Main Logo

Saturday 20 March 2021

නිවට සිංහල ඩීල් දේශපාලනඥයෝ

 

නිවට සිංහල ඩීල් දේශපාලනඥයෝ

 

මුස්ලිම් සංස්කෘතික ව්‍යාප්තවාදීන්, අපට සංකල්ප හා ප්‍රවාද තනා අප මත පටවන ඊනියා ජාත්‍යන්තර බුද්ධිමතුන්, එංගලන්තය ප්‍රමුඛ බටහිර ක්‍රිස්තියානි රටවල්, බෞද්ධ සංස්කෘතියට මතුපිටින් පමණක් ගරු කරන ඉන්දීය හින්දූ කෞටිල්‍යයන්, අරාබිකරයේ ඇතැම් මුස්ලිම් රටවලින් මුදල් ලබන මෙරට මුස්ලිම් බැතිමතුන්, සිංහල බෞද්ධ පවුල්වල ඉපිද යම් සමාජයීය හේතුවක් නිසා හෝ වෙනත් කරුණක් නිසා හෝ බටහිර ක්‍රිස්තියානි මතවාද පිළිගනිමින් සිංහල බෞද්ධ සංස්කෘතිය හෙළා දකින පඬිනැට්ටන් , සියල්ල දත් ජනමාධ්‍යවේදීන්ගෙන් ඉතා වැඩි පිරිසක්, සමස්තයක් ලෙස ගත්කල ඊනියා උගතුන් ආදීන් සියලු දෙනා එකතු වී නිදහසින් පසු කර ඇත්තේ මෙරට සිංහල බෞද්ධ සංස්කෘතියට තිබූ සුවිශේෂත්වය නැති කර ගැනීමයි. සිංහල බෞද්ධ රට සර්වාගමික රටක් බවට පත් කිරීමට මේ සියලු දෙනා සමත් වී තිබෙනවා. මා ඉතා පැහැදිලිව කියන්න ඕන මෙවර මියන්මාහි පැවැත් වූ අපේ නිල ජාතික දිනය සැමරීමේ උත්සවය සර්වාගමික නොවූ බවත් එය මියන්මා භික්‍ෂූන් වහන්සේගේ සහභාගිත්වයෙන් පැවැත් වූ සිංහල බෞද්ධ උත්සවයක් වූ බවත්.

 

පසුගිය හැත්තෑතුන් වසරක කාලයෙහි අප කර ඇත්තේ සුද්දන් අපට ඉතිරි කර තිබූ කොන්දේ සුළු කොටසත් කඩා බිඳ දැමීමයි. නිදහස් අධ්‍යාපනයත් එයට විශාල වශයෙන් දායක වී තියෙනවා. නිදහස් අධ්‍යාපනයෙන් කෙරී ඇත්තේ බටහිර ක්‍රිස්තියානි නූතනත්වය තුළ කිහිප දෙනකුට සමාජයේ ඉහළට යෑමට අවස්ථාව සලසා දීමයි. පෞද්ගලික ව ඉන් ඒ ඒ අයට යහපතක් වෙන්න ඇති. එහෙත් සමස්තයක් ලෙස රටට වී ඇත්තේ හානියක්, සිංහල බෞද්ධයන්ගේ කොන්ද සම්පූර්ණයෙන් ම කඩා දැමීමක්. නිදහස් අධ්‍යාපනයෙන් අපට ලබා දෙන්නේ බටහිර අධ්‍යාපනයක් මිස සිංහල බෞද්ධ අධ්‍යාපනයක් නො වෙයි.

 

මුස්ලිම් සංස්කෘතික ව්‍යාප්තවාදයට බටහිරින් දෙයාකාරකට ආධාර කෙරෙනවා. එක් ක්‍රමයකට එංගලන්තය ප්‍රමුඛ රටවල් වහාබ්වාදය මෙහෙයවමින් මුස්ලිම් ජාතිවාදය තව තවත් ප්‍රහාරාත්මක කරනවා. අරාබිකරයේ සමහර රටවල් ද එංගලන්තය විසින් මෙහෙයවනු ලබනවා. අනෙක් අතට නෝර්වේ ප්‍රමුඛ බටහිර රටවල් මුස්ලිම් ව්‍යාප්තවාදයට එරෙහිව සිංහල බෞද්ධ ව්‍යාපාර මෙහෙයවනවා. මුස්ලිම් සිංහල අරගලයක් ඇති කර සිංහලයන්ට වරද පැටවීම එහි අරමුණයි.

 

මේ කාරණයට තවත් කොටසක් පටලැවී තියෙනවා. ඒ බෝන් අගේන්. ඔවුන් සාම්ප්‍රදායික ක්‍රිස්තියානි පල්ලිවලටත් විරුද්ධයි. ඔවුන් ද මුස්ලිම් අන්තවාදීන් මෙහෙයවනවා. පසුගිය දා සිදු වූ පාස්කු ප්‍රහාරයට බෝන් අගේන් සම්බන්ධයක් ඇති බව පෙනී යනවා. මේ සියල්ල මැද සිංහල බෞද්ධයන් ප්‍රපාතයෙන් ප්‍රපාතයට යනවා. සිංහල බෞද්ධයන් ඉතිහාසය දන්නේ නැහැ. අපි තිස්සට සද්ධාතිස්ස හා ගැමුණුට දුටුගැමුණු කියන ජාතියක්. මෙහි දුටු කියන එකට විවිධ අර්ථකථන දීමට ඇතැමුන් උත්සාහ ගන්නවා.

 

අසත් සාලි දන්න ඉතිහාසයකුත් නැහැ. දහහතරවැනි සියවසේ පැමිණි ඔවුන්ට ඈත අතීතය තබා මැත අතීතය ගැනවත් දැනුමක් නැහැ. සිංහලයන්ටත් නැහැ. ඉංගිරිසින් අපට ඒ කිසිවක් උගන්වන්න හිතල නැහැ. අද අසත් සාලි කියන්නෙ අපි අපේ නීතිය අනුව වැඩ කරන්නම්  සිංහලයන් සිංහලයන්ගෙ නීතිය අනුව වැඩ කරන්න කියා. මේ කියමනේ තියෙන්නෙ සිංහලයන්ට මෙරට සුවිශේෂ තැනක් නැහැ කියන එක.

 

මෙරට නීතිය මොකක් ද? රෝම ලන්දේසි නීතිය හා බැඳුණු ඉංගිරිසි නීතිය. එතැන තමයි ප්‍රශ්නය. සිංහලයන් ඉතිහාස පාඩමේ ඉගෙන ගන්නවා ඊනියා උඩරට ගිවිසුමක් ගැන. ඒක උඩරට ගිවිසුමක් නොවෙයි සිංහල ඉංගිරිසි ගිවිසුමක් බව සිංහලයන් කී දෙනෙක් දන්නවා ද? ඒ ගිවිසුමේ ඉංගිරිසින් පොරොන්දු වුණා සිංහල නීතිය අනුව රට කරවන්න හා බුද්ධාගම හා දේවාගම රක්‍ෂා කරන්න. මේ බුද්ධාගම හා දේවාගම කියන්නෙ සිංහලයන් අදහපු සිංහල බුද්ධාගමට.  ඒ බුද්ධාගමට පැරණි ඇදහිලිත් එකතු වී තියෙනවා. මියන්මාහි බුද්ධාගම් රාශියක් තියෙනවා. ඒ ඒ ප්‍රදේශයයේ පැවති ඈැදහිලි ක්‍රම බුද්ධාගම හා මුසුවෙලා. නැත්නම් බුද්ධාගමට ඒ ඒ ඇදහිලි අවශෝෂණය වෙලා.

 

ඉංගිරිසින් එකී ගිවිසුමේ සිංහල නීතිය අනුව රට කරවන බව කියනවා.එහෙත් ඔවුන් එසේ කළේ නැහැ. ඒ වෙනුවට මුහුදුබඩ පළාත්වල ක්‍රියාත්මක වූ රෝම ලන්දේසි නීතියට ඉංගිරිසි නීතියත් එකතු කර මුළු රටේ ම ක්‍රියාත්මක කළා. සිංහල නීතිය ඊනියා උඩරට නීතියක් බවට පත්කර ප්‍රාදේශීය නීතියක් බවට පත් කරා. අසත් සාලි නොදන්නවාට මෙරට මුස්ලිම් නීතිය කුරාණයේ  නීතියක් නොව ඉංගිරිසින් පැනවූ නීති කිහිපයක්. තේසවලාමේ නීතිය කියන්නෙ ලන්දේසින් පළමුවත් ඉංගිරිසින් දෙවනුවත් අලිමංකඩින් උතුරට ආනයනය කරනු ලැබූ දෙමළ ජනතාව මත පනවන ලද මුස්ලිම් නීතියක්.

 

තේසවලාමේ මුස්ලිම් හා ඊනියා උඩරට නීති එක මට්ටමේ නීති නො වෙයි. සිංහල නීතිය (ඊනියා උඩරට නීතිය) අද ලංකාව පූුරා ක්‍රියාත්මක නූණත් එය තමයි මෙරට නීතිය. අප කළ යුතුව තිබුණේ රෝම ලන්දේසි හා ඉංගිරිසි නීති සිංහල නීතියට අවශේෂණය කිරීම. පැන වූ මුස්ලිම් නීතිය හා තේසවලාමේ නීතිය අවලංගු කිරීම.

 

මා සිංහලයන්ගේ නීවටකම ගැන කතා කළත් නිවටයන් සිංහල දේශපාලනඥයන්.  සිංහල බෞද්ධකම බලයට ඒමට දඩමීමා කර ගන්නා ව්‍යාජ පිරිසක් එක් පැත්තකින් ඉන්නවා. තවත් සිංහල දේශපාලනඥයන් පිරිසක්  මුස්ලිම් දේශපාලනඥයන් ඉදිරියේ දණ ගසා තම නිවට කම ප්‍රදර්ශනය කරමින් ඩීල් දේශපාලනයේ යෙදෙනවා.  අසත් සාලිලා අපේ ඔළුවට අත හෝදන එක පුදුමයක් ද?

 

මුස්ලිම් සංස්කෘතික ව්‍යාප්තවාදය පරාජය කිරීම අපහසු වැඩක් නො වෙයි. මොන ජාත්‍යන්තර බලපෑම් තිබුණත් ඩීල් දේ්ශපාලනයෙන් ගැලවෙන්න පුළුවන් නායකයන් අවශ්‍යයි. ඩීල් දේශපාලනය දක්‍ෂ දේශපාලනයක් නොව සිංහලයන් පාවා දෙන කුපාඩි දේශපාලනයක්. සිංහලයන් තමන්ට එකතු විය හැකි බව පෙන්වා තිබෙනවා. එය නැවතත් කළ හැකියි. කුපාඩි දේශපාලනය ඉක්මණින් පරාජය කළ යුතුයි. එහෙත් ඒ කළ හැක්කේ සිංහලත්වයක් ගැන කතා කරන දේශපාලනඥයන්ට මිස කසිකබල් මාක්ස්වාදයක් සමග මිශ්‍ර ජාතික දේශපාලනයක් ගැන කතා කරන්නන්ට නොවේ. මාක්ස්වාදය ගෑවුණු තැනක ඇත්තේ පරාජයක්.