Main Logo

Wednesday 26 January 2011

බටහිර තාක්‍ෂණයේ හා නූතනත්වයේ බලකොටු බිඳ වැටීම

"බයිබලය යනු යෙහෝවා නමි දෙවි කෙනකු මිනිසකුට කී කතා සටහන් කළ පොතක් ලෙස පිළිගැනීම අපහසුවක් නැත. (එවැනි කතා අදත් ඇතැමි දෙවිවරුන් මිනිසුන්ට කීම දුලබ නොවන බව පමණක් දැනට සඳහන් කරමි.) එහෙත් යෙහෝවා යනු තවත් දෙවි කෙනකු මිස ලෝකය මැවී යැයි කියන දෙවියන් වහන්සේ නමින් හැඳින්වන්නකු නො වෙි.
බයිබලය යනු යෙහෝවා නමි දෙවියන් මිනිසකුට කී කතා අඩංගු පොත වන්නා සේ ම යේසුස් වහන්සේ ද ඇතැමි බටහිරයන් කියන පරිදි ක්‍රිස්තුස් නමි දෙවි කෙනකු විසින් යමි කාර්යයක් සඳහා මෙළොවට එවනු ලැබූ වෙනත් දෙවි කෙනකු විය හැකි ය. යේසුස් වහන්සේ හා ක්‍රිස්තුස් නමි දෙවියන් අතර වූ සමිබන්ධය යේසුස් ක්‍රිස්තුස් යන නමෙන් ද, යේසුස් ක්‍රිස්තූස්වහන්සේ වරෙක තමන් දෙවියන් වහන්සේගේ පුතා ලෙසත් වරෙක තමන් දෙවියන් වහන්සේ ලෙසත් හඳුන්වා දීමෙන් ද පැහැදිලි වෙයි."