Main Logo

Showing posts with label Nalanda University. Show all posts
Showing posts with label Nalanda University. Show all posts

Tuesday, 6 June 2017

ආසියාව පාලනයට බුද්ධාගම  


ආසියාව පාලනයට බුද්ධාගම



ඊයේ (ජූනි 05) පළ වූ ද නිව් ඉන්ඩියන් එක්ස්ප්‍රස් පුවත්පතට අනුව චීනය නාලන්දා විශ්වවිද්‍යාලය ප්‍රතිනිර්මාණය කිරීමේ කටයුත්තේ දී ඉන්දියාව පරාජය කරලා. පුවත්පතට අනුව ඉන්දියාව නාලන්දා විශ්වවිද්‍යාලය ප්‍රතිනිර්මාණය කිරීමේ කටයුත්තට අත ගසා ඇත්තේ 2007 දී මන්මෝහන් සිං ආණ්ඩුවෙන්. එහෙත් ඒ සඳහා පත්කරන ලද උපදේශකවරුන්ගේ නොසැලකිලිමත් ප්‍රවිෂ්ටය හේතුවෙන් 2014 දී නාලන්දා විශ්වවිද්‍යාලය බිහාරයේ පටන් ගෙන ඇත්තේ සිසුන් 14 දෙනකුගෙන් හා ආචාර්යවරුන් 11 දෙනකුගෙන් පමණකින්. ඒ උපදේශකවරුන් අතර නොබෙල් ත්‍යාගලාභී අමාර්ත්‍යා සිං ද සිට ඇතැයි කියැවෙනවා. එහෙත් පසුගිය මැයි මස චීනය නැන්හයි (උච්චාරණය වැරදි විය හැකිය) බෞද්ධ විද්‍යාලයට සිසුන් ඇතුළත් කරන බව ප්‍රකාශ කර තිබෙනවා. ඒ විද්‍යාලය සිසුන් 220 දෙනකුගෙන් සමන්විත ව සැප්තැම්බරයේ දී ආරම්භ කිරීමට නියමිත බව පුවත්පතෙහි සඳහන් වෙනවා.