ඉන්දීය විරෝධය හා සංඝාඥාව
පළමුව පෞද්ගලික කරුණක්. මෙරට මහාචාර්යවරුන්ගේ තත්වය පිළිබඳ සාකච්ඡාවක් මෙටාවෙ කෙරෙනවා. ඇතැමකු එයට මාත් ඇද ගන්න හදනවා. මට සේවාර්ජිත (සම්මානිත) මහාචාර්ය ධුරයක් නොලැබුණ බව මගේ පත්රිකාවලට උපුටා දැක්වීම් (citations) ඇත්තේ 27ක් බව සඳහන් කරනවා. මේ කිසිවකින් වැඩක් නැහැ. මා අදක්ෂයකු බව මා දන්නවා. උපුටා දැක්වීම් 27ක් තිබීමත් පුදුමයක්. මා ලියන පත්රිකා අනෙක් අයට වැඩක් ඇති ඒවා නො වෙයි. ඔවුන්ට එහි උපුටා දක්වන්න දෙයක් නැහැ. මා ලියන්නේ මට හිතෙන දේ. කළු කුහර නැහැ කියන පූර්ව පත්රිකාවකින් (pre print) කාටවත් ඇති වැඩේ මොකක් ද? ලෝකය පවතින්නෙත් නැත නොපවතින්නෙත් නැත කියන බුදුවදන මත පිහිටා භෞතිකවාදී හෝ විඥානවාදී හෝ නොවන දර්ශනයක් ගැන කියන කොට අනෙක් අයට ඇති වැඩේ මොකක් ද?