Main Logo

Showing posts with label Ladak. Show all posts
Showing posts with label Ladak. Show all posts

Saturday, 30 November 2019

ස්විස් චීස් හා ඉන්දීය සමෝසා

      සිංහල ලිත් ඉලක්කම් 


ස්විස් චීස් හා ඉන්දීය සමෝසා



විදේශීය සම්බන්ධතා ගැන කරුණු දෙකක් ගැන කියන්න වෙලා තියෙනවා. පළමුවෙන් ස්විස් හුටපටය ගැන  නැවතත්. මෙරට ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඉන් කියැවෙන්නේ තානාපති කාර්යාලය විධිමත් පැමිණිල්ලක් කළ බවයි. එය කාට ද කියන එක පැහැදිලි නැහැ. එහෙත් පැමිණිල්ල කර ඇත්තේ ජනාධිපතිට, අගමැතිට හෝ විදේශ අමාත්‍යාංශයට නම් එය විධිමත් වුවත් නැතත් පැමිණිල්ලක් ලෙස භාර ගැනීමට සිදු වෙනවා.