Main Logo

Wednesday, 19 August 2020

අම්බලමේ පිනා හා තවත් කතා



  සිංහල ලිත් ඉලක්කම්

                         

0  1    2     3      4    5   6   7    8    9




අම්බලමේ පිනා හා තවත් කතා



මගෙන් කිහිප දෙනකු ම අහල තිබුණ ජ වි පෙ අම්බලමට වළං කදක් ගෙනා පිනා කවුද කියලා. එක පිනෙක් නොවෙයි පිනාලා රාශියක් ම  වළං කදවල් ගෙනල්ලා. හැබැයි අර ළමයි සෙල්ලම් කරන වළං. ඒ වළං ඔක්කො ම අගෝස්තු පස්වැනි දා බිඳලා. දැන් පිනාලා ලොකු සාකච්ඡාවක් පටන් අරන්. ඒ වළං බින්දෙ මොක ද කියන එක ගැන නොවෙයි. වළං බිඳපු අය ගැනත් නො වෙයි. ඒ වළං හැදුවෙ කවුද කියලත් නො වෙයි. වෙන වළං හදන අය ගැන. වෙන වළං බිඳිලා නැත්තෙ ඇයි කියන එක ගැන. පිනාලට  ඒ වළං බිඳින්න පුළුවන් කියන එක ගැන. සමහර පිනාලා හිතනවා ඔවුන් ලෝකෙ ම පිනට පහළ වෙච්ච අය කියලා. පිනා කියන්නෙත් එහෙම නිසා කියල හිතනවා ද දන්නෙ නැහැ.

ඒත් ජ වි පෙ අම්බලම අයිතිකරුවන්ට වගේ වගේක් නැහැ. ඔවුන් බලන්නෙ තව පිනාල එයි ද කියල. ඒ නාවත් ඔවුන්ට කමක් නැහැ. අම්බලම පුරා විද්‍යාවෙ ගැසට් කරල ද කියල වළං හදපු මනුස්සයා ඇවිත් අහල. අයිතිකාරයෙ ඒක දන්නෙත් නැහැ. ඒක නගරාධිපතිගෙන් අහන්න කියල වළං හදන මනුස්සයට කියල වෙන වළං හදන මනුස්සයකුට විරුද්ධ ව විශ්වාසභංගයක් නගරාධිපතිට භාර දීල. මේක හතර බීරි කතාවක් කියල හිතෙනව නම් අම්බලමට ම ගිහිල්ල බලන්න. 

මා හිතන්නෙ ටික කාලෙකට ඉස්සර පදනම් ආයතනයෙ ජාතික සංවිධාන රැස්වෙච්ච වෙලාවක මා කිව්ව මීළඟට පත් වෙන ආණ්ඩුව (ඒ කියන්නෙ දැන් පත්වෙලා තියෙන ආණ්ඩුව) නව ව්‍යවස්ථාවක් ගෙන්න සුදුසු නැහැ කියල. මට මතක හැටියට ගෝඨාභය රාජපක්‍ෂ ඒ රැස්වීමට ඇවිල්ල කලින් ගිහින් තිබුණ. මේ පාර්ලිමේන්තුව ලවා ජාතිකත්වය මත පදනම් ව ව්‍යවස්ථාවක් සකස් කර ගන්න බැරි බව මා එදා දුටු නිසයි එහෙම කිවුවෙ. ඒ අදහස වෙනස් කර ගන්න තරම් දෙයක් වෙලා නැහැ. මා එදා කිවුවෙ මේ පාර්ලිමේන්තුවට එවන්න බැරි නිසා ඊළඟ පාර්ලිමේන්තුවට එවැන්නක් කළ පිරිසක් එවමු කියල. 

මේ ආණ්ඩුවෙන් නව ව්‍යවස්ථාවක් සකස් කරනවාට මා විරුද්ධ නැහැ. එහෙත් එය ජාතිකත්වය මත පදනම් වූ ව්‍යවස්ථාවක් වෙන්නෙ නැහැ. ඒ නව  ව්‍යවස්ථාව වුණත් ටින්කරින්  වැඩක් තමයි. ඒක අවුරුද්දකින් කරනවා ද දෙකකින් කරනවා ද කියන එක ඒ නිසා ප්‍රශ්නයක් වෙන්නෙ නැහැ. ඒ මොනව වුණත් මොන ටින්කරින් වැඩක් කළත් ඒකෙන්, ඒ කියන්නෙ අදාළ සංශෝධනයෙන් ද්විත්ව රටවැසියන්ට මැති ඇමතිකම් පරිපාලන සේවයේ තනතුරු විදේශ සේවයේ තනතුරු,  තානාපති කම්  වැනි රටට එකහෙළා පක්‍ෂපාතීත්වය  තියෙන්න ඕන තනතුරුවලට පත්වන්න බැරි විධියට නීති හදන්න ඕන. එහෙම නැත්නම් ඇලුම් ගැටුම් සිදු වෙන්න ඉඩ තියෙනවා. 

සුවාදීන කොමිසම් නම් සතපහක වැඩක් නැහැ. සුවාදීනයන් පත්කරන්න නම් ඒ කොමිසම් හොඳයි. ඒ වගේ ම ජාතික ආණ්ඩු අවශ්‍ය නැහැ. ජාතික ආණ්ඩු කතාව ගෙනාවෙ ඇමතිකම් ගණන මුල දී 30 කරල ජනතාව රවටල පස්සෙ වැඩි කරන්න. අවශ්‍ය නම් සභාග ආණ්ඩු හදන්න පුළුවන්. එහෙම හදල තියෙනවා. ඒත් මොන සභාගෙ හැදුවත් ඇමතිකම් ගණන 30ට අඩුවෙන්න ඕන කියල නම් වගන්තියක් තියෙන්න ඕන. 30ත් වැඩි වගේ කියල හිතෙනවා. මොන ආණ්ඩුව හැදුවත් ඇමතිවරු සංඛ්‍යාව තිහට අඩු වෙන්න ඕන. 

ජනාධිපතිට ඇමති ධුර දරන්න බැහැ කියන එක වැඩකට ඇති කතාවක් නො වෙයි. ඒ ජනාධිපති පාර්ලිමේන්තු එන්නෙ නැති නිසාලු. අදාළ අමාත්‍යංශ සම්බන්ධයෙන් ප්‍රශ්න අහන්න බැරි වෙනවලු. ප්‍රශ්නවලට උත්තර දෙන හැටි අපට ඇහිලා තියෙනවා. අනෙක් අතට ජනාධිපති පාර්ලිමේන්තුවට වග කියන්න ඕන කියල වගන්තියක් තියෙනව. එහෙම වුණයි කියල ජනාධිපති පාර්ලිමේන්තු එන්නෙ නැහැ නිතර. 

යම්කිසි අමාත්‍යාංශයකට ඇමති කෙනකු පත් නොකර හිටියොත් මොක ද වෙන්නෙ. ඒක නිකම්ම ජනාධිපති යටතට පත්වෙනවා. අද ආරක්‍ෂක අමාත්‍යාංශයට වෙලා තියෙන්නෙ ඒකයි. ඒ නිසා ඒ අමාත්‍යාංශය නීතියට එකඟ ව ම ජනාධිපති යටතට පත් විය යුතු ය කියල ව්‍යවස්ථාව සංශෝධනය කරන එක හොඳය කියල මට හිතෙනවා. ජනාධිපති යටතට ආරාක්‍ෂක අමාත්‍යාංශය වගේ ම බුද්ධශාසන අමාත්‍යාංශයත් පැවරෙන්න ඕන. රට ආරක්‍ෂා කිරීමත් බුදු සසුන ආරක්‍ෂා කිරීමත් ව්‍යවස්ථාවෙන් ම රජයකට පැවරිලා තියෙන දේ. එය ජනාධිපති යටතෙ තමයි තියෙන්න ඕන. රජයේ ප්‍රධානියා හැටියට ඒ වගකීම ජනාධිපතිට පැවරීමට  විරුද්ධ වෙන්න බැහැ. 

ප්‍රශ්නයක් ඇහැවුවොත් රාජ්‍ය ඇමති (ඒ තනතුර ව්‍යවස්ථාවෙ නැහැ) ලවා පිළිතුරක් දෙන්න පුළුවන්. ප්‍රශ්නය වැදගත් කියල ජනාධිපතිට හිතෙනව නම් තමා ම පාර්ලිමේන්තු ඇවිත් උත්තර දෙන්න පුළුවන්. මේ ප්‍රශ්න ඇහීම් කතා ව නිකම් නොකෙරෙන වෙදකමට කෝඳුරුතෙල් හෙවීමක්. 

ඩී එස් සේනානායක අගමැති වෙලා ඉන්න කාලෙ ආරක්‍ෂාව සැපයුවෙ එංගලන්තෙන්. එහෙම කියල දැනුත් එංගලන්තෙට දෙන්න නෙවෙයි මා කියන්නෙ. සේනානායකලත් ඉංගිරිසිනුත් ඒ කාලෙ හිතුවෙ ඒ විධිය තමයි ආරක්‍ෂාව සැපයිය යුතු සුදුසු ම විධිය කියල . අප කියන්නෙ  විධායක ජනාධිපති කෙනෙක් ඉන්න මේ කාලෙ ආරක්‍ෂාව ජනාධිපති යටතෙ තිබිය යුතු ය කියලා.