කරනවා නම් යමක් ඉගෙන ගන්න පුළුවන් වෙවි.

 

උදාහරණ වශයෙන් අද ඉංගිරිසියෙන්  Theory යන්නට බොහෝ දෙනා යොදා ගන්නෙ න්‍යාය යන්න. එහෙත්  Theory යන්නට යෙදෙන වචනය ප්‍රවාද යන්නයි. න්‍යායට ඉංගිරිසියෙන් යෙදෙන්නෙ  Logic යන්න. සංකල්ප කියන්නෙ  Concepts . විද්‍යාව කියන්නෙ න්‍යායික පද්ධතියක් නොාවෙයි. විද්‍යාවෙ ඇත්තෙ ප්‍රවාද. ප්‍රවාද කියන්නෙ වැඩ කරන හිතළු. ඒත් යම් සීමිත වපසරියක වැඩ කරන්නෙ. න්‍යාය එහෙමත් නැත්නම්   Logic ගැන හෙගල් පොතක් ලියල තියෙනවා. මාක්ස් පොත විවේචනයට ලක් කළා. ඒවයෙ ඇති විද්‍යාවක් නැහැ.

 

බටහිර විද්‍යාව සාමාන්‍ය පෙළෙන් එහාට උගත් නැති හරි ගැන පොතක් පතක් කියවල හරි කල්පනා කරල ලබාගත් අවබෝධයක් නැති අය හරි මනෝ විශ්ලේෂණය වගේ විෂය විද්‍යා ගොඩට දාගන්න දඟලනවා. ඊනියා දර්ශනයත් විද්‍යාවක් නො වෙයි. කියන්නෙ විද්‍යාව කියන්නෙ මහා පම්පෝරි සහගත දැනුම් පද්ධතියක් ඊනියා සත්‍යයකට ළඟා වෙන දැනුම් පද්ධතියක් කියන එක නො වෙයි. එය බටහිර චින්තනයෙහි සංස්කරණය කෙරුණු තවත් දැනුම් පද්ධතියක් පමණයි. එහි නිරීක්‍ෂණ කෙරෙනවා. නිරීක්‍ෂණ තේරුම් ගන්න හිතළු ඉදිරිපත් කරනවා. හිතළු වැඩ කරනවා කියා බලන්න හැකිනම් පර්යේෂණ කරනවා. තාරකා විද්‍යාව වගේ ක්‍ෂෙත්‍රයක පරීක්‍ෂණ නැතුව නිරීක්‍ෂණ කරනවා. හිතළු වැඩ කරනවා නම් ඒවා ප්‍රවාද ලෙස සලකනවා. මනෝ විශ්ලේෂණයෙ එහෙම කෙරෙන්නෙ නැහැ. පොපර් කියවන්න.

 

ඔය කතාව හුඟක් ක්‍ෂෙත්‍රවලට අදාළයි.  වී ගොවිතැන කළ අයත් ඔය ක්‍රමය අනුගමනය කළා. නිරීක්‍ෂණ තේරුම් ගැනීමට හිතළු ඉදිරිපත් කිරීම හිතළු වැඩ කරනවා කියා බැලීම. අත්හදා බැලීම් කියන්නෙත් හිතළු වැඩ කරනවා කියා බැලීමක්.  බටහිර විද්‍යාවෙ කටයුතු සංවිධානාත්මක කෙරෙනවා. සඳහා විශාල මුදලක් යට කරනවා. බටහිර විද්‍යාවෙ වියුක්ත හිතළු ඉදිරිපත් කරන්න උත්සාහ ගන්නවා. ඒත් ඒක හැම තැන කරන්න බැහැ. භෞතික විද්‍යාවෙ තමයි වියුක්ත හිතළු තරමක් සාර්ථක ඉදිරිපත් කෙරෙන්නෙ.

 

ආර්ථික විද්‍යාවෙ එහෙමටවත් සාර්ථකත්වයක් නැහැ. අද මෙරට ආර්ථික අර්බුදයට ප්‍රධාන හේතුව ආර්ථික පඬි නැට්ටන්ගෙ උපදේශ. මූලික හේතුව අපේ අධිපරිභෝජනය ණයට කෑම බොරු උගත්කම ඇතුළු බොරු ෂෝක්. බටහිර විද්‍යාව න්‍යායික පද්ධතියක් කියන්නෙත් තම දායක සභා ඉදිරියේ බොරු ෂෝක් කරන පඬි නැට්ටන්. අපේ ණයට කෑම පනස්තුනේ ඉඳන් කෙරෙනවා. ඊනියා විවෘත ආර්ථිකයෙන් පස්සෙ තවත් වැඩි වුණා.

 

ණය වැඩියෙන් ගත්තෙ යහපාලන කාලෙ. ස්වෛරි බැඳුම්කර මගින් පෞද්ගලික ණය දෙන්නන්ගෙන් ඉතා අධික පොළියකට ගත් ණය. ගෝඨාභය බලයට පත්වීමෙන් පසු මේ ණය ගෙවීම ප්‍රශ්නයක් වුණා. කොරෝනා සංචාරකයන් නොපැමිණීම ප්‍රේෂණ එවීම නැවැත්වීම ආදිය නිසා ප්‍රශ්නය තවත් උග්‍රවුණා. ගෝඨාභය ණය ගැනීම නැවැත්තුවා. එහෙත් ණය ගෙවුවා. මා පසුව දත්ත ඉදිරිපත් කරන්නම්. ඔය ඩොලර් සංචිතය කියන එක මහා ප්‍රශ්නයක් නො වෙයි. අපට මාස දෙකකට අවශ්‍ය ආනයන සඳහා ඩොලර් සංචිත තිබී ඇත්තේ කලාතුරකින්.

 

අප ඩොලරය එක මට්ටමක පවත්වාගෙන ගියා. ජාමුල එයට අකමැති වුණා. ඔවුන් අනුව යන පඬි නැට්ටන් රුපියල පා කරන්න උපදෙස් දුන්නා. ජාමුලෙ වැඩ කළ නන්දලාල් වීරසිංහ ඇවිත් රට බංකොළොත් කිවුවා. අප ජාමූල ගිරේට අහුවුණා. ඩොලරය රුපියල් දෙසීය ගණනේ සිට තුන්සීය ගණනකට ඉහළ ගියා. පාවෙලා ගියා.

 

දැන් අප භාණ්ඩ ආනයනය කරන්න රුපියල්වලින් වැඩිය ගෙවන්න ඕන. රජයට රුපියල් මූද්‍රණය කරන්න බැහැ. ජාමූල මුදල් මුද්‍රණය කරන්න දෙන්නෙ නැහැ.  ඩොලර් ණය ටිකක් දෙසැම්බරයේ ලැබේවි. එය කිසිසේත් ප්‍රමාණවත් නැහැ.  ආනයනය සඳහා ඩොලර් ලබා ගැනීමට  ආණ්ඩුවට වැඩියෙන් රුපියල් ඕන. ආණ්ඩුව රුපියල් හොයා ගන්න බදු වැඩි කරනවා. බඩු මිල ඉහළ යනවා. සාමාන්‍ය මිනිසුන්ට ජීවත්වීම ප්‍රශ්නයක් වෙලා. ආණ්ඩුව වැටුපකින් නොව ස්ථාවර තැන්පත්වලට ලැබෙන පොළියෙන් පමණක් ජීවත්වන අප වැන්නන් අමාරුවේ දානවා. පොළිය අඩු කරලා. මදිවට පොළියෙන් 5%ක් බදු වශයෙන් අය කර ගන්නවා.

 

මේ ආර්ථික පඬි නැට්ටන්ගේ උපදෙස් නිසා සිදුවෙන දේ. ආර්ථික පඬි නැට්ටන් මහා බැංකුවෙ හිටියත් මෙටාවෙ හිටියත් මොටාවෙ හිටියත් දන්නෙ ජාමුල ඇතුළුව බටහිරින් ලැබෙන කතා කියවන එකත් අනුව වැඩ කරන්නත් පමණයි. අද වන විට ජාමුල පමණක් නොවෙයි තියෙන්නෙ. බ්‍රික්ස් සංවිධානයෙ නව සංවර්ධන බැංකුව (New Development Bank) කියා එකකුත් තියෙනවා. මා හිතනවා අප නව නොබැඳි පිළිවෙතක් අනුගමනය කරන්න ඕන කියා. එය ආර්ථික නොබැඳි පිළිවෙතක්.

 

ජාමුල අවසාන වශයෙන් කරන්නෙ අප තව තවත් වට්ටවා බටහිර රටවල් ශක්තිමත් කරන එක. ජාමූල ප්‍රතිපත්ති සකස් කරන්නෙ සඳහා. එහි දී ඔවුන් ඊනියා ආර්ථික විද්‍යා කතා අපට කියා දෙනවා. ඒවා සුරංගනා කතා පමණයි. 

 

ජාමූල සම්බන්ධකම් එක් සැණින් නවත්වන්න කියා මා කියන්නෙ නැහැ. අප නව සංවර්ධන බැංකුව සමගත් සම්බන්ධකම් ඇති කර ගන්න ඕන. අතර අප අපනයන වැඩි කරන ක්‍රම අනුගමනය කරන්න ඕන. අපට මියන්මා වැනි රටවල් සමග ද්විපාර්ෂික සංවර්ධන වැඩ පිළිවෙල් ඇති කර ගන්න පුළුවන්. අප දෙරටට වැඩ දායක අපනයන ප්‍රතිපත්ති සකස් කර ගන්න ඕන. අප නිල වශයෙන් පමණයි බංකොළොත්. ජාමුල ග්‍රහණයෙන් මිදී අපට නිල වශයෙනුත් බංකොළොත් නොවී ඉන්න පුළුවන්. සඳහා අර්ථික පඬි නැට්ටන් ඔවුන් හිටපු තැන්වලට යවන්න ඕන.