Main Logo

Friday 1 December 2023

රනිල්ගෙ වැදගත්කම

 

රනිල්ගෙ වැදගත්කම

 

පහුගිය දා රනිල් වැදගත් ප්‍රකාශයක් කරල තිබුණා. උගත් ජඩමාධ්‍යවේදීන්ට මගහැරෙන්න ඇති. මෙරට ජඩමාධ්‍යවේදීන්ගේ හැකියාව මා හොඳාකාර දන්නවා. ඔවුන් යමක් ඉතා ගැඹුරට හදාරණවා දන්නේ නැහැ. ඔවුන් අධ්‍යාපනය නම් හදාරණවා. අතර ඔවුන් වැනි වචනවල ශබ්දය ඉංගිරිසි ඔෆ් හි ශබ්දය ආකාරයෙන් උච්චාරණය කරනවා.

 

රනිල් කිවුවෙ තමා ජනාධිපති නූණ නම් ණය ගෙවීම් ඔවුන් කියන බර වචනය යොදා ගත්තොත් ප්‍රශස්තකරණය කරගන්න බැහැ කියලා. රනිල් එතරම් දක්‍ෂයෙක් ? මෙරට උපන් අසහාය රාජ්‍ය නායකයා ඔහුද? අප ඔහුට සලකනවා මදි. මා කියන්නේ ඡන්දය නොදී සිටීම හරි නැහැ කියලයි. ඒත් සාගල රත්නායක අකිල කාරියවසම් අර පිරිමි හෙදිය (හෙදා) ආදී කිහිප දෙනකු හැරෙන්න එකල එක්සත් ජාතික පක්‍ෂයෙත් හිටි බොහෝ දෙනකු ඔහු අත්හැර ගියා. ඔහුට ඡන්ද දිනන්න බැරි බව දන්න නිසා. පොහොට්ටුවේත් ලන්සා වැනි අය හැර අනෙක් අය දන්නවා. ලන්සාගේ ලන්සුව කීය කියා මා දන්නේ නැහැ.

 

කුමක් වුණත් රනිල්ගේ කතාව වැදගත්. හෙට අනිද්දා ජාමූල ඩොලර් මිලියන හාරසිය ගණනක් ණයට දෙන්න හදනවා. මෙන තරම් දෙයක් ? ඒකෙන් තෙල් නැව් කීයක් ගේන්න පුළුවන්ද කියා කවුරු හරි ආර්ථික විද්‍යාඥයෙක් අපට කියනවා ? බන්දුල ගුණවර්ධන ශූරින් වුණත් කමක් නැහැ.  ඒත් අතට මේත් අතට ආර්ථික විද්‍යාව ගැන තමයි මා කියන්නේ.

 

රනිල් දැන් ණය ගෙවන එක කල්දාගෙන. ඒක තමයි ඔය ඊනියා ප්‍රශස්තකරණය. සමහර විට පොලියත් ටිකක් අඩු කර ගන්නවා වෙන්න පුළුවන්. ඔය අර පැරිස් සංගමය වගේ සංවිධානවලින්. එත් අර රනිල් ස්වෛරි බැඳුම්කර මගින් ගිනි පොලියට ගත්ත ණය ගැන මොකද කියන්නෙ. ණයෙත් පොලිය අඩු කරන්න ගිනි පොලීකාරයන් එකඟ වේවි ? ඩොලර් බිලියන ගණන්.

 

ඔක්කොම අතුරු කාරණා. හෙට අනිද්දා රට බංකොළොත් කියල ලෝකෙට කිවුව මහා බැංකු අධිපති රට බංකොළොත් නැහැ කියන්න ඉඩ තියෙනවා. අපි ඉන් පසු ණය අරගෙන ණය ගෙවාවි. මෙහෙමත් ණයක් කියන්නේ මේ වගේ වැඩවලට.

 

රනිල් ජනාධිපති කෙරුවෙ අප ණයවලින් හිර කරලා. අපේ ණයට කෑම දිගින් දිගට සිද්ධ වෙලා හැත්තෑහතෙන් පස්සෙ එය තව තවත් වැඩි වුණෙ ඊනියා විවෘත ආර්ථිකේට පින්සිද්ධ වෙන්න. කොවිඩ් සහ සංචාරකයන් නොපැමිණීම විදේශවලින් ලැබුණු සම්ප්‍රේෂණ නැවැත්වීම ආදිය හරහාත් අපට ප්‍රශ්න ඇති වුණා. අතර ගෝඨාභය ණය ගන්න එක නවත්තලා තිබුණෙ.

 

ණය ගැනීම නවත්තන එක ඔය පැරිස් සංගමයට හා අනෙක් අයට ගැලපෙන වැඩක් නො වෙයි. ඔවුන්ට පොලියත් අවශ්‍යයි. ඔවුන්ගේ ඊනියා දියුණුව වෙනුවෙන් අපි පොලී ගෙවන්න ඕන. ජාමූල කියන්නෙ අවසාන වශයෙන් ගත්ත අප වැනි රටවල් තව තවත් දුප්පත් කර ඊනියා දියුණු රටවල් තව තවත් පොහොසත් කිරීමට ක්‍රමවේද සැලසුම් කරන ආයතනයක්. ඉන්ද්‍රජිත් කුමාරස්වාමි නන්දලාල් වීරසිංහ ආදීන් ජාමුල කියන එක කරන අය.  රට බංකොළොත් බව ප්‍රකාශ කළා  විතරක් නොවෙයි ඩොලරයේ අගය පාවෙන්න සැලැස්සුවා.

 

එහි ප්‍රතිඵලයක් ලෙස අද රුපියල පාවෙනවා. එයින් සිදු වී ඇති කාරණයක් තමයි දේශීය ණය ඉහළ යෑම. මේ ගැන විස්තරයක් පසුවට. අද ආණ්ඩුවට බදු වැඩි කිරීමට සිදු වී ඇත්තේ එක් අතකින් රුපියල අවපාත වීම නිසා. එහෙමත් නැත්නම් ජාමුලෙ අවශ්‍යතාවට රුපියල බාල්දු කිරීම නිසාත්.

 

අද මෙරට ආණ්ඩුවක් නැහැ. අප පාලනය කෙරෙන්නේ ජාමූල විසින්. ජාමුලට අවශ්‍ය විධියට රට පාලනය කිරීමට තමයි රනිල් පරගලය හරහා ජනාධිපති කර ගත්තෙ. රනිල් තියාගෙන ජාමූල අප පාලනය කරනවා. හැබැයි රනිල් කියන කතාවෙ ඇත්තක් තියෙනවා. වෙන ජනාධිපතිවරයකුට රනිල් කරන වැඩේ කරන්න බැහැ. 2022 මැයි මාසයෙ මහින්ද අගමැතිකමෙන් අස්කිරීමට කටයුතු කෙරුණෙත්   වෙනත් කිසිවකු අගමැති කම භාර ගැනීමට ඉදිරිපත් නූණෙත් ජාමූල හා බටහිර අවශ්‍යතා අනුව වෙනත් කෙනකුට කරගෙන යන්න බෑරි තත්වයකට රට පත්කර තිබූ බැවින්. රනිල් ඉදිරිපත් වුණා නොව බටහිරයන් රනිල් එතැනට දැම්මා.

 

වෙනත් කෙනකු අගමැතිකම භාර ගත්තා නම් බටහිරයන් අප තව තවත් තද කරලා කොහොම හරි තැනැත්තා ඉවත් කිරීමට කටයුතු කරල රනිල් එතැනට ගේනවා. අද රනිල් සිංහල බෞද්ධ විරෝධි ප්‍රතිපත්තියක් අනුගමනය කරනවා. උතුරු හා නැගෙනහිර පළාත්වල සිංහල බෞද්ධ උරුමය රකින්න ඉදිරිපත් වෙන්නෙ නැහැ. බටහිරට අවශ්‍ය වන්නෙ වැඩ බැරි ටාසන් කෙනකු වූ රනිල් දිගට තියා ගන්න.

 

අද පඬි නැට්ටන්  මොන බොරු කතා කීවත් ඔවුන්ට දේශපාලන විකල්පයක් නැහැ. ඔවුන්ටත් අද තියෙන්නෙ සිංහල බෞද්ධ විරෝධයක් පමණයි. අද ජෙප්පන්ටත් සෙප්පන්ටත් ඇත්තෙ ඊනියා ධනේශිවර විරෝධයක් නොව සිංහල බෞද්ධ විරෝධයක්. ඔවුන් අවසාන වශයෙන් කරන්නේ තම වුමනාව ඉටු කරන රනිල් රැකීම පමණයි.