පාස්කු ප්‍රහාරය පිටුපස කවුද?
චමුදිත සමග සාකච්ඡාවක් කරමින් ඉන්දියාව හා පාස්කු ප්‍රහාරය ගැන කී ඛාන් කාගේ කවුද දේශපාලන පක්‍ෂයකට අයත් ද කියා මා දන්නේ නැහැ. ඔහුගේ නම රාසික් මොහොමඩ් කාදිර් ඛාන් ද යන්නවත් දන්නේ නැහැ. චමුදිත ඔහු හැඳින්වූයේ එනමින්. ඔහු කාගේවත් නියෝජිතයකු ද කියන්නත් මා දන්නේ නැහැ. එහෙත් ඔහුගේ කතාවේ පරසපර තිබුණේත් නැහැ. ඇතැම් කරුණු ඔහු අතින් විස්තර නොවන්න ඇති. එහෙත් ඔහු මෛත්‍රිපාල සිරිසේනට වඩා විස්තර කිවුව. ඇතැම් කරුණු නම් ගම් සහිතව කිවුවා. තමාට විස්තර කිරීමට නොහැකි වු ඇතැම් දේ විස්තර කිරීමට මෛත්‍රිපාල ඔහු එවුවාද කියන්නත් මා දන්නේ නැහැ. එසේත් නැත්නම් ඉන්දියන් විරෝධි බලවතකු ඔහූ එවුවා ද කියා දන්නේත් නැහැ.
