Main Logo

Wednesday 12 October 2016

මඩකලපුවේ සිට


මඩකලපුවේ සිට


මා මේ ලිපිය ලියන්නේ මඩකලපුවේ ඉඳලා. මා ඊයේ මඩකලපුවට ආවේ එහි පැවති පිංකමකට හා උත්සවයකට සහභාගිවීමට. මඩකලපුවේ ශ්‍රී මංගලාරාමයේ විහාර්ධිපති පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමිපාණන් ගැන බොහෝ දෙනා අසා ඇති. මෛත්‍රිපාල සිරිසේන එම විහාරස්ථානයේ පැවැති උත්සවයකට නොපැමිණි බැවින් ඒ වෙනුවෙන් පිළියෙළ කර තිබූ ඵලකය කුළුගෙඩි පහරකින් කුඩු කෙළේ උන්වහන්සේයි. එමෙන් ම නැගෙනහිර පළාතේ මහ ඇමතිවරයා හමුවීමට ගොස් එඩිතරව සිංහල බෞද්ධ සිංහනාදයක් කෙළේත් උන්වහන්සේ. මා උන්වහන්සේ ගැන දැන සිටියත් හඳුනාගෙන සිටියේ  නැහැ. උන්වහන්සේ මා ගැන දැන සිටියේවත් නැහැ. සතියකට පමණ පෙර මට උන්වහන්සේ පූජ්‍ය බෙංගමුවේ නාලක හිමිපාණන් වහන්සේගේ පංසලේ දී මුණගැසුනා. උන්වහන්සේ එවිට මට පිංකමට හා උත්සවයට සහභාගි වීමට ආරධනා කළා. උන්වහන්සේ ගැන පැහැදීමෙන් සිටි මා ඒ ආරාධනය පිළිගෙන උන්වහන්සේට ශක්තියක් වීමට යැයි සිතා මඩකලපුවට ගියා. එහෙත් උන්වහන්සේට මගේ පැමිණීම ශක්තියක් වුනේ නැහැ. මහින්ද රාජපක්‍ෂ උත්සවයට පැමිණ සිටියා. තචත් හිටපු ඇමතිවරු පළාත්සභා ඇමතිවරු, මනත්‍රීවරු එතන සිටියා. කැපී පෙනෙන කළාකරුවන් හා කළාකාරියන් ද සිටියා. පැහැදිලිව ම ඔවුන්ගේ ශක්තිය හමුවේ මගේ ශක්තිය ගිණිය නොහැක්කක් බව උන්වහන්සේට වැටහෙන්න ඇති.


ඒ කුමක් වුවත් මා එහි දී බොහෝ දේ දැනග්තා. මංගලාරාමය අුරඹී ඇත්තේ 1927 දී පමණ. එුකල ඒ අවට  සිංහල බෞද්ධයන් විශාල සංඛ්‍යාවක් පදිංච ව සිට තිබෙබනවා. 1975 දී පමණ පංසලට පැමිණ ඇති උපාසක මහතකු මා සමග පැවසුවේ ඔහු  පැමිණි දිනවල ද සිංහල බෞද්ධයන් විශාල ප්‍රමාණයක් ඒ අවට සිටි බවයි. එහෙත් සුමනරතන හිමියන්ට අනුව අද වන විට පංසලට ආසන්න ම සිංහල බෞද්ධ පවුල පදිංචි වී සිටින්නේ කිලෝමුටර 80ක් පමණ දුරින්. 1998 දී පමණ දෙමළ ත්‍රස්තවාදීන් පන්සල් භූමියේ ම කරන ලද බෝම්බ පිපිරීමකින් හතළිස් ගණනක් මියගොස් තිබෙනවා. ත්‍රස්තවාදීන් පංසල විනාශ කරලා. සුමනරතන හිමියන්ගේ අප්‍රතිහතමියන්ගේ අප්‍රතිහත  උත්සාහයෙන් පංසල නැවත ගොඩනගා තිබෙබනවා.  මහත් බාධක මැද ඉටුකරන සේවය පිළිබඳ උන්වහන්සේට සිංහල බෞද්ධයන්ගේ ප්‍රණාමය හිමිවිය යුතුයි.

ඊයේ (එකොළොස්වැනි දා) උත්සවය පැවැත්වුනේ පංසල් භූමියේ රණවිරු ස්මාරකයක් ගොඩනැගීමට මුල්ගල් තැබීම සඳහා. පින්කම මහින්දට හා රණවිරුවන්ට සෙත්පැතීමටත් මහා සංඝරත්නයේ ආශිර්වාදය පිරිනැමීමටත්. ඒ සඳහා අම්පාර ආදී ප්‍රදේශවලින් සිංහල බෞද්ධයන් රාශියක් සහභාගි වී සිටියා. එමෙන් ම දෙමළ හා මුස්ලිම් ජනතාව ද ටික දෙනකු එහි සිටියා. සංහිඳියාවේ අඩුවක් නම් පෙනෙන්නට තිබුණේ නැහැ. උත්සවයට අරුන් තම්බිමුත්තු ද සහභාගි වුනා. ඔහු දෙමළ ත්‍රස්තවාදීන් විසින් ඝාතනය කෙරුණු සෑම් තම්බිමුත්තු හිටපු මන්ත්‍රීවරයාගේ පුතා.
සංහිඳියාවක් ඇති කරන්නට ආණ්ඩුව කියන්නේ ඇයි කියන එක ප්‍රශ්නයක්. ඊනියා සංහිඳියාවක් අමුතුවෙන් අවශ්‍ය නැහැ.   තම පැවැත්ම සඳහා සිංහල බෞද්ධ විරෝධය පතුරවන දෙමළ ජාතිවාදී දේශපාලනඥයන්ට හා ඊනියා රාජ්‍ය නොවන නමුත් බටහිර රාජ්‍යවලින් යැපෙන නිවට බත්බැළයන්ට නම් සමහරවිට ඊනියා සංහිඳියාවක් අවශ්‍ය ඇති. මේ බත් බැළයන්ට කිසිම ජන පදනමක් නැහැ. ඒත් ජනමාධ්‍යවලින් ඔවුන්ට පළල් ප්‍රචාරයක් ලබාදෙනවා. පුහු ජනමාධ්‍යවේදීන්ට තම ප්‍රබුද්ධත්වය විදහා දැක්වීමට ඒ අවශ්‍යවනවා ඇති.

මඩකලපුව කියන්නේ පැරණි රුහුණට අයත් ප්‍රදේශයක්. පැරණි රුහුණ කළු ගඟ, මධ්‍යම කඳුකරය, මහවැලි ගඟ හා ගොළු මුහුද අතර ප්‍රදේශයයි. දකුණු පළාත බෙන්තර ගඟින් දකුණට   තල්ලු කෙළේ පසුව. විග්නේස්වරන් ඇතුළු දෙමළ ජාතිවාදීන් උතුරු පළාත හා නැගෙනහිර පළාත දෙමළ ජනයාගේ නිජභූමිය යැයි කියන්නේ දෙමළ ජනයා අනාදිමත් කාලයක සිට සුද්දන් 1889 ලකුණු කළ පළාත් දෙකක ජීවත් වූ බවක් සලකමින් ද? එහෙමත් නැත්නම් ලංකාවේ අවුරුදු කිහිපයක් පමණක් ජීවත්වූ ඉංගිරිසි නිලධාරියකු වූ ක්ලෙග්හෝන්ගේ කුප්‍රසිද්ධ සටහනක් අනුව ද? මේ වාර්තා සටහන් ආදිය ගැන අප අවුරුදු විසිපහකට පමණ පෙර සිට කාලයක් තිස්සේ ලියුවා. අද ඉන්න තරුණ තරුණියන් ඒ කියවලා නැත්නම් මා පුදුම වන්නේ නැහැ. සුමනරතන හිමියනුත් ඒ කිසිවක් දන්නේ නැහැ.

මඩකලපුවේ දෙමළ ජනයා එහි පදිංචි කරනු ලැබුවේ සුද්දන් විසින් දහනවවැනි සියවසේ දී ඌව වෙල්ලස්ස ප්‍රදේශයේ සිංහලයන් 1817-18 නිදහස් සටනේ දී ඝාතනය කිරීමෙන් පසුව. ඉන් පෙර මඩකලපුවේ සිටියේ සිංහලයන් හා සිංහල රජවරුන් විසින් දහසයවැනි සියවසෙන් පසුව පදිංචි කරනු ලැබූ මුස්ලිමුන්. මහාචාර්ය ඉන්ද්‍රපාලගේ ආචාර්ය උපාධි නිබන්ධයත් කියන්නේ් මෙරට දොළොස්වැනි සියවසට පෙර දෙමළ ස්ථිර වාසස්ථාන නොතිබූ බවයි. ඒ නිබන්ධය සඳහා සබැඳියක් මේ පිටුවේ පළකළ නමුත් එය ඕස්ටේ‍ර්ලියාවේ පදිංචි  මගේ පැරණි පාසල් මිතුරකුගේ පමණක් අවධානයට යොමු වුනා. අප මේ කරුණු මාස කිහිපයකට වරක් නැවත ප්‍රචාරයකළ යුතු ද? සිංහල බෞද්ධයන් ඒ කරුණු තම ජීචිතයට ජීර්ණ කරගන්ෙැන් කවදා ද? සුමනරතන හිමියන්ට වුවත් අවශ්‍ය දැනුම නොලැබෙන්නේ ඇයි? වැඩ කරන්න දැනුම අවශ්‍ය නැහැ කියලා කියන්නත් පුළුවන්.  විග්නේස්වරන් අනාදිමත් කාලයක් උතුරු හා නැගෙනහිර පළාත්වල ජීවත්් වූ දෙමළ  ජනයා ගැන පච ප්‍රචාරය කරනවා. ඔහුගේ මුතුන් මිත්තන් ලංකාවට පැමිණියේ 1650න් පසුව බව මා කොතෙකුත් කියා ඇති නමුත් මේ පිටුව කියවන අයවත් ඒ බව දන්නවා ද?



මේ ලිපිය ද තවත් ලිපි ද මුහුණු පොතෙන් ද  කියවිය හැකි යි.
https://www.facebook.com/Nalin-de-Silva-188511888194878/

නලින් ද සිල්වා
2016 ඔක්තෝම්බර් 12