කාදිනල් ප්‍රකාශය
බුද්ධාගමට නිසි තැන දිය යුතු බවටත් ලංකාව අනාගමික රාජ්‍යයක් නොවිය යුතු බවටත් මැල්කම් රන්ජිත් කාදිනල්තුමා කර ඇති ප්‍රකාශය වැදගත්. ලංකාවේ කතෝලික පල්ලිය ක්‍රියාකර ඇති ආකාරය දෙස බැලූ විට මේ ප්‍රකාශය එක්වර ම විශ්වාස කිරීම තරමක් අපහසුයි. එයින් කියන්නේ් ඒ ප්‍රකාශයෙන් කියැවෙන දේ කතෝලික පල්ලිය සැබවින් ම අදහස් කරන්නේ ද යන්න පිළිබඳ මට ප්‍රශ්නයක් ඇති බවයි. පෘතුගීසීන් පැමිණි දා සිට ඔවුන් කර කියා ඇති දේ බලන විට කතෝලික නායක පූජකයන් කෙරෙහි විශ්වාසයක් තැබීම අපහසුයි. පෘතුගීසි නිලධාරීන් ද මුල සිට ම අප රැවැට්ටුවා. ගෙරි හමේ කතාව මතක නේ.