෦ ෧ ෨ ෩ ෪ ෫ ෬ ෭ ෮ ෯
සිංහල ලිත් ඉලක්කම්
0 1 2 3 4 5 6 7 8 9
කොවිඩ් රෝගියා බටහිර වෙදකමේ හිරකරුවෙක් නොවේ
කොවිඩ් 19 ආසාදිතයන් සුව වී ගෙදර යන බව අසන්නට ලැබෙනවා. එය සතුටුදායක ප්‍රවෘත්තියක්. එහෙත් මට ප්‍රශ්නයක් තියෙනවා. මේ ආසාදිතයන් සුව වන්නේ යම් ප්‍රතිකාරයක් ලැබීමෙන් පසුව ද? කොවිඩ් 19ට ප්‍රතිකාරයක් තියෙනවා ද? බටහිර වෙදකමේ ප්‍රතිකාර නැති බව කියන්නේ බටහිර වෙදමහත්වරුන්මයි. මා කලින් දවසක ඇහුවා කොවිඩ් රෝගියකු යනු කවුද කියා. අද අහනවා මේ රෝගීන් සුව වෙනවා කියන එකේ තේරුම මොකක් ද කියන එක. සුව වෙන්න කරන ප්‍රතිකාරය කුමක් ද? බටහිර වෙදකමේ ප්‍රතිකාරයක් නැත්නම් මේ සුව වීම යනු කුමක් ද?