Main Logo

Thursday, 30 June 2022

සජිත් රනිල්දාසගෙ විරෝධතා දේශපාලනයට

 

සජිත් රනිල්දාසගෙ විරෝධතා දේශපාලනයට 

 

අද මෙරට පවතින්නේ විරෝධතා දේශපාලනයක්. එහෙමත් නැත්තන් විශ්වවිද්‍යාල (කැම්පස්) දේශපාලනයක්. එය වෘත්තීය සමිති දේශපාලනයකට නෑකම් කියන දේශපාලනයක්. බලය ලබා ගැනීමට කරන දේශපාලනයක් නැහැ. ආණ්ඩුවටත් බලය රැක ගැනීමට කරන්න තරම් දෙයක් නැහැ. ආතල්ගම ඊනියා අරගලය පුස්සක් වෙලා ක්‍රිකට් ක්‍රීඩාංගනයෙන් ක්‍රීඩාංගනයට සටන් පාඨය, ගෝටා ගෝ හෝම් යන්න, ගෙනියනවා. ඔවුන්ට ඕස්ත්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම සමග ඕස්ත්‍රේලියාවට යන්න පුළුවන්.

Wednesday, 29 June 2022

අනුරාධපුරයට විදේශ ආධාර ලැබුණෙ නැහැ

 අනුරාධපුරයට විදේශ ආධාර ලැබුණෙ නැහැ

 

ඊයේත් පෙරේදාත් අප සිටියේ අනුරාධපුරයේ. ඊයේ ලිපිය ලිවීමට වෙලාවක් තිබුණේ නැහැ. අනුරාධපුරය කියන්නේ ලෝකයේ පැරණි ම නගරයක් නැත්නම් පුරයක්. මහාවංසය කියන විධියට අනුරාධපුරය ඉතා සැලසුම් සහගත ව ඉදිකරන ලද්දක්. එමෙන් ම එය අවුරුදු දහසකට වැඩි කලක් ලංකාවේ අගනුවර ව පැවතියා. එවැනි අගනුවර ලෝකයේ එතරම් නැහැ. අප අමතක කළත් ලෝකයේ ඓතිහාසක වශයෙන් පැරණිම වෘක්‍ෂය ඇත්තේ අනුරාධපුරයෙයි. ඒ ශ්‍රී මහා බෝධීන් වහන්සේ. ඓතිහාසික වශයෙන් කියන එකේ තේරුම ඒ පිළිබඳ ව ඓතිහාසික වාර්තාවක් තිබෙනවා  කියන එකයි. ඊට වඩා පැරණි ගස් ඇති. එහෙත් ඒ පිළිබඳ ඓතිහාසික සටහන් නැහැ.

Monday, 27 June 2022

රනිල්දාසගෙ වාසනාව

 රනිල්දාසගෙ වාසනාව 


රනිල්දාස ඉතා වාසනාවන්ත දේශපාලන නායකයෙක්. ක්වොන්ටම් ජාගොඩත් වාසනාවන්ත දේශපාලනඥයෙක්. ඔවුන් කිසි දා බලයට පත්වන්නේ නැහැ. එබැවින් බලයට පත්වුණොත් අහවල් දේ කරනවා කියා කියන්නත් බලයේ සිටින අයගේ වැරදි කියන්නත් ඔවුන්ට කිසිම බයක් පැකිළීමක් නැහැ. සාමාන්‍යයෙන් දේශපාලනඥයන් බලයේ නැති විට පොරොන්දු දෙන්නත් බලයේ ඉන්නවිට පොරොන්දු කඩන්නත් දක්‍ෂයන්. පොරොන්දු දීම ප්‍රශ්නයක් නො වෙයි. එහෙත් පොරොන්දු ඉටු නොකිරීීමේ දී ප්‍රශ්න ඇති වෙනවා.

Sunday, 26 June 2022

මුළු ලෝකයට ම ඉංගිරිසි දැනුම් ගහ ලබා දීම

 

මුළු ලෝකයට ම ඉංගිරිසි දැනුම් ගහ ලබා දීම

 

ඉංගිරිසින් ඇති කළ අධ්‍යාපනය අද ලෝකය පුරා ආධිපත්‍යවාදීව  පතුරුවලා. ඉංගිරිසින් විසින් වර්ධනය කෙරුණේ යුරෝපයේ, විශේෂයෙන් ම බටහිර යුරෝපයේ බිහිවුණු අධ්‍යාපනයක්. එහි මුල ඇත්තේ ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනයයි. ග්‍රීකයන් ඇති කළ ඇකඩමි ලයිසියම් වැනි ආයතන බටහිර යුරෝපයේ අධ්‍යාපන ආයතනවල පුරෝගාමින් කියන්න පුළුවන්. පසුව රාජකීය විද්‍යාලය නමින් හැඳින්වුණු ආයතනය මුලින් හඳුන්වනු ලැබුයේ කොළඹ ඇකඩමිය ලෙස. එය මුල සිට ම රජයේ ආයතනයක් ලෙස පැවති බවට මතයක් තියෙනවා. එහෙත් එය ද ඇංග්ලිකන් පල්ලියේ පාසලක් ලෙසයි මුලින් පිහිටුවා ඇත්තේ. රජයේ ආයතනයක් වුවත් එය ක්‍රිස්තියානි සංස්කෘතියෙ.

Saturday, 25 June 2022

ඉන්දීය බලපෑම

 

ඉන්දීය බලපෑම

 

මෙයත් කෙටි සටහනක් පමණයි. අද අපේ ආර්ථික අර්බුදයට හේතුව අවුරුදු හැත්තෑවක් පමණ අප අපේ ආදායමට වඩා වියදම් කිරීම බව අති විශාල බහුතරය පිළිගන්නේ නැහැ. විශේෂයෙන් ම  නිදහස් අධ්‍යාපනයෙන් බිහි වූ මධ්‍යම පංතියේ බහුතරය විශ්වාස කරන්නේ නැහැ. ඔවුන් අද තම දරුවන්ට බොහෝ විට මුදල් ගෙවා පෞද්ගලික පාසල්වල ඉංගිරිසි මාධ්‍යයෙන් උගන්වනවා. තමන්ට නියම තැනට යෑමට නොහැකි වූයේ සිංහලෙන් අධ්‍යාපනය ලැබීම නිසා යැයි සිතන්නන් ද බොහෝමයි.

Friday, 24 June 2022

සිංහලයන් කහ ඇඳීම හා කහ ඇඳ ගැනීම

 

සිංහලයන් කහ ඇඳීම හා කහ ඇඳ ගැනීම

 

ඉන්දීය ඉහළ නියෝජිත පිරිසක් ඊයේ ලංකාවට ඇවිත් පැය කිහිපයකින් පසු ආපසු ගියා. ඔවුන් ජනාධිපති මෙන් ම අගමැතිත් හමුවුණා. අද ලංකාව බලවතුන්ගේ කෙළි මඬලක් වී ඇති බව පැහැදිලියි. බොහෝ දෙනා සඳහන් නොකළත් යුක්‍රේනයට පසුව ලෝක දේශපාලනයේ වැදගත් ම රට ලංකාවයි. අපට හැදෙන්න හරි නැතිවෙන්න හරි අවස්ථාවක් ඇවිත් තියෙනවා. හැදෙන්න නම් කළ යුත්තේ සිංහල බෞද්ධ රාජ්‍යය නැවත පිහිටුවීමයි. අමතක කරන්න එපා නැවත පිහිටුවීම මිස පිහිටුවීම නො වෙයි. එය කොහේවත් නැති, නොතිබූ සමාජවාදයක් ඇති කරනවා වගේ නො වෙයි. අද ඊනියා මාක්ස්වාදීන් පශ්චාත් මාක්ස්වාදීන් කරන්නේ මාක්ස්වාදය නමින් කොමියුනිස්ට්වාදයක් පංති අරගලයක් නැති බහුබූතයක් ගැන බටහිරයන් කියන දේ තමන්ට තේරෙන අයුරින් ගිරවා දැමීම පමණයි.

 

Thursday, 23 June 2022

ආතල්ගම නව වටයේ සාමකාමී මානව අයිතිවාසිකම්

 

ආතල්ගම නව වටයේ සාමකාමී මානව අයිතිවාසිකම්

 

 

ආතල්ගම නව වටයක් ආරම්භ කරල ගෝඨාභය  පුටුවෙ තියලා ගෙදර ගිහිල්ලා. වමාලා සුපුරුදු පරිදි නිර්මාලාප හා නර්මාලාප කියවනවා. ඔවුන්ට සකර්බර්ග් අනාථ කඳවුර තියෙන කම් ප්‍රශ්නයක් නැහැ. අද මෙරට පවතින්නෙ අමෙරිකන් එක්සත් ජනපද හා ඉන්දියන් අණසක යටතෙ නොවුණත් ඔවුන්ගෙ කැමැත්ත පරිදි කටයුතු කරන  රාජ්‍යයක්. මෙරට රාජ්‍යයට ඒ රටවල කැමැත්තට පිටින් ගිහින් කිසිවක් කරන්න බැහැ. අප ඒ රටවල අණසකට  තවම යටත් නැහැ. එහෙත් රනිල් තව කලක් අගමැති වෙලා හිටියොත් අප ඔවුන්ගෙ අණසකට යටත් වේවි. රනිල් අගමැති වුණෙත් ඔවුන්ගෙ අවශ්‍යතාවට.