ආණ්ඩුවට උපදේශයක් දීමට මා සුදුස්සකු නොවිය හැකි ය. සිය ගණනින් ජනාධිපති උපදේශකයන් සිටින රටක මා එවැන්නකුවත් නො වේ. මේ එවැනි තනතුරක් සඳහා ඉල්ලුම් පත්‍රයක් ද නො වේ. එහෙත් රට රැකගැනීම සඳහා අපට මේ ආණ්ඩුව අවශ්‍ය බැවින් මේ කරුණු සුළුවෙන් වුවත් සඳහන් කළ යුතු ය. මේ ආණ්ඩුව පවතින්නේ ගල් තුනක් මත ය. ඒ ගල් තුන යනු විධායක ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා, ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ප්‍රමුඛ රණවිරුවන් හා සිංහල, විශේෂයෙන් ම සිංහල බෞද්ධ ජනතාවගේ අති විශාල බහුතරය ය. ඒ මිස ආණ්ඩුව පවතින්නේ ඇමතිවරුන් හෝ මන්ත්‍රීවරුන් හෝ මත නො වේ. ඔවුන් අතර දක්‍ෂයන් නැතිවා නො වේ. එහෙත් ඔවුන්ගෙන් ඇතැමකු තවමත් ආණ්ඩුවේ රැඳී සිටින්නේ ඔවුන්ට යෑමට වෙනත් තැනක් නැති බැවිනි. ආණ්ඩුව වැට්ටවීමට කළ යුත්තේ ඉහත කී ගල්තුනෙන් එකක්වත් අයින් කිරීම ය. එසේත් නැත්නම් ගල්තුන අතර පරතරයක්, පරස්පර ඇති කිරීම ය. මේ ආණ්ඩුව වැට්ටවීමට අවශ්‍ය කා හට ද? පැහැදිලිව ම ඒ එ ජා පක්‍ෂයට, ජ වි පෙරමුණට, දෙමළ ජාතික සංධානය ඇතුළු දෙමළ ජාතිවාදීනට, බටහිර රාජ්‍යවලින් යැපෙමින් බටහිරයන්ගේ මතවාද රටපුරා ප්‍රචාරය කරන ඊනියා රාජ්‍ය නොවන සංවිධානවලට, ඊනියා උගතුන්ට, විද්වතුන්ට, විශ්වවිද්‍යාල කථිකාචාර්යවරුන් බහුතරයකට, ඇතැම් වෘත්තීයකයන්ට, ඇතැම් පල්ලිවල ප්‍රභූ පූජකවරුන්ට, පල්ලි නිකායේ භික්‍ෂූන් වහන්සේට ආදීන්ට ය. ඒ මෙරට වශයෙනි. පිටරට වශයෙන් ගතහොත්, එංගලන්තය හා ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවලට, ඔවුන්ගෙන් යැපෙන ඒ රටවල වාසය කරණ විසුරුණු දෙමළ ජනයාට, ඉන්දියාවට හා ඒ රටවල ඔත්තු සංවිධානවලට ආදීන්ට ය. ආණ්ඩුව බලය බෙදා සන්ධීය රාජ්‍යයක් ඇතිකිරීමට තීරණය කළහොත් විදේශීය විජාතික බලවේග ආණ්ඩුව තාවකාලික ව රකිනු ඇත. එහෙත් දීර්ඝ කාලීනව ගතහොත් ආණ්ඩුව වට්ටවා මහින්ද රාජපක්‍ෂ හා ගෝඨාභය රාජපක්‍ෂ මහතුන් දංගෙඩියට යවනු ඇත. අද ඇතැම් භික්‍ෂූන් වහන්සේ ද විධායක ජනාධිපති ක්‍රමය අහෝසිකිරීමට අනුශාසනා කරන්නේ මහින්ද රාජපක්‍ෂ මහතා ගෙදර යැවීමට බටහිරයන්ට අවශ්‍ය බැවින් මිස රටට ඇති හිතෛශීභාවයකින් නො වේ.
මෙරට ඇත්තේ ජාතික බලවේග හා විජාතික බලවේග අතර සටනකි. විජාතික බලවේග දේශීය හා විදේශීය වශයෙන් ක්‍රියාත්මක වෙයි. ඒ බලවේග කවරේදැයි ඉහත සඳහන් කෙරී ඇත. දේශීය වශයෙන් ක්‍රියාත්මක වන විජාතික බලවේග ද මෙහෙයවනු ලබන්නේ විදේශීය විජාතික බලවේග විසිනි. විජාතික බලවේග විවිධ වසන්ත මගින් රට අස්ථායී කිරීමට උත්සාහ ගනියි. එහි දී ඉතා පැහැදිලිව ම සිංහල ජනතාව හා ආරක්‍ෂක හමුදා අතර ගැටුමක් ඇතිකරවීමට ඔවුන්ට අවශ්‍ය වෙයි. රටේ තැන තැන ඇතිවන ඊනියා උද්ඝෝෂණ ගැන අප කලින් කෙටියෙන් සඳහන් කර ඇත. මේ උද්ඝෝෂණ යනුවෙන් සඳහන් කෙරුණ ද සිවිල් නීති කඩකෙරීම් ය. මහා මාර්ග, දුම්රිය මාර්ග අවහිර කිරීම් ආදිය පැහැදිලිව ම සිවිල් නීති කඩකෙරීම් ය. ජනතාව සිවිල් නීති කඩකිරීමට ප්‍රධාන හේතුව ඔවුන්ගේ ප්‍රශ්නවලට සවන් දීමටවත් කෙනකු නො සිටීම ය. එකල ගම්සභාවේ මන්ත්‍රීතුමා හෙවත් මැම්බර් මහත්තයා ජනතාවගේ ප්‍රශ්න දැන සිටියේ ය. ඒ වෙනුවෙන් කතා කළේ ය. එහෙත් අද මැම්බර් මහත්තයා නැත. ඒ වෙනුවට ප්‍රාදේශීය සභා හා නගර සභා මන්ත්‍රීවරු, සභාපතිවරු වෙති. ඔවුහු කොට්ඨාශයක් නියෝජනය නො කරති. ඔවුන්ට කරන්නට වැඩක් ද නැත. ඔවුන්ගෙන් ඇතැමෙක් නීතිය අතට ගත් මැරයෝ පමණක් වෙති. මේ මැරයෝ පාතාලය ද, ඒ ඒ ප්‍රදේශවල සිටින ධනකුවේරයන් ද සමග එකතු වී ජනතාව පෙළති. ජනතාව තම දුක කියන්නේ කා හට ද? ඔවුහු සිවිල් නීති කඩකිරීමට පෙළඹෙති. විජාතික බලවේග ඉදිරියට එන්නේ, නැත පස්සට යන්නේ මෙවිට ය. ඔවුහු පස්සෙන් සිට ජනතාව පොළඹවති. විජාතික බලවේගවලට රටට හෙණ ගැහුවත් කමක් නැත. ඔවුන්ගේ හද උණුවන්නේ ජනතාව වෙනුවෙන් නොව ආණ්ඩුව කෙරෙහි ඇති වෛරයෙනි. ඔවුන්ට අවශ්‍ය සිංහල ජනතාව හා ජනාධිපතිතුමා අතරත් ආරක්‍ෂක හමුදා අතරත් විරසකයක් ඇති කිරීමට ය. එමගින් විවිධ වසන්ත මගින් ආණ්ඩුව වැට්ටවීමට ය. ඇතැමුන් සිවිල් නීති කඩකරන විට ආණ්ඩුවට දෑස් පියාගෙන සිටිය හැකි නො වේ. ආණ්ඩුව පළමුව පොලීසිය යොදවයි. එමගින් තත්වය පාලනය කිරීමට නොහැකි නම් හමුදාව යොදවයි. පසුගිය දා රතුපස්වල දී සිදු වූයේ කුමක් ද යන්න පැහැදිලි නැත. එහි දී නැති වූ ජීවිත පිළිබඳ අපි කණගාටුවෙමු. එහෙත් ඒ කණගාටුවෙන් ඒ තරුණයන්ගේ දෙමවුපියන්ට වැඩක් නැත. ජීවිත නැතිවීම පිළිබඳ සතුටුවන පිරිසක් ද වෙති. ඒ විජාතික බලවේග ය. ජනතාව හා හමුදාව අතර විරසකයක් ඇති විණි යැයි ඔවුහු සිතති. මේ ආණ්ඩුවේ ගමනක අවසානය යැයි ඔවුහු කියති. ඔවුහු තම විදේශීය ස්වාමිවරුන්ගේ අවශ්‍යතාව පරිදි ඊනියා ජාත්‍යන්තර කොමිසම් ඉල්ලති. ඒ හොරාගෙ අම්මගෙන් පේන ඇසීමට ය. ආණ්ඩුවට මෙහි දී පරීක්‍ෂණයක් පැවැත්වීම හැරෙන්නට කළහැකි කාර්යයන් දෙකක් වෙයි. එකක් ප්‍රාදේශීය මැර මන්ත්‍රීන්ගේ මැරබලය නැතිකිරීම ය. දෙවනුව ඔවුනට වැඩක් පැවරීම ය. ජනතාවගේ ප්‍රශ්නවලට කන්දීමට දැනට පත්වී ඇති මන්ත්‍රීවරුන්ගෙන් ඒ ඒ කොට්ඨාශයට එක් මන්ත්‍රීවරයකු බැගින්වත් නියම කිරීම ය. මේ මන්ත්‍රීවරුන් පත්වී ඇත්තේ ඔවුන්ගේ දක්‍ෂකමකට වඩා ජනාධිපතිතුමාගේ කරපිටින් බව ඔවුන්ට අමතකවීමට ඉඩදිය යුතු නො වේ. ආණ්ඩුව විධායකය, ආරක්‍ෂක හමුදා හා සිංහල ජනතාව අතර විරසකයක්, ප්‍රතිරෝධයක් ඇතිවීමට ඇති සෑම ඉඩකඩක් ම නැතිකළ යුතු ය.
අපට කොටින් පැරදවීමට හැකිවූයේ, විධායකය, ආරක්‍ෂක හමුදා හා බහුතර සිංහල ජනතාව එකට සිටි බැවිනි. ඒ ගැන විජාතික බලවේගවලට ඇත්තේ හිසරදයකි. අද රණවිරුවන්ට හා විධායකයට එරෙහිව සිංහල ජනතාව මෙහෙයවීමට උත්සාහ ගන්නේ එදා හමුදාවට කිලිනොච්චිය වෙනුවට මැදවච්චිය පෙන්නුවන් යෂ තොප්පිගල කැලෑවක් යැයි කීවුන් යෂ ඕනෑම ගොනකුට යුද්ධ කළ හැකි යැයි කීවුන් ය; කිසි දිනෙක කොටින් පරාජය කළ නොහැකි යැයි කියමින් ඊනියා සාම සාකච්ඡා පැවැත්වීමට කී නිවටයන් ය; ඒ වෙනුවෙන් බටහිරයන්ගේ මතවාද පුනරුච්චාරණය කළ පුහු උගතුන් ය; ඔවුන් ලිබරල්වාදී ගොඩේ මෙන් ම මාක්ස්වාදී ගොඩේ ද දැකගත හැකි ය. ඔවුන්ට ජාතිකත්වයක් නැත. ඔවුහු නිවට පුහු ජාත්‍යන්තරවාදීහු වෙති. අවාසනාවකට ඔවුන් ආණ්ඩු පක්‍ෂ කණ්ඩායමේ ද දැකගත හැකි ය. ඔවුන් මන්ත්‍රීන් වී ඇත්තේ ඔවුන්ගේ කසිකබල් මතවාද නිසා නොව ජනාධිපතිතුමා. රණවිරුවන් හා සිංහල ජනතාව අතර ඇති සම්බන්ධය නිසා ය. විජාතික බලවේග රණවිරුවන් කොටින් පරාජය කිරීමේ පලිය ගැනීමට සූදානම් වෙයි. එමගින් රට අස්ථායී කර මහින්ද රාජපක්‍ෂ හා ගෝඨාභය රාජපක්‍ෂ මහතුන් දංගෙඩියට යවා දෙමළ ජාතිවාදයට රට පාවාදී සිංහලයන්ට පාඩමක් ඉගැන්වීමට සැරසෙයි. ආණ්ඩුව දෙමළ ජනයා දිනාගත යුතු ය. එහෙත් ඒ සිංහල ජනතාව ඈත්කර නො වේ. ගල්තුන වඩා දුරින් හෝ වඩා නුදුරින් හෝ නොවී එකට පවත්වාගෙන යෑම ආණ්ඩුවේ ද සියළු ජාති හිතෛශීන්ගේ ද වගකීම වෙයි.
නලින් ද සිල්වා
2013-08-11
2013-08-11