Main Logo

Sunday 30 January 2011

රජරට වකුගඩු රෝගය හා බටහිර බංකොලොත් දැනුම

"බටහිර විද්‍යාවේ සළු පිළි එකිනෙක ගැලවෙමින් පවතියි. මේ සමිබන්ධයෙන් හොඳම සාක්‍ෂිය පසුගිය අවුරුදු හැත්තෑපහක පමණ කාලයක බටහිර විද්‍යාවේ හරිහමන් සංකල්ප එකකට වඩා බිහි නො වීම ය. බටහිර තාක්‍ෂණය ද ඉදිරියට නො යයි. අද එහි කෙරෙන්නේ ඔප මටිටමි කිරීමි කටයුතු මිස මූලික දෑ නො වෙි. අද බටහිර ක්‍රිස්තියානි නූතනත්වයට ප්‍රශ්න විසඳීමට නො හැකි ය. එයට කළ හැක්කේ ප්‍රශ්න කලමනාකරණය පමණකි. වත්මන් සමාජයේ කලමනාකරණයට ඉතා වැදගත් තැනක් ලැබී ඇත්තේත් ලංකාවෙි ද විශ්වවිද්‍යාලවල කලමනාකරණ පීඨවල අධිවෙිගී
වර්ධනයක් දක්නට ඇත්තේත් එබැවිනි. අද මෙරට ඇති බටහිර ඉංජෙි න්රු පීඨවල ද කලමනාකරණය ගැන දැඩි අවධානයක් දැක්වෙන අතර වෛද්‍ය කලමනාකරුවන්ගේ අවශ්‍යතාවක් පැන නැගෙමින් පවතියි. මුළු මහත් ලෝකය ම අද ව්‍යාජත්වය වැළඳ ගෙන ඇත. ගල් පිළිම වෙනුවට බොල් පිළිම මතු වී ඇත. එයට හොඳම උදාහරණය බටහිර භෞතික විද්‍යාවේ ශ්‍රෙෂ්ඨයකු ලෙස පුමිබනු ලැබ ඇති ස්ටීවන් හෝකින් ය. මේ සියල්ල පඬියන්ගේ වචනවලින් කියන්නේ නමි පශ්චාද් යුද තත්වයකි. එහෙත් එය ලංකාවෙි කෙරුණු ඊනියා යුද්ධයක් නො වෙි. එය ඊනියා දෙවැනි ලෝක යුද්ධය වෙයි. ඇමරිකාව බටහරි ක්‍රිස්තියානි නූතනත්වයේ නායකත්වයට පත්වූයේ ඊනියා දෙවැනි ලෝක යුද්ධයට පසුව ය. ඇමරිකානු විශ්වවිද්‍යාලවල කලමනාකරණ පීඨවලට වැදගත්කමක් ලැබුණේ ද ඇමරිකානු නායකත්වය යටතේ ය."